එක්සත් ජනපදය තුල පුද්ගලයෙකුට male to female හෝ female to male ශල්‍යකර්මයක් කර ගැනීමට අවශ්‍ය නම් පළමුව ඔවුන් එවැනි ශල්‍යකර්මයකට සූදානම්ද සහ ශල්‍යකර්මයෙන් පසු ජීවිතයට සූදානම් ද යන්න මානසිකව ඇගයීමකට ලක් කෙරේ.එයින් ඔවුන් සමත් නම් අදාල ශල්‍යකර්මය කර ගත හැකිය.නමුත් ඊට සාපේක්ෂව ඉන්දියාවේ කරන ශල්‍යකර්මය කිසිම ආරක්ෂාව නොමැති අතිශය වේදනාකාරී එකකි. Hijra තමන් කාන්තාවක් බව වටහා ගත් පසු ,ඔවුන් සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකට ලක්වන්නේ තරුණ වයසේදීය.එය කිසිම නිර්වින්දනයක් හෝ නොමැතිව පිහියකින් කරන ශල්‍යකර්මයකි.
මේ ක්‍රියාවලියේදී එක්සත් ජනපදයත් ඉන්දියාවත් යොදාගන්නා ක්‍රමවේදයන් අතින් එකිනෙකින් වෙනස් වේ.කෙනෙකුට ඊට හේතු ලෙස එක්සත් ජනපදය ශල්‍යවෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණික අතින් ඉන්දියාවට වඩා ප්‍රබල තැනක පසු වේ යන්න ඉදිරිපත් කල හැකිය.නමුත් ඊට වඩා ප්‍රබල හේතුව වන්නේ සමාජීය වශයෙන් කෙරෙහි තිබෙන බාධාවයි.එසේත් නැතිනම් බටහිර රටවල දී transvestites නමින් හදුන්වන මෙම පිරිසට ඇමෙරිකාව වැනි රටවල සමාජීයව පිලි ගැනීමක් තිබෙන මුත් ඉන්දියානු සමාජය තුලින් ඔවුන්ව කොන් කර දමා තිබේ.

0 Comments