ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියෝ - කියාරා ෆර්නෑන්ඩස්

interview-with-Crossdresser-Kiara-Fernandz

2022 වර්ෂය ඔබ සැමගේ පැතුම් ඉටුවන සුභ වසරක් වේ යැ‍යි පතමින්,මෙම වර්ෂයේ පළමු හරස්විලාසිතා සම්මුඛ සාකච්ඡාව ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ.මා විසින් කල ඉල්ලීමක් පරිදි කියාරා ෆර්නෑන්ඩස් නම් සරාගී හරස්විලාසිනිය මේ බ්ලොග් අඩවියට වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට කැමැත්ත පළ කලා.මුලින් මම ඇයට ඒ වෙනුවෙන් ස්තුතිවන්න වෙමි.වැඩි කතා නැතිව අපි යමු ඇයගේ සම්මුඛ සාකච්ඡාව වෙත.


1.ඔබ ගැන කෙටියෙන් හැඳින්වීමක් කලොත්?

මම කියාරා ෆර්නෑන්ඩස්.මගේ වයස අවුරුදු 28ක්.මම උපන්නේ 1993 වර්ෂයේ.දැනට පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල ප්‍රදේශයේ.



2.කාන්තාවක් විදියට සැරසෙන්න ඔබට සිතුවිල්ලක් ආවේ කොයි කාලයේද?

2009 අවුරුද්දේදී.





3.හරස්විලාසිනියක් කියන්නේ කවුද කියලා ඇහුවොත් ඔබ කොහොමද පිළිතුරු දෙන්නේ?

හරස්විලාසිනියක් කියන්නේ හැඟීම්වලින් පිරුණ කෙනෙක්.මොකද එයාලට පිරිමි අයගේ වගේම ගැහැණු අයගෙත් හැඟීම් හොඳින් තේරෙනවා.හරස්විලාසිනියන් හුගක් වෙලාවට විවෘත මනසකින් යුක්ත පිරිසක්.එයාලට හොඳ අවබෝධයක් තියෙනවා සමාජය ගැන.



4.හරස්විලාසිනියන් සමාජය තුල විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.ඔබටත් එවැනි අමිහිරි අත්දැකීම් ඇති.ඒ ගැන යමක් කිව්වොත්?

ගොඩක් පිරිමි හිතන්නේ හරස්විලාසිනියක් කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා.එයාලා කියන ඕන දෙයක් කරන ,කිසිම පෞරුෂයක් නැති අය කියලා ඔවුන් හිතාගෙන ඉන්නේ.ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.හරස්විලාසිනියෝ කියන්නේ හොඳ පෞරුෂත්වයක් තියෙන,බය නැති පිරිසක්.අන්න ඒ නිසා තමයි එයාලා හරස්විලාසිතා වුනත් කරන්නේ.බහුතරයක් පිරිමින් හරස්විලාසිනියක් දැකපු ගමන් අහන්නේ ලිංගික එක්වීමකට කැමැතිද කියලා.ඔවුන් හිතන්නේ අපි ගෑණු ඇදුම් ඇද්ද පලියට ලිංගික එක්වීම්වල නිරත වෙන්න ඕනේ කියලා.





5.ඔබ පළමුවරට කාන්තා ඇඳුමකින් සැරසුණු දිනය මතකද?

මම මුලින්ම ඇන්දේ පැන්ටි එකක්.ඒක සිද්ධ වුනේ 2009 අවුරුද්දේ.ඒ නිල් පාට පැන්ටි එක අපේ ලොකු අම්මාගේ.කොයි තරම් ආසාවෙන් ඒක ඇන්දද කියනවා නම්,එදා රාත්‍රියේ මම නිදා ගත්තේ ඒ පැන්ටිය ඇදගෙන.



6.හරස්විලාසිනියන් සමාජය තුල කොන් වුන,අඩන්තේට්ටම් වලට භාජනය වන පිරිසක්.ඒකට හේතුව මොකක්ද?

සමාජය තුල තිබෙන පටු චින්තනය නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.ලෝකේ සමහර රටවල ඒ තත්ත්වය අඩුයි.





7.ඔබේ හරස්විලාසිතා ජීවිතය ලෝකයට රහසක්ද?

ඔව් .ඒක තවම රහසක්.හැබැයි මම කැමති ඉක්මණින්ම ලෝකය ඉස්සරහට එන්න.ඒකට බලපාන පුද්ගලික හේතු කිහිපයක් තියෙනවා.නමුත් මම හරස්විලාසිනියක් විදියට ගත කරන මිනිත්තුවත් ගොඩක් වින්දනය කරනවා.



8.ඔබ හරස්විලාසිනියක් වීමට හේතුව කුමක්ද?

ඒක මගේ හිතට දැනෙන දෙයක්.මට හිතෙනවා,කෙල්ලෙක් වගේ හැසිරෙන කොට,අදින කොට මට වෙනම සතුටක් හම්බ වෙනවා කියලා.





9.හරස්විලාසිනියකට ස්ත්‍රී නාමයක් අවශ්‍යමද?

මම හිතන්නේ ඔව් කියලා.ඒක සම්පූර්ණ ස්ත්‍රී නාමයක් නොවුනත් ගැටලුවක් නැහැ.ඒත් නමෙන් කොටසක් හරි ස්ත්‍රී වෙන්න ඕනේ.



10.සමාජ ජාල හරහා හරස්විලාසිනියන්ට ලැබිලා තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන ඔබ මොකද හිතන්නේ?

අපේ වගේ රටක එහෙම දෙයක් ලැබෙන එකත් ලොකු අවස්ථාවක්.අඩුම තරමේ අපිට එහෙම හරි අපේ ගැහැණුකම එලියට ගන්න පුලුවන් වෙනවා.නැත්නම් ගොඩක් පිරිමි ළමයි මේවා හිත ඇතුලේ හිර කරගෙන ඉදලා මානසික ප්‍රශ්නවලට මුහුණ දෙනවා.මම නම් පුලුවන් උපරිම විදියට අන්තර්ජාලය හරහා මගේ හැඟීම් ලෝකයට පෙන්නනවා.





11.ඔබ සාමාන්‍යයෙන් අදින කාන්තා ඇඳුම් මොනවද?

යට ඇඳුම්,ගවුම්,හැට්ට සහ ඩෙනිම් කලිසම්



12.හරස්විලාසිනියන් කියන්නේ ලිංගික සේවා සපයන්නියන් පිරිසක්.මෙහි සත්‍ය අසත්‍යභාවය කුමක්ද?

ඒක එහෙමයි කියන්න අමාරුයි.මොකද හරස්විලාසිනියක් වුන පලියට එයාලා ගණිකාවක් වෙන්න ඕනේ නැහැ.නමුත් තමුන්ගේ කැමැත්ත අනුව ඒක වෘත්තියක් කරගන්නවාද නැද්ද කියන එක ඔවුන් තීරණයට කල යුතුයි.





13.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් සඳහන් කලොත්?

මම විවාහකයි.මගේ පවුල් ජීවිතය සාර්ථකව ගෙන යන අතරේ,මගේ හරස්විලාසිතා ආශාව පුලුවන් වෙලාවට සපුරා ගන්නවා.

මම දැකලා තියෙනවා,සමහර ස්වාමිපුරුෂයන්,බිරිදගේ කැමැත්ත ඇතිව හරස්විලාසිතා කරනවා.ඔවුන් ඒ අතරින් හරිම වාසනාවන්තයි.එහෙම නොවුනා කියලා අපි අධෛර්යමත් වෙන්න හොඳ නැහැ.අපිට පුලුවන් විදියට ඒක රස විදින එක තමයි හොඳම.



14.ඔබ කාන්තා ඇඳුමින් සැරසිලා නිවසින් පිටතට ගොස් තිබේද?

යට ඇඳුම් ඇදගෙන මම එලියට යනවා.ගොඩක් වෙලාවට අදින්නේ පැන්ටි එකක්.ඒකෙන් මාව හැමතිස්සේම අලුත් වෙනවා.





15.තවම අවස්ථාවක් නොලැබුණු ,ඔබ වඩාත් ප්‍රිය කරන සිහින ඇඳුමක් ඔබටත් ඇති.ඒ ගැන කිව්වොත්?

මම අදින්න ආසම ඇඳුමක් තමයි බිකිනිය.නමුත් තවම ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ.ඒ අවස්ථාව ලැබෙනකම් මම මග බලන් ඉන්නවා.



16.ඔබ වඩාත් කැමති ඔබේ පිරිමි ස්වරූපයෙන් ඉන්නද නැත්නම් ඇග ඇතුලේ ඉන්න ස්ත්‍රී ස්වරූපයෙන් ඉන්නද?

ස්ත්‍රියක් විදියට ඇද පැළදගෙන ජීවිතය රස විදින්න තමයි මම වැඩියෙන්ම කැමති.ඒකට හේතුව මම අසා ගැහැණු කෙනෙක් වගේ හැසිරෙන්න.ඒක මට ගැහැණු ඇඳුම් නැතුවම බෑ.





17.ඔබට හරස්විලාසිනියකගෙන් ඔබ්බට ගිහින් සංක්‍රාන්තිලිංගික ස්ත්‍රියක් වෙන්න කැමැත්තක් තියෙනවද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා,නමුත් විවාහක පුරුෂයෙක් නිසා ඒක සිහිනයක් විතරයි.



18.ඇඳුම්වලට අමතරව ඔබ කෘත්‍රීම පියයුරු,කොණ්ඩා සහ අනෙකුත් පැළඳුම් පාවිච්චි කරනවද?

දැනට මම ඇඳුම් විතරයි භාවිතා කරන්නේ.





19.රූපලාවන්‍ය ගැන ඔබ උනන්දුවක් දක්වන්නේද?

මේකප් දාන්න මම හුගක් ආසයි.රෝම ඉවත් කරන්න ආසාවකුත් තියෙනවා.ඒත් පුද්ගලික හේතු නිසා එහෙම කරන්න නොහැකියි.මගේ මිතුරන් නම් කියන්නේ වැක්ස් කලොත් සම තවත් ලස්සන වෙයි කියලා.



20.හරස්විලාසිතා කරන්න ඔබ කාලය වෙන් කර ගන්නේ කොහොමද?

මම හරස්විලාසිතා කරන්නේ ,තනියෙම නිවසේ ඉන්න වෙලාවට.අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම මම යට ඇඳුම් හරි ඇඳලා වින්දනයක් ලබන්න තමයි උත්සාහ ගන්නේ.





21.ඔබේ ලිංගික ජීවිතය කෙබදු එකක්ද?

මම ගැහැණු-පිරිමි දෙපක්ෂයට ලිංගිකව ආකර්ෂණය වන අයෙක්.මොකද ඒක රසවින්දනයන් දෙකක්.



22.ඔබ හරස්විලාසිතා කරද්දි අනුකරණය කරන අයෙක් ඉන්නවද?

නැහැ.මම තනියෙම හිතලා මගේම ස්ටයිල් හදාගන්නවා.





23.ඔබ නිල් චිත්‍රපට ගැන දක්වන උනන්දුව කෙබදුද?

මම නිල් චිත්‍රපට නරඹනවා.කැමතිම එළිමහන් දර්ශන සහ සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන්ගේ චිත්‍රපට නරඹන්න.



24.හරස්විලාසිතා ඔබේ ජීවිතයට බලපාලා තියෙන්නේ කොහොමද?

මගේ මානසික සුවතාවයට හරස්විලාසිතා ඉවහල් වෙනවා.ප්‍රශ්නවලින් ඔලුව නිදහස් කරගෙන සැහැල්ලුවෙන් ඉන්න මම හරස්විලාසිතා පාවිච්චි කරනවා.





25.ඔබේ හරස්විලාසිතා ජීවිතයේ අමතක නොවන අත්දැකීම් මොනවද?

අමතක නොවන අත්දැකීම් විදියට හොඳ මිතුරන් පිරිසක් ලැබුණා.ඔවුන් ගොඩක් වෙලාවට මාව දිරිගන්වනවා,විවිධ අදහස් දීලා මාව පොළඹවනවා.



26.හරස්විලාසිතාකරණයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සම්පත් දායකයන් විදියට මොනවද ඔබට හඳුන්වලා දෙන්න පුලුවන්?

ඒ ගැන නම් මට අදහසක් නෑ.





27.ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්?

හරස්විලාසිනියක් විදියට ලෝකය හමුවේ තව තවත් නිරාවරණය වෙන්න තමයි මම කැමැති.



28.අවසන් වශයෙන් ඔබට හරස්විලාසිතා ප්‍රජාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ?

ඔයාලා කිසිම වෙලාවක හිතින් වැටෙන්න එපා.තියෙන එකම ඇඳුම වුනත් ලස්සනට,පිළිවෙලට අදින්න.ලෝකය කියන දේවල් ඔලුවට අරන් තමන්ගේ ආසාවල් නැති කරගන්න එපා.කරන හැමදෙයක්ම පරිස්සමට කරලා සතුටින් ජීවත් වෙන්න.

අවසන් වශයෙන්,මගේ අදහස් ලෝකයට කියන්න අවස්ථාව ලබා දුන් මේ බ්ලොග් අඩවියේ හිමිකරුට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.



Post a Comment

0 Comments