රත්නපුර අවට සමලිංගික ඔබට කදිම අවස්ථාවක්

Free-condoms-and-lubricant-in-ratnapura-town

පිරිමින් අතර සමලිංගික සම්බන්ධකම් ඉහළ යෑම හමුවේ මේ වනවිට ඒඩ්ස් රෝගීන් විශාල වශයෙන් වාර්තාවෙමින් ඇත.ඒඩ්ස් වැනි ලිංගාශ්‍රිත රෝග බොහොමයක් සම්ප්‍රේෂණය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා හේතුවෙනි.මෙවැනි රෝගවල ගොදුරක් නොවීමට නම් ඔබ කල යුත්තේ ඔබේ ලිංගික සබදතා විශ්වාසවන්ත එක් සහකරුවෙකුට සීමා කිරීම සහ ලිංගික එක් වීමකදී උපත්පාලන කොපු භාවිතා කිරීම යනාදියයි.නමුත් එක් සහකරුවෙක් තබා ගැනීමට යොමු වන්නේ අල්ප පිරිසකි.ඒ නිසා අවම වශයෙන් ලිංගික එක්වීමකදී කොන්ඩම් එකක් හෝ භාවිතා කරන්නේ නම් ඔබේ ආරක්ෂාව හොඳය.නමුත් කොන්ඩම් එකක් ,ලිහිසිකාරකයක් මිලට ගන්නට බොහෝදෙනා මැලිවේ.රත්නපුරය අවට පිරිමි සමලිංගිකයන් සඳහා කොන්ඩම් සහ ලිහිසිකාරක නොමිලේ ලබා දීමක් මේවෙද්දී සිදු කරගෙන යනු ලැබේ.අද ලිපියෙන් කියන්නට යන්නේ මේ සමාජ සත්කාරය සම්බන්ධව විස්තරයකි.


1.මෙම උපත් පාලන කොපු සහ ලිහිසිකාරක නොමිලේ ලබා දීම හරහා ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද?

පිරිමි සමලිංගිකයන් අතර අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ඔවුන්ට වැළඳිය හැකි ඒඩ්ස් සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝගවලින් ඔවුන් මුදා ගැනීම.



 2.මෙම සේවාව කිනම් ප්රදේශයක් කේන්ද්ර කරගෙන ක්රියාත්මක වන්නක්ද? 

දිවයින පුරා ක්‍රියාත්මකය



 3.මේ හරහා එක් අයෙකුට කොතරම් උපත්පාලන කොපු ප්රමාණයක්,ලිහිසිකාරක ලබා දෙන්නේද ?

අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ලබා දෙයි



 4.සමාජයේ විශේෂිත කණ්ඩායම් ඉලක්ක කරගෙනද මේ සේවය ලබා දෙන්නේ?

පිරිමි සමලිංගික පුද්ගලයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සේවාවකි.



 5.සේවය ලබා දීමේදී අනන්යතාවය තහවුරු කිරීම හෝ පෞද්ගලික විස්තර ලබා ගැනීමක් සිදු කරන්නේද? 

නැත.කිසිදු ආකාරයකින් ඔබේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමක් නොකරයි



 6.ඔබ සපයන උපත් පාලන කොපුවක වෙළඳපොල මිල කොපමණද? 

අවමය රුපියල් 100-150ත් අතරය



 7.උපත් පාලන කොපු භාවිතය අඩු වීමට මිලෙහි බලපෑමක් තිබේද ?

අනිවාර්යෙන් මිලෙහි බලපෑමක් ඇත.කොන්ඩම් පැකැට්ටුවක් මිලදී ගැනීමට පවා අපහසු අය සිටිනවා.



 8.ලිංගික එක්වීමකට ලිහිසිකාරක අත්‍යාවශ්‍යද?

ගුද සංසර්ගයේදී ලිහිසිකාරයක් භාවිතා කරන්න යැ‍යි නිර්දේශ කරමි.



 9.ඔබ නොමිලේ සපයන ලිහිසිකාරකය වෙළඳපොලෙන් ලබා ගන්නේ නම් කොපමණ මිලක් ගෙවිය යුතුද?

රුපියල් 100කට වැඩි මිලක් ගෙවීමට සිදුවෙනවා.



 10.උපත් පාලන කොපු රහිතව එනම් අනාරක්ෂිත ලිංගික එක් වීමදී සම්ප්රේෂණය විය හැකි රෝග මොනවාද?

ඒඩ්ස්,ගොනෝරියාව,ලිංගික ඉන්නන්,උපදාංශය,ක්ලැමිඩියා ආදිය



 11.ලිංගිකව සම්ප්රේෂණය වන රෝග වලින් ආරක්ෂාවීමේදී උපත් පාලන කොපු 100%ක් සාර්ථකද? 

නිවැරදිව කොන්ඩමයක් පැළදීමෙන් 100% ආරක්ෂාවක් ලබා ගත හැකිය.



 12.ලිහිසිකාරක නොමැති සංසර්ගයේ යෙදීමෙන් ලැබෙන අයහපත් ප්රතිඵල තිබේද? 

ගුද මාර්ගය තුවාල වීම සහ ආසාධිත තරල පහසුවෙන් හුවමාරු වීම.



 13.මේ සඳහා බරපැන දරන්නේ සහ අනුග්රහය දක්වන්නේ කුමන ආයතනද 

The Global Fund  ආයතනය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ
 
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය



 14.උපත් පාලන කොපු සහ ලිහිසිකාරක ලබා ගැනීමට පැමිණිය යුත්තේ කොහේටද? කිනම් දිනවලද ? කුමන වේලාවන්හිද 

රත්නපුරය නගරයට.අපගේ දුරකතන අංකයට ඇමතුමක් දී වැඩි විස්තර දැනගන්න.



 15.අවසන් වශයෙන් ,මේ නොමිලේ ලබා දෙන සේවය ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔබව සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද?

අපේ දුරකතනය අංකය 0716600738



ඔබට නොමිලේ ලබා ගත හැකි උපත් පාලන කොපු සහ ලිහිසිකාරකවල සාම්පල් ඡායාරූප කිහිපයක් පහතින් දැකගත හැකිය.

උපත් පාලන කොපු


උපත් පාලන කොපු


 ලිහිසිකාරක


 ලිහිසිකාරක




Post a Comment

0 Comments