තනපුඩුවල විවිධත්වය

types-of-nipples-in-this-world

කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණයෙන් සහ පැහැයෙන් එකිනෙකට වෙනස් බව ඔබ හොඳින් දන්නා කරුණකි.මෙය ඔවුන්ගේ තන පුඩුවලටද පොදු කාරණයක් යැ‍යි ඔබ දන්නේද?ඇමෙරිකා එක්සත් ජනපදයේ සිපොරා ෂෙයින්හවුස් නම් වෛද්‍යවරියට අනුව තනපුඩු වර්ග අටක් තිබේ.මේ සියල්ල සාමාන්‍යය වන අතර,සමහර විට අපි කතා කරන්නට සූදානම් වන වර්ගවල සංයෝජනයක් සහිත තනපුඩුද තිබිය හැකිය.කෙසේවෙතත්,ඔබේ තනපුඩුව පහත සඳහන් කිසිදු වර්ගයකට 100%ක් ගැලපෙන්නේ නැති වන්නටද පුලුවනි.එය කණගාටුවන්නට දෙයක් නොවේ. ඒවා කොතරම් විශාලද,කුඩාද,පැතලිද එසේත් නැත්නම් රෝම සහිත වූවත් සියල්ල සාමාන්‍යය වේ.


මුලින්ම අපි පියයුරක කොටස් හඳුනාගනිමු.

types-of-nipples-in-this-world

පියයුරක පැහැදිලිව පෙනෙන කොටස් දෙකක් තිබේ.ඒ තන පුඩුව සහ එය වටා ඇති තද පැහැ රවුම් ප්‍රදේශයයි.දැන් අපි මාතෘකාව සම්බන්ධව කතා කරමු


නෙරා ගිය තනපුඩු


පියයුරේ මතුපිට පෘෂ්ඨයේ සිට මිලිමීටර් කිහිපයක් ඉහළට එසවුණු සහ පිටතට උල් වූ තනපුඩු වර්ගයකි.මෙම තනපුඩු වල නියම ස්වරූපය දිස් වන්නේ ශීතල දැනුනු වෙලාවක හෝ උත්තේජනයක් සිදුවූ අවස්ථාවකදීය.

types-of-nipples-in-this-world




පැතලි තනපුඩු


උත්තේජනයක් නොමැති අවස්ථාවේ මෙවැනි තනපුඩුවක් එය වටා ඇති ඇරෝලා නම් ප්‍රදේශය තුල පැතලි මුහුවූ ස්වභාවයකින් පසුවේ.

types-of-nipples-in-this-world




ඉදිමුණු තනපුඩු


තනපුඩුව සහ ඒ වටා ප්‍රදේශය කුඩාවට දිස් වන අතර පියයුරෙන් ඉහළට එසවුන ස්භාවයක් දක්නට ලැබේ.

types-of-nipples-in-this-world




පුල්ලි සහිත තනපුඩු


තනපුඩුව වටා තද පැහැ ප්‍රදේශයේ කුඩා ඉදිමුම් දක්නට ඇත.මේවා මොන්ට්ගොමරි ග්‍රන්ථ නමින් හඳුන්වයි.සෑම කාන්තාවකගේම පියයුරුවල මෙම ග්‍රන්ථ දැකගත හැකිය.නමුත් සමහරුන්ගේ එම ග්‍රන්ථ පමණට වඩා කැපී පෙනෙන ලෙස වර්ධනය වීමෙන් ඉදිමුම් ලෙස දිස්වේ.

types-of-nipples-in-this-world




රෝම සහිත තනපුඩු


තනපුඩුව වටා ඇති තද පැහැ ප්‍රදේශයේ රෝම කූප තිබීම ඕනෑම කෙනෙකුට පොදුය.නමුත් සමහරුන්ගේ රෝම හොඳින් වර්ධනය වී තිබේ.එවැනි රෝම ඉවත් කිරීමේදී රේසර් වැනි දෑ පාවිච්චි නොකල යුතුය.මන්ද ඒවා වර්ධනය වූ ප්‍රදේශය ශරීරයේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම සුමට කොටසක් නොවන නිසාය.

types-of-nipples-in-this-world




ඇතුලට එබුණු තනපුඩු


මෙහිදී සිදුවන්නේ තනපුඩු දෙක පිටතට නෙරා යාම වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ දෙසට නෙරා යෑමයි.සමහර අවස්ථාවලදී ඇඟිලිවලින් ඒවා පිටතට ඇදගත හැකිය.

types-of-nipples-in-this-world




පිටතට සහ ඇතුලට නෙරූ තනපුඩු


එක් තනපුඩුවක් පිටතට නෙරා තිබියදී අනෙක් ඇතුල් පැත්තට නෙරා යෑම මෙහිදී සිදුවේ.

types-of-nipples-in-this-world




අමතර තනපුඩුවක්


අමතර තනපුඩු වර්ධනය වීම කාන්තාවන් අතර 1-6% ප්‍රතිශතයක සිදු විය හැකි යැ‍යි පැවසේ.මෙය කලල අවදියේ සිදුවන වැරදීමකි.මෙම අමතර තනපුඩු පැතලි ඉන්නෙකුගේ ස්වභාවයෙන් මෙන්ම හොඳින් වැඩුණු,නෙරා ගිය තනපුඩුවක් ලෙසද තිබිය හැකිය.

types-of-nipples-in-this-world