මොකක්ද මේ BDSM කියන්නේ?

What-is-BDSM-sex

අප බොහොමයක් දෙනාට "BDSM" කියන අකුරු හතර දැක්ක ගමන් මතක් වෙන්නේ එක්කෝ රිහානගේ කස සහ දම්වැල් ගැන කියන සිංදුව එහෙමත් නැත්තන් fifty shades of grey. BDSM වලට කැමති අය, ඒ ගැන හොද අවබෝදයක්‌ තියන ගොඩක් දෙනා fifty shades of grey චිත්‍රපටිය එක්ක වැඩි මනාපයක් නැති උනාට ෆිල්ම් එක නිසා මේ විෂය ගැන පොඩි ස්පාක් එකක් හැදුනා, විෂය ගැන නොදන්නා අය පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න පෙලබුනා.කොටින්ම මේ ගැන අවධානයක් යොමු වුනා. නමුත් ඇත්තටම BDSM කියන්නේ හරියටම මොකද්ද කියලා පැහැදිලිකරන්න මේ ෆිල්ම් එක එතරන්ම දායක උනේ නෑ. ඉතින් පොඩ්ඩක් බලමුද මොකද්ද හැබැටම BDSM කියන්නේ කියලා. මේ එක ලිපියකින් ලොකු දැනුමක් දෙන්න අමාරුයි, එත් අපි ඉස්සරහට තව ලිපි එක්ක මේ ගැන අවබෝධයක් ගන්න පොඩි උත්සහයක් ගමු.


BDSM කොටස් තුනකට බෙදනවා.


1.Bondage/Discipline,

2.Dominance/Submission

3.Sadism/Masochism.


 BDSM වලට ඇතුලත් වෙන බොහොමයක්ම වගේ kinks එහෙමත් නැත්තන් BDSM වලට කැමති අය ලිංගිකව උත්තේජනය වෙන ක්‍රියාකාරකම් වැටෙන්නේ මේ කොටස් තුනට. මේ ක්‍රියාකාරකම් එකිනෙකාගෙන් වෙනස්. මොකද අපි හැමෝම කැමති වෙන දේවල් වෙනස් නිසා.දැන්, ලිංගිකත්වය සමඟ "submission", "sadism" සහ "masochism" කියන වචන ඇහුනම මේකට අලුත් කෙනෙක්ට නම් ටිකක් කරකවල අතහැරිය වගේ වෙන එක ඉතාම සාධාරණයි.බොහෝ දෙනෙකුට විශේෂයෙන් BDSM පිළිබඳ දැනුම fifty shades of grey වැනි චිත්‍රපටයකින් ගත්ත කෙනෙක්ට මේක තිරිසන් ඔල්මොරොන්දන් වැඩක් වගේ පෙනේවි.නමුත් කියන්නම ඕන දේ තමයි ලිංගිකත්වය, බලය හා වේදනාව පවා සෞඛ්‍ය සම්පන්නව හැසිරවීමට හැකියි කියන එක.එතනදී මේ ක්‍රියාවලියේ නිරත වෙන දෙන්නා හෝ කණ්ඩායම ඒ පිලිබදව හොද අවබෝදයකින් සහ කැමැත්තකින් ඉන්නවනන්.සරලව කිවුවොත්,දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නා එකිනෙකාගේ රුචි අරුචිකම්වලට මුල්තැන දීල, එකිනෙකට ගරුකරන ලිංගික කතිකාවතකදී මේ BDSM කියන්නේ හරියට භාවනාවක් වගේ දෙයක්.

What-is-BDSM-sex

මොකද්ද මේ කියන "සන්නිවේදනය" කියන දෙයින් අදහස් වන්නේ? මෙතැනදී මම සන්නිවේදනය කියල අදහස් කරන්නේ මෙම ගැඹුරු අධ්‍යාත්මික ලිංගික ක්‍රියාවට පෙර එකිනෙකාගේ ආසාවන්, කැමති අකමැති දේවල් වගේම එකිනෙකාගේ සීමාව මොකද්ද කියන එක ගැන එකම මතේකට එන්න වැයකරන්න ඕන කාලය සහ අවධානය. ක්‍රියාවට පස්සෙත් මේ සන්නිවේදනය තියෙන්න ඕන.දෙදෙනාම ලිංගික අත්දැකීමෙන් පසු, එතැනදී සිදුවූයේ කුමක්ද කියන එක වගේම කොහොමද දෙදෙනාගේම හැගීම් කියන එක සාකච්ජා වෙන්න ඕන.මෙතැනදී තමන්ගේ සහකරුවව/සහකාරියව අගය කරන එක සහ සැලකිල්ලට භාජනය කරන එක වැදගත්.ඒ වගේම මේ බැදිම ඊලග පාර කොහොමද වැඩි දියුණු වෙන්න ඕන,මේකට අලුතින් එකතු වෙන්න ඕන මොනවද කියල සාකච්ඡා කරන එකත් වරදක් නෙමෙයි.මේ සන්නිවේදනය යුවලෙන් යුවල අනුව තමතමන්ගේ රුචි අරුචිකම් අනුව වෙනස් වෙන්න පුළුවන්.සමහරුන්ට පොඩි තුරුලක් දාගෙන කරන හුරතල් කතාබහක් වෙන්න පුළුවන්,තව කෙනෙක්ට මේසෙක දෙපැත්තේ වාඩිවෙලා වයින් වීදුරුවක් තොලගාන ගමන් කරුණෙන් කරුණට අවදානය යොමුකරලා කතාකරන විශ්ලේෂණයක් වෙන්න පුළුවන්.ඒ වගේම තව කෙනෙක්ට DOM/SUB  කියන සම්බන්ධතාවය ඇතුලෙම ඉදන් කරන කතාවක් වෙන්නත් පුළුවන්.අර බම්බු චිත්‍රපටයේ නැත්තෙත් ඔන්න ඔය සන්නිවේදනය තමයි.


මේ චිත්‍රපටයේ  විතරක් නෙමෙයි BDSM ගැන කතාකරන බොහොමයක් චිත්‍රපටවල මේ සම්බන්ධව දෙන්නේ ගොඩක් වැරදි මත.ඒ entertainment purpose එක නිසා වෙන්න ඇති.නමුත් ඒකෙන් වෙන්නේ ගොඩක් මේ ගැන දන්නේ නැති අයගේ මනසේ මේ ගැන වැරදි චිත්‍රයක් ඇදෙන එක.

එහෙනම් අපි ඊලග ලිපියෙන් BDSM ගැන තියන ලොකුම දුර්මත තුනක් කුඩුපට්ටන් කරලා දාලා, BDSM වලට අලුත්, උනන්දුවක් පිපාසයක් තියන, දැනුම හොයන අයට මේ පැත්තට ලේසියෙන් එන්න පොඩි පාරක් හදන්නයි කල්පනාව.






කර්තෘ අයිතිය:Femdom Picaso