ශ්‍රි ලංකාවේ හරස්විලාසිනියෝ - ශානිකා ෆර්නෑන්ඩෝ

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando

අසභ්‍ය අඩවිය ආරම්භ කර 2021 වර්ෂයට වසර හතක් සම්පූර්ණ වුනා.මෙම බ්ලොග් අඩවිය ඔස්සේ මුල් වරට මෙරට හරස්විලාසිනියක් සම්මුඛ සාකච්ඡාවකට එක් කර ගත්තේ 2015 වර්ෂයේදීය.ඒ ෆෙලෝනා ක්‍රොසී නැමැත්තියයි.අද දිනයේදී අපේ බ්ලොග් අඩවිය හරහා ඉදිරිපත් කරන්නේ මෙම සම්මුඛ සාකච්ඡා ලිපි පෙළේ 18 වන දිගහැරුමයි.ඇය නමින් ශානිකා ෆර්නෑන්ඩෝය.හරස්විලාසිනී ශානිකා ෆර්නෑන්ඩෝ මේ සඳහා එක් වන්නේ ස්ව කැමැත්තෙන් බව සටහන් කරන්නේ ඉතා සතුටින්ය.එහෙනම් අපි ඇයගේ හරස්විලාසිතා ජීවිතය ගැන දැනගනිමු.



1.කැමති ඔබව හඳුනා ගන්න

මම ශානිකා.වයස අවුරුදු 40ක් වෙනවා.පදිංචිය වැල්ලවත්ත.



2.හරස්විලාසිතා සඳහා යොමුවෙන්නට ආශාවක් පහළ වූ කාලය මතකද?

මගේ මතකයේ හැටියට ඒ වෙද්දී මම දසවන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.



3.ඇත්තටම හරස්විලාසිනියක් යනු කවුද?

ගැහැණියක් විදියට අඳින්න ,පළඳින්න කැමැති පිරිමියෙක්

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



4.හරස්විලාසිනියන් සමාජය හමුවේ මුහුණ පාන අමිහිරි දේවල් ඔබේ අත්දැකීම් ඇසුරින් දැන ගන්න කැමතියි.

හරස්විලාසිතා කරන පිරිමි  ඇත්තටම සමාජයෙන් කොන් වෙලා.ඒ නිසා ඒ අයට එහෙම සැරසිලා පාරක තොටක යන්න බැහැ.කැමැති තැනකට යන්න බැහැ.රැකියාවක් කරන්න අවස්ථාවක් නැහැ.මේ නිසා ඔවුන්ට තමන්ගේ ආශාවන් සඟවාගෙන ඉන්න සිද්ධවෙලා තියෙනවා.නැත්නම් ගණිකා සේවය සපයන තැනට පත් වෙනවා.ඒ නිසා මම වගේ ගොඩක් අය තමන්ගේ ආශාවල් යට කරගෙන දුකින් ඉන්නවා.



5.ඔබ මුල්ම වතාවට හරස්විලාසිනියක් වූ දවස මතකද

මුලින්ම ඇන්දේ අම්මාගේ ඇඳුම්.ඒ වෙද්දී මම දහයේ පන්තියේ ඉගෙන ගන්නවා.ඉන් පස්සේ මම රැකියාවක් එහෙම කරන්න පටන් ගත්තට පස්සේ,තනියෙම ඇඳුම් මිලදී ගන්න පුරුදු වුනා.මම ටිකක් විතර මහත කෙනෙක් නිසා,දිග ඇගට හිර ගවුම් අඳින්න.ඉතින් මම මිලට ගත්තේ ගවුම්.පැන්ටි,බ්‍රෙසියර්,බොරු කොණ්ඩා වගේ ඇඳුම් පැළඳුම් හුඟක් මා සතුව තිබෙනවා.හැබැයි ඒ හැමදේම කාමරයට ඇතුලට විතරක් සීමා කරලා තියෙන්නේ.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



6.හරස්විලාසිනියන් කොන් කරන්නේ,පිළිකුලට භාජනය වෙන්නේ සහ විවිධ අඩන්තේට්ටම්වලට ලක් වන්නේ ඇයි

අපේ රටේ සමාජ ක්‍රමය,සංස්කෘතිය නිසා සමහරු හිතනවා හරස්විලාසිතාකරණය කියන්නේ ලිංගිකමය ආශ්වාසදය ලබාගන්න කරන දෙයක් කියලා.මේ නොදැනුවත්භාවය නිසා තමයි කොන් කිරීම සිද්ධ වෙන්නේ.ඒකේ ප්‍රතිඵලය තමයි හරස්විලාසිතා කරන අය වැරදි දේවල් වලට යොමු වෙන එක.ඒ නිසා ඔවුන් විවිධ අඩන්තේට්ටම්වලට ලක් වෙනවා.



7.ඔබේ හරස්විලාසිතා ජීවිතය ලෝකයාට රහසක්ද?

මගේ මේ ජීවිතය අතිශය රහසිගතයි.මම ඇරෙන්න පවුලේ කිසිම කෙනෙක් මේ ගැන දැනුවත් නැහැ.ඒ වගේම මේ දේවල් කරන්නේ බොහොම පරිස්සමින්.මම හරස්විලාසිතා කරනවා කියලා දැනට දෙන්නෙක් දන්නවා.එක් අයෙක් සංක්‍රාන්තිලිංගික ස්ත්‍රියක්.



8.ඔබ හරස්විලාසිනියක් වීමට හේතුව කුමක්ද?

එහෙම විශේෂ හේතුවක් කියන්න දන්නේ නැහැ.මගේ ඇගෙන්ම ආසාවක් ආවා ගැහැණු කෙනෙක් වගේ ලස්සන ඇඳුමකින් සැරසිලා ඉන්න.ඉතින් ලස්සනට ඇඳලා ඉන්න ගැහැණු දිහා බලන් ඉදලා මටත් ඒ වගේ අදින්න ආසා හිතෙනවා.ඒ වගේ හැසිරෙන්න හිතෙනවා.ඒ විදියට අඳින්න ඇත්නම් කියල හැඟීමක් ඇති වෙනවා.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



9.හරස්විලාසිනියක් ස්ත්‍රී නාමයක් භාවිතා කල යුතුමද?

ඔව්.ස්ත්‍රී නාමයක් අවශ්‍යයි.ඒක ඇඳුම් වගේම අවශ්‍ය දෙයක්.



10.සමාජ ජාල ඔස්සේ අදහස් දක්වන්නට හරස්විලාසිනියන්ට ලැබී තිබෙන අවස්ථාව ගැන ඔබේ අදහස කුමක්ද

අපි තරුණ කාලයේ සමාජ ජාල තිබුණේ නැහැ.ඒක ඉතාම හොඳ දෙයක්.අපි හරස්විලාසිතා කලේ නිවස ඇතුලෙමයි.එළියට යන්න පුලුවන් කමක් නැහැ.ඒ නිදහස සමාජ ජාල හරහා දැන් අපිට ලැබිලා තියෙනවා.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



11.ඔබ සාමාන්‍යයෙන් අදින කාන්තා ඇඳුම් මොනවාද?

යට ඇඳුම්වල ඉදලා,හැමදේම වගේ අඳිනවා.සාරිය නම් තවම ඇඳලා නැහැ.සාරියට ඒ තරම් ආසාවකුත් නැහැ.සාමාන්‍යයෙන් මම අලුත් ඇඳුමක් මිලදී ගන්නේ මාසෙකට වරක් වගේ.අලුත් විලාසිතා කරනවා.ගොඩක්ම අඳින්න ආස සාදවලට අඳින ගවුම්,සාය සහ හැට්ටය වගේ ඇඳුම්වලට.ඔය කිව්ව ඇඳුම්වල එකතුවක් මං ගාව තියෙනවා.ඒ හැමදේම බොහොම රහසිගතව තියාගෙන ඉන්නේ.අවශ්‍ය වෙලාවට කැමති ඇඳුම තෝරලා අඳිනවා.මාල,වළලු වගේ පැළඳුම් පවා මා සතුව තිබෙනවා.බොරු කොණ්ඩා අනිවාර්යෙන්ම මම පාවිච්චි කරනවා.තොල් සහ නිය ආලේප යොදාගන්නවා.මේකප් දැමීම කරන්නේ මගේ මිතුරිය.



12.හරස්විලාසිනියන් කියන්නේ ලිංගික සේවා සපයන්නන් පිරිසක්ද?

බොහෝවෙලාවට එහෙම දේවල්වලට සම්බන්ධ වෙන්නේ සමලිංගික සහ පූර්ණ කාලීන හරස්විලාසිතා හි නිරත සමහරක් අය.ඒ අය අපිට බලපාල තියෙන සමාජ බාධකය බිඳගෙන ගිහින් තමන්ට කැමති විදියට ජීවත් වෙන පිරිසක්.ඒ පිරිසට රැකියාවක් ලබා ගැනීම මේ සමාජය තුල අසීරු කාර්යයක්.ඉතින් ජීවත් වෙන්න ඔවුන් ඒ වෘත්තිය තෝරගෙන තියෙනවා.ඒකට හේතුව මේ සමාජ ක්‍රමය තුලට ඔවුන් රැකියාවක් ලබා දෙන්න සමාජය අසමත් වීම.ඒ හින්දා ඔවුන් මේ තත්ත්වයට වැටිලා තියෙනවා.සමහර රටවල පූර්ණ කාලීන හරස්විලාසිතා කරන අයට පවා නිසි පිළිගැනීම ලැබිලා තියෙන නිසා,ඔවුන්ට ගණිකා සේවයෙන් යැපෙන්නට උවමනාවක් නැහැ.



13.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් සඳහනක් කලොත්

මම විවාහකයි.බිරිඳක් සහ දරුවන් සිටින ස්වාමිපුරුෂයෙක්.රැකියාවක නිරත වෙන කෙනෙක්.මගේ අදහස,විවාහය කියන්නේ සමාජයට අවශ්‍ය දෙයක් මිස,අපිට උවමනා දෙයක් නොවේ.ලෝකයට පෙන්න පවුලක ගැහැණු පිරිමි එකට ජීවත් වුනාට ඒක නියම ආදරයක් වෙන්නේ නැහැ.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



14.ඔබ කාන්තා ඇඳුමින් සැරසී නිවසින් පිටතට ගොස් තිබේද

කිහිප වරක් ඒ අත්දැකීම ලබා තියෙනවා.දවසක් හරස්විලාසිනියක් විදියට මම මගේ මිතුරිය එක්ක එයාගේ නිවසට ගියා.එදා ගෙදර කවුරුත් හිටියේ නැහැ.හවස් වරුවක අපි ගියේ.ඉතින් ආසාව මම ඒ ඇඳුම් පිටින්ම පාරේ ඇවිද්දා.ෂොපින් කලා.මං හිතන්නේ කවුරුත් මාව පිරිමියෙක් කියලා අඳුර ගන්න නැතුව ඇති.ඒත් බිය නිසා එහෙම නිතරම එළිමහනේ සැරිසරන්න බැහැ.



15.ඔබ වඩාත් ප්‍රිය කරන ඇඳුම් මොනවද?

මගේ වැඩි කැමැත්ත තිබෙන්නේ සාය සහ හැට්ටයට.ඊට අමතරව සාද වලට අදින ගවුම්වලට ආසයි.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



16.හරස්විලාසිනියක් කියන්නේ දෙබිඩි ජීවිතයක් ගෙවන අයෙක්.මින් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද

මගේ වැඩි කැමැත්ත තියෙන්නේ හරස්විලාසිනියක් විදියට ගෙවන ජීවිතයට.ඒත් විවාහකයෙක් විදියට පවුල් ජීවිතයත් එක්ක ඒ දේ කරන්න හුඟක් අමාරුයි.ඒත් පුලුවන් හැමවෙලාවෙම මගේ ආසාව ඉෂ්ඨ කරගන්න උත්සාහ කරනවා.



17.සංක්‍රාන්තිලිංගිකයෙක් ලෙස ජීවත් වීමට ඔබට බලාපොරොත්තුවක් තිබේද

ඔව්.ඒත් දැන් ඒකට මම ප්‍රමාද වැඩියි.



18.ඔබ බොරු කොණ්ඩා,කෘත්‍රීම පියයුරු සහ අනෙකුත් පැළඳුම් භාවිතා කරනවාද

ඔව්.මම ඒ දේවල් පාවිච්චි කරනවා.


interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



19.හරස්විලාසිනියක් වශයෙන් ඔබ රූපලාවන්‍ය ගැන දක්වන අවධානය කෙබඳුද

ඔව්.මගේ සුන්දරත්වය ගැන මම හුගක් සැලකිලිමත් වෙනවා.තොල් සහ නිය ආලේපන පාවිච්චි කරනවා.රහස් ප්‍රදේශවල පමණක් රෝම ඉවත් කිරීම කරනවා.එහෙම විශේෂයෙන් යන සැලූන් එකක් නම් නැහැ.



20.ඔබ හරස්විලාසිතාවලට කොපමණ කාලයක් වෙන් කරනවාද

අවම වශයෙන් මාසයකට වරක් හෝ හරස්විලාසිතා වල නිරත වෙනවා.


interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



21.ලිංගික ජීවිතය ගැන ඔබේ අදහස් දැන ගන්න කැමතියි.

මම මගේ විවාහක ජීවිතයෙන් සතුටක් ලබනවා.මගේ ලිංගික ආකර්ෂණය තිබෙන්නේ ගැහැණුන් සහ හරස්විලාසිනියක් වෙත පමණයි.නමුත් මම හරස්විලාසිනියක් එක්ක ලිංගිකව එක් වෙලා තියෙනවා.එහිදී අපි දෙදෙනාම හරස්විලාසිනියක් විදියට සැරසිලා හිටියේ.එදා මම ගොඩක් සතුටු වුනා.මගේ ජීවිතයේ අමතක නොවන දවසක් විදියට ඒක මතකයේ තියෙනවා.නැවතත් ඒ විදියට ඉන්න හුඟක් ආසයි.



22.හරස්විලාසිතා ජීවිතයේ ඔබ අනුකරණය කරන පුද්ගලයෙක් සිටිද

නැහැ.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



23.ඔබේ විනෝදාංශ ගැන මතක් කලොත්

හරස්විලාසිතා කරන එක තමයි මගේ විනෝදාංශය.ඊට අමතරව මම හරස්විලාසිනියන් සහ ස්ත්‍රී සමලිංගික නිල් චිත්‍රපට නරඹන්න කැමතියි.



24.හරස්විලාසිනියක් වීම ඔබේ ජීවිතයට මොනව වගේද බලපාල තියෙන්නේ

හරස්විලාසිතාකරණය මගේ මානසික ආතතිය අඩු කර ගන්න උදව්වක් වෙලා තියෙනවා.ඒ වගේම ලිංගික වශයෙන් ලොකු තෘප්තියක් ලැබුණේ මේ නිසා.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



25.හරස්විලාසිනියක් ලෙස ගෙවූ කාලය තුල ඔබ ලැබූ අමතක නොවන අත්දැකීම් මොනවද

හරස්විලාසිනියක් විදියට සැරසිලා මිතුරිය සමග එළියට ගිය දවස අමතක වෙන්නේ නැහැ.එදා මම ෂොපින් ගිහින් ආසම ඇඳුමක් කඩෙකින් මිලට ගත්තා.කඩේ හිටිය කිසිකෙනෙක් මම පිරිමියෙක් කියලා අඳුරගන්න නැතුව ඇති.



26.හරස්විලාසිතාවලට යොමුවන්නට බලාපොරොත්තු වන සහ නිරත වන අයට වැදගත් දේවල් ලබා ගන්න පුලුවන් මූලාශ්‍ර මොනවද

හුඟක් දේවල් අන්තර්ජාලය ඔස්සේ දැන ගන්න පුලුවන්.කාන්තා ඇඳුම් වෙළඳසැල් වලින් මිලට ගන්න පුලුවන්.බයවෙන්න අවශ්‍ය නැහැ ඒකට.

interview-with-sri-lankan-crossdresser-Shanika-Fernando



27.ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද

සම්පූර්ණ ගැහැණියක් විදියට සැරසිලා,මම වගේම හරස්විලාසිනියන් පිරිසක් එක්ක දවස් කිහිපයක් ඉන්න ලොකු ආසාවක් තියෙනවා.



28.හරස්විලාසිනියන්ගේ ප්‍රජාව වෙත ඔබට යම් පණිවුඩයක් දීමට තිබේද

ලිංගික තෘප්තියට මුල් තැන නොදී හරස්විලාසිතා කරන්න කැමති පිරිස පමණක් එකතු කර ගන්න පුලුවන් සමාජ ජාලයක් නිර්මාණය කරන්න පුලුවන් නම් හොඳයි.ඒ වගේ දේකට මම උපරිම සහාය දෙනවා.එහෙම කර්ත්‍යයකට එකතු වෙන්න කැමතියි.


Post a Comment

0 Comments