නව වසරේ පළමු ලිපිය විදියට හරස්විලාසිනියක් සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නට අපිට අවස්ථාව උදා වුනා.මෙවර ඔබ හමුවට පැමිණෙන්නේ නන්දා මාලනී නමින් ෆේස්බුක් සමාජ ජාලයේ සිටින හරස්විලාසිනියයි.
1.අපි කැමතියි ඔයාව හඳුන ගන්න.කියන්න ඔයාගේ විස්තර ටිකක්.
මම නන්දා මාලනී.වයස 31යි.පදිංචිය රත්නපුර දිස්ත්‍රික්කයේ.
2.ඔයා නන්දා මාලනී කියන නම් පාවිච්චි කරන්න හිතුවේ ඇයි?
මම හරස්විලාසිනියක්.ඉතින් ඒ අනන්‍යතාවය පෙන්වන්න අනිවාර්යෙන්ම කාන්තා නාමයක් පාවිච්චි කරන්න වෙනවා.
3.නන්දා ඔයා හරස්විලාසිතාකරණය පිවිසුනේ කොයි කාලයේ වගේද
ඒ වෙද්දී මට වයස අවුරුදු 12 වගේ ඇති.
4.හරස්විලාසිනියක් වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
මගේ ෆැන්ටසිය තමයි හරස්විලාසිනියක් වෙලා ගෙදරක වැඩකාරකම් කරන එක.කාලයත් එක්ක මම හරස්විලාසිතාකරණයට හුගක් ආස කරන්නට වුනා.
5.හරස්විලාසිතා කරන එක අපේ වගේ රටක පරිස්සමට කරන්න ඕනේ දෙයක් නේ.ඔය රහස් ජීවිතයේ ඔයා අකරතැබ්බයන්ට එහෙම මූණ දීලා නැද්ද?
එහෙම දෙයක් වුනා.මම ගැහැණු ඇදුමින් ඉද්දී අසල්වැසි ගෙදරක මාමා කෙනෙකුට අහු වුනා.ඉන් පස්සේ කාලයක් ඒ මාමා කියන විදියට ඉන්න මට සිද්ධ වුනා.ඔහු මාව ඔහුගේ ලිංගික සතුට වෙනුවෙන් පාවිච්චි කලා.
6.ඔබේ ලිංගික දිශානතිය කුමක්ද?
මම සමලිංගිකයි.කලින් කිව්වා මාමා මගේ ලිංගික ජීවිතය වෙනස් කරපු කෙනා.
7.ඔහුගෙන් පස්සේ ඔබට සහකරුවෙක් ලැබුණේ නැද්ද?
නැහැ.ඒ මාමා දැන් ගමේ නැහැ.මම කැමතියි අලුත් සහකරුවෙක් හඳුනගන්න.මාස්ටර් ටයිප් එකේ කෙනෙක් නම් වඩා හොඳයි.මාව ඔහුගේ නිවසේ වැඩකාරියක් විදියට තියාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි.
8.ඔබේ හරස්විලාසිතා ජිවිතය ලෝකයට රහසක්ද?
කලින් කිව්ව මාමා විතරයි මගේ රහස් ජීවිතය ගැන දන්න සමීපතමයා.පවුලේ අයවත් මේ ගැන දන්නේ නෑ.ඒ ඇරෙන්න සමාජ ජාලවල හුගක් උදවිය මාව දැකලා තියෙනවා.ඒත් ඔවුන්ගෙන් ස්වල්පයක් දෙනෙක් විතරයි මාව පෞද්ගලිකව දන්නේ.
9.හරස්විලාසිනියන්ගේ ජීවිතවල එක සිහිනයක් තමයි ගැහැණියක් විදියට සැරසිලා එළිමහනට යන එක.ඔබට එහෙම අත්දැකීම් තියෙනවද?
ඇත්තෙන්ම නෑ.එහෙම යන්න පුලුවන් පරිසරයක් ලංකාවේ නෑනේ.එහෙම යන අය අතලොස්සක් ඇති.ඒත් හැමෝටම එහෙම නිදහසක් නෑ.
10.හරස්විලාසිතා වෙනුවෙන් ඔබ කොතරම් කාලයක් වැය කරනවද?
මම සතියකට දවසක් වගේ වෙන් කරනවා.මට මගේම ඇදුම් තියෙනවා.ඒවා ගෙදර,රූම්වල,යාළු හරස්විලාසිනියන්ගේ නිවාස වලදී අදිනවා.
11.ඔබේ ඇදුම් තොගයේ තියෙන ඇදුම් ගැන මතක් කලොත්.
යට ඇදුම් විදියට පැන්ටි,යට සාය වගේ දේවල්.සාය,හැට්ටය,සාරි වගේ ඇදුම් එහෙමත් තියෙනවා.පැළඳුම් විදියට බොරු කොණ්ඩයක්,මාලයක් වගේ දේවල් භාවිතා කරනවා.
12.ඔබ ප්‍රිය කරන වෙනත් හරස්විලාසිනියක් ගැන කිව්වොත්
රත්නපුර දිස්ත්‍රික්කයේම ඉන්න චමිලා දිල් රුක්ෂි හරස්විලාසිනියට මම හුගක් කැමතියි.
13.රූපලාවන්‍ය කටයුතු ගැන ඔබේ උනන්දුවක් තියෙනවද?
ඔව්..මම මේකප් කරනවා.මගේ පෝටෝස්වල ඔයාලට බලාගන්න පුලුවන් මේකප් කිරීම්.නමුත් ඒ අතින් මම හුගක් දක්ෂ නෑ.තවම ආධුනිකයි.
14.අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද ඔයාගේ හරස්විලාසිතා ජීවිතයේ?
හුගක් බය වුන අවස්ථාවක් තියෙනවා.මගේ හරස්විලාසිතා පෝටෝ වගයක් ලීක් වෙලා,හුගක් අය ඒවා දැක්කා.හරස්විලාසිතා ජිවිතයට කියන්න තරම් බලපෑමක් වෙලා නෑ.ගැහැණියක් විදියට අදින්න ලොකු ආසාවක් පහල වුන එක තමයි බලපෑමක් විදියට කියන්න පුලුවන්.
15.මේ රටේ හරස්විලාසිනියන්ට තියෙන තැන ගැන මොකද හිතන්නේ?
ඒ ගැන නම් කතා කරන්න දෙයක් නෑ.අපිව නපුංසක කාණ්ඩයට දාලා මිනිස්සු කතා කරන්නේ.මේ සමාජය ඇතුලේ කවදාවත් අපිට අපේ හීන සැබෑ කරගන්න නම් බැහැ ඒනිසා.
16.අපේ රටේ හරස්විලාසිනියන්ට පණිවුඩයක් දෙන්න තියෙනවා නම් දැන් තමයි ඒ මොහොත.
බය නැතුව හරස්විලාසිතා කරන්න කියලා තමයි මම කියන්නේ.ඒ හැඟීම් හිර කරගෙන ඉන්න එපා.
17.ඔබ කිව්වා අලුත් සහකරුවෙක් හොයනවා කියලා.කාටද පුලුවන් ඔබේ සහකරුවා විදියට අයදුම් කරන්න.කෙනෙකුට ඔබව සම්බන්ධ කරගන්න විදියක් තියෙනවද?
ඇත්තෙන්ම,මම කැමතියි මගේ හරස්විලාසිතා ජිවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන,හරස්විලාසිනියන්ට ආදරය කරන මැදි වයසේ පිරිමි කෙනෙක් සහකරුවා කරගන්න.එයා රත්නපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් වඩා හොඳයි.එයාටම කියලා තැනක් තියෙනවා නම් තවත් හොඳයි.මට පුලුවන් ඔහුගේ ගෙදර වැඩකාරිය විදියට ඉන්න.
කෙනෙකුට මාව සම්බන්ධ කරගන්න පුලුවන් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා..නමුත් කාලයෙන් කාලයට මට අලුත් ගිණුම් හදන්න වෙලා තියෙනවා.මොකද ගිණුම් හුගක් අවහිර වුනා.ඒ නිසා මේ ලිපියේ සඳහන් කරන ගිණුමත් කොපමණ කාලයක් සක්‍රීය වෙලා තියෙයිද කියලා මට අනාවැකි නම් කියන්න බැහැ.
Facebook : Nanda Malani
0 Comments