මොකද්ද මේ ෆුට් ෆෙටිෂ් කියන්නේ?

What-Is-a-Foot-Fetish

මුලින්ම බලමු ෆෙටිෂ් එකක් (fetish) කියන්නේ මොකද්ද කියලා.ෆෙටිෂ් එකක් කියන්නේ යම්කිසි දේකට තියෙන තදබල ආසාව හෝ ඇල්ම.මේක තදබල උත්තේජනයක්.එතකොට ෆුට් ෆෙටිෂ් එකක් කියන්නේ පාද වලට තියෙන තදබල ලිංගික ආසාව හෝ ඇල්ම.කොටින්ම කියනවනන් විරුද්ද ලිංගිකයෙක්ගේ පාද වලට තියෙන තදබල ලිංගික ආසාව හෝ ඇල්ම.මෙතැනදී ගොඩක් වෙලාවට මේක තියෙන්නේ පිරිමි අයට.ඒ කියන්නේ එයාල කාන්තා පාදවලට තදින් ඇළුම් කරනවා.මේක සමලිංගිකයෙක්ට ඇතිවෙන දෙයක් නම් එයාගේ කැමැත්ත කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

මේ ෆුට් ෆෙටිෂ් එකක් කියන එකේදී මොකද්ද වෙන්නේ? කතාව ඉදිරියට ගෙනයෑමේ පහසුවට අපි මේ කතාකරන්නේ සමලිංගික නොවන පිරිමි අය ගැන කියල හිතමු.කෙනෙක්ට කාන්තාවකගේ පියයුරු වලට අධික ඇල්මක් තියෙන්න පුළුවන්.ඒ වගේම තව කෙනෙක්ට කාන්තාවකගේ පාද වලට මේ විදිහෙම ඇල්මක් තියෙන්න පුළුවන්.මේක පාදයේ ඇඟිලි වලට,යටිපතුලට,නියපොතුවලට,නියපොතුවල ආලේප කරලා තියන වර්ණයට,පාදයේ හැඩයට,සයිස් එකට,ඇඟිලි වල හැඩයට,සයිස් එකට වගේම සම්පුර්ණ පාදයම වෙනුවෙන් වෙන්නත් පුළුවන්.ඒ වගේම කෙනෙක් පිරිසිදු පාද වලට කැමති වෙනකොට තව කෙනෙක් අපිරිසිදු මද තැවරුණු දාඩිය දාපු කිළුටු පාද වලට කැමති වෙන්නත් පුළුවන්.

දැන් මේ ෆුට් ෆෙටිෂ් එකක් නැති කෙනෙක්ටනන් හිතෙයි මේ මොන මගුලක්ද, චික් විතරක් කියලා.එහෙම කෙනෙක් කාන්තාවකගේ පස්සට ආස වෙන්න පුළුවන්,එතකොට මට අහන්න වෙනවා අසූචි තියන පස්සට ආස වෙන එක චික් නැද්ද කියලා? කෙනෙක් අහයි මොන පදනමක් උඩද පාද වලට කැමති වෙන්නේ කියල. අහන්න වෙනවා මොන පදනමකින්ද පියයුරු වලට ආස වෙන්නේ කියලා. කොටින්ම කියනව නම් කෙනෙක් පියයුරු වලට ආසයි වගේම තමයි තව කෙනෙක් පාද වලා ආස වෙන්නේ.

මොකද්ද මම මේ කියන්න හදන්නේ? සරලවම කිවුවොත් ෆුට් ෆෙටිෂ් එක ඉතාම සාමන්‍යය තත්වයක්.සමහර හාස්‍ය චිත්‍රපටවල හරි දුර්වලව නිර්මාණය කළ කාමුක චිත්‍රපටිවල පෙන්නන විදිහට ෆුට් ෆෙටිෂ් කියන්නේ විකෘති ආසාවක් නෙමෙයි.ඇත්තටම කියනව නම් ලෝකයේ මිනිස්සු අතරේ බහුලවම තියන ෆෙටිෂ් එකක්. සමහර අයට නිරුවත් කාන්තා රුවක් දකිනවට වඩා වැඩි ලිංගික උත්තේජනයක් කාන්තා පාද දෙකක් දිහා බලලා ලබාගන්න පුළුවන්.ගොඩක් වෙලාවට මේ ෆුට් ෆෙටිෂ් තියන අය එක හංගන් ඉන්නේ.මොකද සමාජය ඉදිරියේ එයාලව මානසික  රෝගීන් විදිහට හංවඩු ගැහෙයි කියන බයට.නමුත් මතක තියාගන්න ඉතාලියේ බොලෝන්ඥා සරසවියේදී (University of Bologna) කරපු සමීක්ෂණයකින් හෙළිවුණා සමීක්ෂණයට යොදාගත් පුද්ගලයින් 5000ක් අතරෙන් 47% ක් පාද වලට ලිංගික ඇල්මක් දක්වනවා කියල.මේ ඇල්ම බොහෝදුරට කාන්තා අධිපත්‍යට කැමති කාන්තාවන්ට යටත් වෙලා ඉන්න කැමති අය අතරේ තමන් කාන්තාවන්ගේ දෙපා මුල ඉන්නවා කියලා  හිතන හැගීමට කෙරෙන සහයෝගයක්.හැබැයි එහෙම කාන්තා අධිපත්‍යට කැමති නැති කෙනෙක් ෆුට්ෆෙටිෂ් නෑ කියන එක නෙමෙයි එකෙන් අදහස් වෙන්නේ. FEMDOM වලට කිසිම ඇල්මක් නැති කෙනෙක් ෆුට් ෆෙටිෂ් වෙන්න ඕන තරම් ඉඩ තියනවා.

මේ ඇල්මට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මේකට එක් එක් අය විවිධ මත පලකරනවා. සරලවම මේ පිලිබදව තියෙන මතය තමයි අපගේ මොලයේ සොමාටෝසේන්සරි කොර්ටෙක්ස් කියන කොටසේ පිහිටලා තියන පාද සහ ලිංගික අවයවයට අදාල කොටස් එක ලග පිහිටලා තියනවා කියන එක.මේ හේතුවෙන් මේ කොටස් දෙකට අදාල ස්නායු අතර හරස් සංඥා හුවමාරුවක් (Neural Crosstalk) සිදුවන නිසා මෙහෙම වෙනවා කියල තමයි කියන්නේ.

මම කලින් කිවුවනේ එක් එක් අය එක් එක් ආකාරයට ෆුට් ෆෙටිෂ් වෙනවා කියලා.මෙතැනදී මේ අයට පාදයට අදාළ භෞතික දේවල්වලටත් ඇල්මක් ඇතිවෙන්න පුළුවන්.පාදයේ ඇඟිලිවලට දාන මුදු (Toe rings), පා සලබ (Anklets) වගේම කෙනෙක් නිරාවරණ වූ පාද වලට ඇල්මක් දක්වනකොට තවකෙනෙක් සෙරෙප්පු දාපු, බූට්ස් දාපු, හයි හීල්ස් දාපු, ස්ටෝකින්ස් ඇදපු පාද වලට ෆෙටිෂ් වෙන්න පුළුවන්.පාද සමග කරන ක්‍රියාකාරකම් විදිහට ගත්තොත් වන්දනාමාන කරන එක, පාද සිපගන්න එක, පාද ලෙවකන එක, පාද සම්භාහනය කරන එක, පාද වලින් තමන්ගේ ලිංගික ප්‍රදේශය ස්පර්ශ කරවාගෙන ලිංගික තෘප්තියක් ලබන එක වගේ දේවල් තමයි බහුලවම සිද්ධ වෙන්නේ.ඒ වගේම සෙරෙප්පු, හීල්ස්, බූට්ස් එක්කත් සමහර අය මේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා.විශේෂයෙන්ම කාන්තාවක් පළදින ලද පාවහන් වලට මේ අය කැමැත්තක් දක්වනවා.

මේ ෆෙටිෂ් එක අපේ සමාජයේ බහුලව කතාකරන්න පුළුවන් විෂයක් නෙමෙයි.ගොඩක් අය ඉන්නවා තමන්ගේ බිරිදගේ හරි ගෑණු ලමයාගේ හරි පාද වලට තදින් ඇළුම් කරන.නමුත් කියන්න බයයි.මානසික රෝගියෙක් කියලා හිතලා අතහැරල යයි කියලා.ඔව්, එක පාරට ගිහින් මට ඔයාගේ කකුල් ලෙවකන්න ඕන කිව්වොත් ඇත්තටම වෙයි.ඒ නිසා ෆුට් ෆෙටිස්වලට ඇලුම් කරන අයට දෙන්න තියන අවවාදය තමයි හිමින් සීරුවේ මේක එයාට තේරෙන්න දෙන්න කියලා.හොදට කාලය අරන් කරන්න ඕන වැඩක් මේ දේ.මුලින්ම ටික කාලයක් එයාගේ පාද ගැන පොඩි වර්ණනාවක් කරන්න.මේ පාට කියුටෙක්ස් ලස්සනයි ඔයාට,මේ හීල් එක කකුලේ හැඩේට ගැලපෙනවා.ඇඟිලි වල හැඩේට කැමතියි වගේ දේවල් කියන්න පුලුවන්.හැබැයි ඒ අනිත් දේවලුත් වර්ණනා කරන අතරේ හොදද.ඔහොම ටික කාලයක් ගිහින් කොහේ හරි ගිහින් ආවම කකුල් රිදෙනවද අහලා පොඩි මසාජ් එකක් දෙන්න ඉදිරිපත් වෙන්නත් පුළුවන්,හැබැයි ඔන්න දැන්ම කිවුවා,පොඩි හරි අකමැත්තක් පෙන්නුවොත් වහාම ඒ වැඩෙන් ඉවත් වෙන්න.බලෙන් කරන්න ගිහින් අනාගන්න එපා.ආපහු ටික කාලයක් යන්න දෙන්න.කලින් සාර්ථක වුන පියවර ඒ කාලය අතරේ යලි අනුගමනය කරන්න.   







කර්තෘ අයිතිය:Femdom Picaso