Miss International Queen 2019 - කිරුළ එක්සත් ජනපදයට


2019 මාර්තු 8දා තායිලන්තයේ පතායා හිදී පැවැත්වුන 14 වන මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් තරඟාවලියේ ජයග්‍රාහිකාව වශයෙන් තේරී පත් වූයේ ඇමෙරිකානු ජාතික ජසෙල් බාර්බී රෝයල් නැමති තරඟකාරියයි.ජයග්‍රාහිකාවට පිදෙන ඔටුන්න ජසෙල්ට පැළඳවූයේ පසුගිය වර්ෂයේ මෙම කිරුළට හිමිකම් කී වියට්නායමයේ නගුයෙන් හුන්හ් ජැයින්ග් විසිනි.

දෙවන සහ තුන්වන ස්ථාන සඳහා පිළිවෙලින් තායිලන්තය සහ චීනය නියෝජනය කල තරඟකාරියන් තේරී පත්විය.

රටවල් 20ක් අතරින් ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැලඳූ ඇමෙරිකාවේ ජසෙල් බාර්බී

ජසෙල් බාර්බී තරඟකාරිය ඒඩ්ස් රෝගයට එරෙහි ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අතර 2018 වර්ෂයේ එක්සත් ජනපදයේ පැවති ට්‍රාන්ස්ජෙන්ඩර් රූපරාජිණිය තේරීමේ තරඟාවලියේ ජයග්‍රාහිකාවද විය.

තරඟාවලියට සහභාගී වූ අනෙකුත් තරඟකාරියන් 

දක්ෂ ඔපෙරා ගායිකාවක්ද වන ජසෙල් තරඟාවලියේ අති දක්ෂතම තරඟකාරියට හිමි ත්‍යාගයද දිනාගත්තාය.

ඇයගේ ප්‍රශ්න-පිළිතුරු වාරයේදී "ලෝකය වඩා දැනගත යුත්තේ කුමක්දැයි ඔබ සිතන්නේ කුමන මාතෘකාවද" යනුවෙන් විමසූ විට ඇය HIV වෛරසය සහ ඒඩ්ස් රෝගය සම්බන්ධව වැඩි තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය බව පැවසීය.

ජයග්‍රාහිකාවන්,විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සහ තරඟාවලියේ අනුග්‍රාහකයෝ

මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් තරඟාවලියක් ජය ගත් ප්‍රථම කළු ජාතික trans-woman ලෙස ජසෙල් බාර්බී ඉතිහාස ගත වේ.