කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා උත්සව,ඉසව් ඇතුලුව ජනයා රැස්වන අවස්ථාවන් අවලංගු කරද්දී,සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රීන් සඳහා පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් නම් රූපරාජිණිය තේරීමේ තරඟාවලිය සුපුරුදු පරිදි තායිලන්තයේදී මෙවරත් පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කලහ.
මෙවර තරඟාවලියේ කිරුළේ හිමිකාරියේ වූයේ මෙක්සිකෝව නියෝජනය කල වැලෙන්ටීනා ෆ්ලුචෙයර් නැමැත්තියයි.
වැලෙන්ටීනා ෆ්ලුචෙයර් |
සුපුරුදු පරිදි මෙවර තරඟාවලියත් පැවැත් වූයේ තායිලන්තයේ පතායා නගරය කේන්ද්‍ර කරගෙනයි.තායිලන්තය සමලිංගිකයන් සහ සංක්‍රාන්තිලිංගිකයන් සඳහා නීති ලිහිල් කල රටක් නොවුවද සංචාරක ව්‍යාපාරය හේතුවෙන් විදේශිකයන් සඳහා එම නීති ක්‍රියාත්මක නොවේ.එබැවින් සමලිංගිකයන් ඇතුලුව LGBTQ ප්‍රජාව සඳහා ආරක්ෂාව අතින් ලොව දෙවන තැන හිමි කර ගෙන සිටින්නේ පතායා නගරයයි.
කොරෝනා වසංගතය හේතුවෙන් අවසන් තරඟය පැවැත් වූ මාර්තු 7දා ඊට සහභාගී කර ගැනුනේ සීමිත පිරිසකි.මේ හේතුවෙන් තරඟයට දිනකට පෙර එය පැවැත් වූ ස්ථානය සහ අවට ප්‍රදේශය විෂබීජ හරණයට කටයුතු කරන ලදි.තවද තරඟකාරියන්ගේ උෂ්ණත්වයද පරීක්ෂාවට ලක් කර ඒ ඒ ඉසව් සඳහා සහභාගී කර වීය.
තරඟයේ පළමු ස්ථානය මෙක්සිකෝවෙන් පැමිණි වැලෙන්ටීනා ෆ්ලුචෙයර් දිනා ගත්තේ සිය ජයග්‍රහණය ලතින් ඇමෙරිකාවේ සියලුම සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රීන් වෙත පුද කරමින්ය.
දෙවන ස්ථානය තායිලන්තයේ රුතයිප්රීයා නුඅන්ග්ලී දිනා ගනිද්දී තුන්වැනි තැත අරියෙලා මොවුරා හට හිමි විය.
රුතයිප්රීයා නුඅන්ග්ලී |
අරියෙලා මොවුරා |
වාර්ෂිකව පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂනල් තරඟාවලිය මෙවර පැවැත් වුනේ 15 වන වරටයි.ගිය වර එහි කිරුළ හිමි වූයේ එක්සත් ජනපදයටයි.ඒ අනුව එක්සත් ජනපදය,මෙක්සිකෝව සහ පිලිපීනය දෙවරක් බැගින් මෙම කිරුළට හිමිකම් කියති.සිව්වරක් තායිලන්තයට කිරුළ හිමිකර දීමට එරට සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන් සමත්ව සිටින්නේ ලොව සුරූපීම සංක්රාන්ත්රිලිංගිකයන් සිටින්නේ තායිලන්තයේ බව නැවත නැවතත් සිහිපත් කරමින්ය.