වර්ජිනෝප්ල්සාටි-පිරිමියෙකුට යෝනියක් ලබාදෙන ශල්‍යකර්මය - MTF SURGERY - 01

ශිශ්න අපවර්තන ශිල්ප ක්‍රම ( Penile inversion technique )හෙවත් ශිශ්න ඉවත් කිරීමේ ක්‍රමවේදයන්



වර්ජිනෝප්ල්සාටි-VAGINOPLASTY 

VAGINOPLASTYයනු පිරිමියෙකුට නැතහොත් කෙනෙකුට ව්‍යාජ යෝනියක් ලබාදෙන ශල්‍යකර්මයයි.

ශල්‍යකර්මය සිදුකරන අයුරු

පිරිමියෙකුට යෝනියක් ලබා දෙන ශිල්පීයක්‍රම කිහිපයක් තිබෙන බව වාර්තාවී තිබේ.මෙම ශල්‍යකර්මය කිරීමේදී අවශ්‍ය පටක ලබා ගැනීමට අදාල පුද්ගලයාගේ චර්මය(සම ) හෝ බඩවැල් යොදාගැනේ.


Vaginoplasty (neovaginoplasty)හිදී සම්පුර්ණයෙන්ම සංවේදී යෝනියක් ශිශ්නයේ චර්මය සහ මුත්‍රා මාර්ගය යොදාගෙන නිර්මාණය කරයි.මෙම ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානතම වාසිය වන්නේ යෝනි මුඛය,යෝනිය සහ භමණිය නිර්මාණයට ඉවත් කරන ශිශ්නයේ සියලු කොටස්(corpora cavernosa-ශිශ්නයේ සවිවර පටක හැර ) දායක කර ගැනීමට හැකිවීමයි.

ශල්‍යකර්මයේදී ඉවත් කරන corpora cavernosa 


මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්නේ වෘෂණ ඉවත් කිරීමෙන්ය.ඉන්පසු ශිශ්නය කොටස් වලට වෙන් කරයි. එහිදී ශිශ්නයේ සවිවර පටක (corpora cavernosa)සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.ශිශ්න මුණ්ඩය ඉතා සංවේදී බව ඕනෑම පිරිමියෙක් හොඳින්ම දන්නා දෙයකි.ඊට හේතුව එහි ස්නායු රැසක් පිහිටා ඇති නිසාය.මේ හේතුව නිසාම අළුත නිර්මාණය කරන භගමණිය සඳහා මුණ්ඩය ප්‍රයෝජනයට ගත හැකිය.ඒ අනුව මුණ්ඩයට සමාන සංවේදීතාවයක් සහිත ස්ත්‍රීන්ගේ ප්‍රජනක පද්ධතියේ  පිහිටි කේතුආකාර භගමණිය නිර්මාණය කිරීමට වෛද්‍යවරු ශිශ්නයේ හිස යොදා ගනියි.

ශිශ්නයේ හිස හෙවත් මුණ්ඩය යොදාගෙන භගමණිය නිර්මාණය කරයි

ශිශ්නයේ සම යෝනි මාර්ගය නිර්මාණය කිරීමට යොදාගනියි.මුත්‍රාවාහිනී යොදාගෙන යෝනියේ ශ්‍රාවාකාර සහ ශ්ලේෂ්මල ස්‍රාවී ස්වභාවය නිර්මාණය කරයි.ඒ ඔස්සේ ඊට වැඩි සංවේදීතාවයක් මෙන්ම තෙත් සහිත ස්වභාවයක් එක් කරයි.

sacrospinous ligament

යෝනිය එල්ලා වැටීම වැළැක්වීමට sacrospinous ligamentයන කොටස උපකාර කර ගැනේ.
අවසන් වශයෙන් යෝනි තොල්,භගමණියේ ආවරණ (Clitoral hood, labia minora, labia majora )ආදිය නිර්මාණය කරන්නේ ශිශ්නයේ ඉතිරි වූ කොටස් සහ වෘෂණ කෝෂවල පටක යොදාගෙනය.

Clitoral hood, labia minora, labia majora 

මෙම ශල්‍යකර්මයෙන් පසුව කලින් කලට Vaginal Stent යන උපකරණය යොදාගෙන යෝනි මාර්ගය විස්තාරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.

Vaginal Stent
මේ ආකාරයෙන් සංවේදීත්වය  ප්‍රමාණවත්ව  ඇති යෝනියක් නිර්මාණය කරගැනේ.පසුව මෙය සාමාන්‍ය අයුරින් ලිංගික සංසර්ගයන් සඳහා භාවිතා කල හැකිය. නමුත් එය ස්ත්‍රියකට දැනෙන ලිංගික තෘප්තිය සම්පුර්ණයෙන්ම ලබා නොදෙනු ඇත.


ශල්‍යකර්මය සිදුකරන පිළිවෙල



ශිශ්නය කොටස් වලට වෙන් කරයි

ඉවත් කරන corpora cavernosa නම් සවිවර පටක

corpora cavernosa 

යෝනිය නිර්මාණයට ශිශ්නයේ සම සහ මුත්‍රාමාර්ගයේ පොත්ත යොදාගැනේ

යෝනිය නිර්මාණය කරමින්

ශල්‍යකර්මය අවසානයේදී

ශල්‍යකර්මයෙන් වසරකට පසු යෝනියේ පෙනුම

යෝනිය සාමාන්‍යය ගැඹුරත් පළලත් සහිතය




පළමු අවස්ථාව


ශල්‍යකර්මයෙන් මාස 6කට පසුව

bulbar urethra හි පහත  වැටීම                      bulbar urethra හි පිහිටීම

ශල්‍යකර්මයෙන් පසු

ශල්‍යකර්මයෙන් මාස තුනකට පසු

ප්‍රමාණවත් ගැඹුරක් සහිත යෝනි මාර්ගයක් ලබාගත හැකිය

යෝනි මාර්ගයේ ගැඹුර පිරික්සීම




දෙවන අවස්ථාව


ශල්‍යකර්මය අවසානයේ


මාසයකට පසු


යෝනියේ අවසන් පෙනුම