හරස්විලාසිනියන්ට ස්ත්‍රී මුහුණක් සහිත සෙල්ෆි ඡායාරූප ගන්න හොඳම මොබයිල් ඇප්


සමාජ ජාල පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි හරස්විලාසිතා කරලා මූණත් එක්ක පෝටෝ එකක් පළ කරන්න තියෙන බිය.සමාජයෙන් ලැබෙන්න පුලුවන් පිළිකුල් සහගත ප්‍රතිචාරවලට තියෙන බය නිසා තමයි වැඩිදෙනෙක් මේ වැඩේ කරන්න පසුබහින්නේ.කාලයක ඉදලා මේ ප්‍රශ්නයට විසඳුමක් විදියට අපේ රටෙත් හරස්විලාසිනියෝත් පාවිච්චි කරන ජංගම දුරකතන යෙදුම් එහෙම නැත්නම් ඇප් තියෙනවා.

මේ ඇප්වලින් කරන්නේ පිරිමියෙක්ගේ මුහුණට ගැහැණු පෙනුමක් ලබාදීම.මේ හරහා අපේ රටේ හරස්විලාසිනියන්ට උදව් දෙකක් ලැබෙනවා.

එක ඔයාලාගේ සැබෑ මුහුණ වසන් කරනවා.හිතන්න ඔයා දැන් හරස්විලාසිතා කරලා ඉන්න ගමන් සෙල්ෆි ඡායාරූපයක් ගත්තා කියලා.ඒක ෆේස්බුක් වගේ සමාජ ජාලය චකිතයක් නැතුව පළ කරන්න ඔබට බැරි නම් මේ කියන ඇප් හරහා මුහුණට ස්ත්‍රී ස්වරූපයක් ආරූඨ කරගන්න පුලුවන්.

දෙවැනි උදව්ව විදියට ගන්න පුලුවන්,ඔයාලා ගාව මේකප් උපකරණ කට්ටල,බොරු කොණ්ඩ වගේ දේවල් නැත්නම් මේ ඇප් එක හරහා ස්ත්‍රී මුහුණක් ලබාගන්න පුලුවන්.මොකද හුගක් හරස්විලාසිනියන් ගාව ඔය කියන දේවල් නැහැ.සමහරුන්ට මේකප්,බොරු කොණ්ඩා නැතුව හරස්විලාසිතා කරලා පෝටෝ එකක් ගන්න බැරිලුනේ.මේ ඇප් එක ඒකට තාවකාලික විසඳුමක් විදියට ගන්න පුලුවන්.


මෙන්න තියෙනවා මේ වැඩේට ගැළපෙන ඇප් කිහිපයක්.මේවායේ නොමිලේ දෙන සංස්කරණයක් තියෙනවා.ඒකෙන් අපිට මේ වැඩේ කර ගන්න පුලුවන්.තවත් දේවල් ඕනේ නම් මිලදී ගන්න පුලුවන් සංස්කරණයට යන්න.


1. Perfect 365



මේ ඇප් එකෙන් පුලුවන් දිග කොණ්ඩයක් සහ මේකප් කල ස්ත්‍රී මුහුණක් ලබා ගන්න.

Download 




2. FaceTune 2



පළල් තොල්,කුඩා නාසයක සිට සුමුදු සමක් සහ ඉක්මණින් හිස් කෙස්වල වර්ණය වෙනස් කර ගන්න මේ ඇප් එක පාවිච්චි කරන්න පුලුවන්.

Download 




3. Everlook



කොණ්ඩා විලාසිතාව වෙනස් කරන්න,මාල,හෙඩ්බෑන්ඩ් එකක් වගේ දේවල් එකතු කරගෙන ලස්සන ස්ත්‍රී මුහුණක් තියෙන සෙල්ෆියක් ගන්න උදව් වෙන ඇප් එකක්.

Download 




4. BeautyPlus



එක ක්ලික් එකකින් ලස්සන මුහුණක් ලබා ගන්න පුලුවන් මේ ඇප් එක හරහා.

Download 




5. Airbrush



මුහුණ වෙනස් කිරීමට අමතරව ඔබේ ශරීරයේ හැඩය ලස්සන කරගන්නත් උදව් වෙන ඇප් එකක්.

Download 



Post a Comment

0 Comments