ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියෝ - තරු ක්‍රොසී


හරස්විලාසිතාකරණයේ නිරත වන තවත් අයෙක් අද ඔබ හමුවට රැගෙන එන්නයි මේ සූදානම.ඇය නමින් තරු ක්‍රොසී.මේ ලිපිය ලියන්න කියා ඉල්ලීම ලැබුණේ ඇයගෙන්ම වීම විශේෂත්වයක්.මන්ද හරස්විලාසිනියන් ගැන මෙතෙක් පළකල බොහොමයක් ලිපි අප විසින් සිදු කල ඇරයුම්වල ප්‍රතිඵල.හරස්විලාසිතා කරන්න ශරීර ප්‍රමාණය,උස,මිටි,කෙට්ටු,මහත බලපාන්නේ නැති බවට තරු ක්‍රොසී හොඳ උදාහරණයක්.එහෙම කිව්වේ ඇයි කියලා බලන්න ලිපියේ සම්පූර්ණයෙන්ම කියවන්න.



1.ඔබ ගැන කෙටියෙන් යමක් සඳහන් කල හොත්?

මගේ නම තරු ක්‍රොසී.දැනට පදිංචි වෙලා ඉන්නේ මොරටුවේ.මගේ වයස අවුරුදු 30 ක් වෙනවා(උපන් වර්ෂය 1990)




2.කාන්තාවක් ලෙස සැරසී සිටීමට සිතුනේ කුමන කාල වකවානුවකදීද?

අවුරුද්ද 2015.




3.හරස්විලාසිනියක් කියන කෙනාව ඔබ විස්තර කරන්නේ කොහොමද?

හරස් විලාසිනියක් කියන්නෙ ගැහැණියක් විදියට ජීවත් වෙන්න ආස,ගැහැණු හැගීම් වලින් පිරැණු,ගැහැණියක් වෙන්න පෙරුම් පුරන අහිංසක සුන්දර යුවතියක්





4. හරස්විලාසිනියන්ට සමාජයේදී මුහුණ දෙන්නට වන ගැටලු ඔබේ අත්දැකීම් ඇසුරින් පැහැදිලි කලොත්?

ලංකාවේ පිරිමි හිතන්නෙ හරස් විලාසිනියක් කියන්නෙ ගණිකාවෝ කියලා , එහෙම නෑ අපිත් ආසයි එකම පිරිමියෙක්ගෙ ආදරේ ලබලා මැරෙනකල්ම එක පිරිමියෙක් එක්ක ජීවත් වෙන්න අපිව තේරැම් ගත්තු...අපිත් ගෑණු අය වගේ තමයි අපිත් ආදරේ , රැකවරණය ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා අපි ආදරේ කරන පිරිමියාගෙන්.




5.ඔබ පළමුවරට කාන්තා ඇදුමින් සැරසුනු දිනය සිහිපත් කරන්නේ නම්?

මුලින්ම හරස්විලාසිතා කරද්දී මට වයස අවුරුදු 25යි.ඇන්දෙ රාත්‍රියට අදින ගවුමක්/නයිටියක්,පෑන්ටි එකක් සහ බ්‍රෙසියර් එකක්.          

මං ආදරේ කරා එක පිරිමියෙකුට.ඔහුත් මම වගේ සමලිංගිකයෙක්. අපි යාලුවෙලා ගොඩක් ආදරෙන් හිටියා. ඔහු ඉල්ලීමක් කරා මට ඔහුත් එක්ක ඉද්දි කෙල්ලෙක් වගේ ඉන්න කියලා , ඔහුගේ ගෙදර කවුරුත් නැති දවසක මං රැයක් ඔහුගේ ගෙදර නැවතුනා කෙල්ලෙක් වගේ එදා තමයි සැරසිලා හිටියේ... කලින් ඔහු එක්ක කොච්චර එකට හිටියත් , මං හිතන්නෙ එදා රෑ තමයි මගේ පලවෙනි මංගල රැය වුනේ . කවදාවත් අමතක නොවෙන සුන්දර රැයක් එදා




6.හරස්විලාසිනියන් සමාජයෙන් කොන් කරන්නේ සහ සමාජයේ පිළිකුලට ,අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නේ ඇයි?

ලංකාවේ මිනිසුන්ගේ නොදන්නකමට.. ලිංගික ඉරිසියාව!





7.ඔයාගේ හරස්විලාසිතා ජිවිතය ලෝකයට රහසක්ද?

ගෙදරට වගේම ලෝකයටත් රහසක්.ඒත් මගේ පෙම්වතා දැනගෙන හිටියා.




8.ඔබ හරස්විලාසිනියක් වීමට හේතුව කුමක්ද?

මගේ පෙම්වතාගේ ඉල්ලීමට.




9.හරස්විලාසිනියකට ස්ත්‍රී නාමයක් අවශ්‍යමද?

ඔව් හරස්විලාසිනියක් නම් ස්ත්‍රී නාමයක් අවශ්‍යයි.මොකද අපි ආස කෙල්ලෙක් වගේ ජීවත් වෙන්න.





10.හරස්විලාසිනියන්ට සමාජ ජාල සහ අන්තර්ජාලය ඔස්සේ නිදහසේ අදහස් දක්වන්නට අවස්ථාව ලැබී තිබේ.ඒ සම්බන්ධව ඔබේ අදහස දැනගන්නට කැමතියි

ගොඩක් සතුටුයි අපිට අපේ හැගීම් ගැන ලෝකෙට කියන්න ඉඩ ලැබීම ගැන.




11.ඔබ සාමාන්‍යයෙන් අදින කාන්තා ඇඳුම් මොනවාද?

අනිවාර්යයෙන් පෑන්ටි අදිනවා.රෑට නම් නයිටි අදිනවා.දවල් වෙලාවක් නම් සාය සහ හැට්ටය අදිනවා.  



12.බොහෝදෙනාට හරස්විලාසිනියන් යනු ලිංගික වෘත්තිකයන් පිරිසකි.මෙහි සත්‍යය අසත්‍යයතාවය කුමක්ද?

ඒක හැම හරස්විලාසිනියක්ටම අදාළ නෑ





13.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් යමක් සඳහන් කලහොත්?

මං අවිවාහක,සමලිංගික බොටම් හරස්විලාසිනියක්,කලින් පෙම්වතෙක් හිටිය දැන් තනිකඩ කෙල්ලෙක්.විවාහ වෙන්න කැමති මාව තේරැම් ගත්ත,අවංක මට ආදරේ කරන පිරිමියෙක් එක්ක




14.ඔබේ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?

ඔව්. කලින් පෙම්වතා සමග  ඔහුගේ වාහනේ රෑට අපි ඇවිදින්න යනවා.




15.ඔබ අදින්නට වඩාත් ප්‍රිය කරන එහෙත් අවස්ථාවක් නොලද ඇදුම් සහ පැළඳුම් තිබේද?

සාරි අදින්න ආසයි.මනමාලියක් වගේ





16.සාමාන්‍යයෙන් හරස්විලාසිනියකගේ ජීවිතයේ කොටස් දෙකක් තිබේ.එකක් ඔවුන් ස්ත්‍රියක් ලෙස ඇඳ පැළඳගෙන ගෙවන කාලයයි.අනෙක් පුරුෂයෙක් ලෙස සාමාජය ඉදිරියේ ගෙවන කාලයයි.මින් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?

අහන්න දෙයක් නෑනෙ කාන්තාවක් වගේ අදින ලැබෙන අවස්ථාව තමයි.හේතුව ඉතින් ගැහැණියක් වෙන්න තියෙන ආසාව තමයි.




17.හරස්විලාසිතා ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන සහ අර්ධ කාලීන හරස්විලාසිනියන් ඉන්නවා.පූර්ණ කාලීන හරස්විලාසිනියක් යනු මගේ අදහසේ හැටියට සංක්‍රාන්තිලිංගිකයෙක්.ඔබට සංක්‍රාන්තිලිංගිකයෙක් ලෙස ජීවත්වීමට බලාපොරොත්තුවක් තිබේද?

ඔව්. අනිවාර්යයෙන් හැබැයි හොද සහකරුවෙක් ලැබුනු දාක.





18.ඔබ  කෘත්‍රීම පියයුරු,කොණ්ඩා සහ අනෙකුත් පැළඳුම් භාවිතා කරන්නේද?

කෘත්‍රීම පියයුරු බාවිතා කරන්නේ නැහැ.මොකද මට ස්වාභාවික යම් ප්‍රමාණයක් වැඩුනු පියයුරු යුගලක් තියෙනවා,අනිත් ඇදුම් සහ පැළඳුම් අදින්නේ හෝ පලඳින්නේ නෑ මම.මම ආස සරල යුවතියන් වගේ අදින්න පලදින්න.




19.හරස්විලාසිනියක් ලෙස ඔබ රූපලාවන්‍ය ගැන දක්වන අවධානය කෙබඳුද?

පෙම්වතා එක්ක ඉද්දී ඇගේ සම්පූර්ණ රෝම ඉවත් කරනවා.




20.හරස්විලාසිතා සඳහා ඔබ කාලය වෙන් කරගන්නේ කෙසේද?

රාත්‍රියට නම් පෑන්ටි අදිනවා, අනිත් වෙලාවට පෙම්වතා එක්ක ඉද්දි තමයි කාන්තා ඇඳුම් ඇන්දේ.





21.ඔබේ ලිංගික ජීවිතය ගැන යමක් සඳහන් කරන්නේ නම්?

මම සමලිංගික බොටම් හරස් විලාසිනියක්




22.හරස්විලාසිනියක් ලෙස ඔබ අනුකරණය කරන පුද්ගලයෙක් සිටියිද?

නැහැ.




23.ඔබේ විනෝදාංශ මොනවාද?

ඉස්සර නම් පෙම්වතා එක්ක ඇවිදින්න යන්න තමයි ආස.දැන් එහෙම විශේෂයෙන් කියලා විනෝදාංශයක් නෑ , හරස්විලාසිතා කරන එක තමයි. 

නිල් චිත්‍රපටවල සමලිංගික පිරිමි,සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන්ගේ දර්ශන නරඹනවා.





24.හරස්විලාසිනියක් වීම ඔබේ ජීවිතයට කල බලපෑම  කවරේද?

පිරිමි ඇදුම් වලට වඩා ගැහැණු ඇදුම් කොච්චර සැහැල්ලු ද යන වග, ඒ වගේම මගේ ඇග ඇතුලෙ ඉන්නෙ පිරිමියෙක් නෙවෙයි ලස්සන අහිංසක සාම්ප්‍රදායික ගැහැණියක් කියලා මට තෙරුම් ගියා.




25.හරස්විලාසිනියක් ලෙස ඔබට ලැබුණු අමතක නොවන අත්දැකීම් මොනවාද?

හරස්විලාසිනියක් විදියට මගේ පෙම්වතා සමග ගත කර පලවෙනි රැය අමතක වෙන්නෙ නෑ , ඒ වගේම එයා එක්ක හරස්විලාසිනියක් විදියට හිටිය හැම මොහොතක්ම මට විශේෂයි.




26.හරස්විලාසිතා සඳහා යොමුවීමට බලාපොරොත්තුවෙන් පිරිසට වැදගත් වේ යැ‍යි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?

සැලෝන් ෂෙනායා..මේ සැලූන් එක නිර්දේශ කරන්න පුලුවන්.





27.ඔබේ අනාගත බලාපොරොත්තු කවරේද?

අනාගතේ හොද සැමියෙක් ලැබුනොත් එයාට හොද බිරිඳක් වෙලා පාඩුවේ එයා එක්ක දුක සැප බෙදාගෙන  ඉන්න තමයි කැමතියි.




28.හරස්විලාසිනියන් ප්‍රජාව වෙත ඔබට යම් පණිවුඩයක් දීමට තිබෙන නම්

මිනිස්සු මොනවා හිතුවත් තමන් කැමති දේ කරන්න,තමන්ගෙ ඇග ඇතුලෙ ඉන්න ගෑණු ආත්මෙට එලියට එන්න දෙන්න, ජීවිතය විදින්න.අවසානෙටම කියන්න ඕනි මගෙ මේ ගෑණු ආත්මෙට එලියට එන්න උදව් කරේ මගේ පෙම්වතා.අද මගේ ලග නැතත් මං තාමත් පණට වඩා ආදරේ කරනවා මගේ මහත්තයාට.මං දන්නවා එයා ආයෙත් මං ගාවට එනවා,මොකද ඔහු විවාහ වෙලා ඉන්න ගෑනු කෙනාට මං වගේ ආදරයක් වත්,මං එයාට දුන්නා වගේ ලිංගික සතුටක් වත් කවදාවත් දෙන්න බෑ කියලා.




Post a Comment

0 Comments