ස්ත්‍රී හැඩයක් සහිත ශරීරයක් ලබා ගන්නට කල හැකි ව්‍යායාම

feminizing-workouts-transform-body

පිරිමියෙක් ලෙස උපන්නද ස්ත්‍රියක් ලෙස සිතන පතන සෑම අයෙකුටම හෝර්මෝන,ශල්‍යකර්ම මගින් සිය බාහිර පෙනුම වෙනස් කරගන්නට හැකියාවක් නැත.එවැනි දෙයකට යොමුවන්නට තරම් ධෛර්යයක් තිබෙන්නේ අතලොස්සකට පමණි.විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක සංස්කෘතික වටපිටාව තුල එවැනි එඩිතර තීරණයක් ගැනීමට පෙළඹෙනවාට වඩා රහසිගත හරස් විලාසිතාවලින් තෘප්තියක් ලබා ගන්නට බොහෝදෙනා යොමුවන බව පෙනේ.

නමුත් ඒ අතරින්ද සමහරෙකුට හරස්විලාසිතාවලින් ඔබ්බට පියවර තැබීමට සිතෙන අවස්ථාද තිබේ.කාන්තාවක් මෙන් වටකුරු තට්ටම් දෙකක් ලබා ගන්නේ කෙසේද,සිහින් ඉගටියක් ලබා ගන්නේ කෙසේද යනුවෙන් සමහරක් සමලිංගික පිරිමින් සහ හරස්විලාසිනියක් මාගෙන් විමසා ඇත.බොහෝ විට ඔවුන් ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ ශල්‍ය කර්ම සහ හෝමෝන ආදියෙන් තොරව ස්ත්‍රී පෙනුමක් ලබා ගන්නටයි.

මේ සඳහා හරස්විලාසිනියන් බොරු කොණ්ඩා,කෘත්‍රීම පියයුරු,තට්ටම් වලට වටකුරු ස්භාවයක් ලබා දෙන කොට්ටා සහ පුළුල් උකුලක් සහ සිහින් ඉගටියක් මවා පෙන්වන ආධාරක භාවිතා කරයි.නමුත් එවැනි තාවකාලික උපක්‍රම වලින් ඔබ්බට ගිය වෙනත් කිසිවක් තිබේද යන්න ඔවුන්ගේ ප්‍රශ්නයයි.

ඇත්තෙන්ම එවැනි උපක්‍රම තිබෙනවා.

ඒවා නම්,

1.ආහාර පාලනය

2.ව්‍යායාමයි


වර්තමානයේ බොහෝදෙනාට මේ උපක්‍රම දෙකම අමිහිරි වන්නට පුලුවනි.ආහාර පාලනයකින් තොරව නම් ඔබට ස්ත්‍රී ස්වරූපයක් සහිත ශරීරයක් ලගා කර ගැනීම අතිශය අසීරු විය හැකිය.මන්ද ආහාර පාලනයකින් තොරව ව්‍යායාම කරන්නේ නම් ව්‍යායාම කරන කාලය වැඩි කිරීම විනා වෙනත් ක්‍රමයක් නොමැත.ඒ නිසා මේ උපක්‍රම දෙකම එකවර සිදු කරගෙන යා යුතුය.

ඔබේ ශරීරය හැඩ ගන්වා ගත හැකි ව්‍යායාම කිරීමට ඔබට ව්‍යායාම මධ්‍යස්ථානයකට යෑම අත්‍යාවශ්‍ය නොවේ.මන්ද මෙහි ඉදිරිපත් කරන ව්‍යායාම නිවසේ සිටම සිදු කල හැකි ඒවාය.

එසේ නම් ඔබේ ශරීරයෙන් ස්ත්‍රී ලාලිත්‍ය මතු කර ගත හැකි ව්‍යායාම පහක් ගැන දැන් විමසා බලමු.

පළල් උකුලක් ලබා ගැනීම සඳහා ව්‍යායාමයක්




කුඩා ඉඟටියක් ලබා ගනිමු




හීන්දෑරි ඉඟටියක් සඳහා ව්‍යායාමක්




වඩාත් වටකුරු තට්ටම් දෙකක් ලබා ගනිමු



මාසයකින් සිහින් බාහු දෙකක්




උපුටා ගැනීම>>>feminizationsecrets.com