BDSM සම්බන්ධව සමාජයේ තිබෙන දුර්මත තුනක්

3-bdsm-myths-debunked

අපේ පළමු ලිපියෙන් BDSM අවබෝධයක් ලබාගත්තා මතක ඇති නේ.ඒ ලිපියේදී මම පොරොන්දු උනා BDSM ගැන තියන ප්‍රබල දුර්මත තුනක් කුඩුපට්ටන් කරනවා කියල.එහෙනම් අපි දෙවන ලිපියට අවධානය යොමු කරමු.


1. බලහත්කාරයෙන් සිදුකරන භෞතික ප්‍රචණ්ඩත්වය හෝ හිංසනය BDSM නොවේ.


"BDSM කියන වචනේ ඇහුන ගමන් ගොඩක් දෙනාගෙ ඔලුවට එන්නේ ඉතාම දරුණු, ආක්‍රමණශීලී පරපීඩක හැසිරීම් රටාවක්. නමුත් BDSM සැබැවින්ම ඉතාමත්ම රසවත්, බොහොම ගැඹුරු හා නිර්මාණශීලී අත්දැකිමක්. මෙතැනදී එක පාර්ශ්වයකට ආධිපත්‍ය (Dominant) එක්ක බලයක් හිමිවෙනවා අනිත් පාර්ශවය තමන්ට අවනත කරගෙන (submissive) යටහත් පහත් කරගන්න.මෙතැනදී ආධිපත්‍ය මුදාහරින පාර්ශ්වය සතුව තේරුම් ගැනීමේ ගුණය, BDSM සම්බන්ධතාවය නිසිලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම වගේම දක්ෂකම, සහ වගකීම තිබිය යුතුයි.ඒ වගේම තමයි අවනත වෙන පාර්ශ්වයට බලහුවමාරුව තුල දරාගෙන සිටීමේ හැකියාව තියෙන්න ඕන.පැය කිහිපයකට සිමාවුන BDSM සම්බන්ධයකින් එහා ගිය පුර්ණ කාලීන Femdom සම්බන්ධයක ඉන්න සහකරුවෙකුට මේ දේ වඩාත්ම වැදගත්.මේ කරුණු සම්පුර්ණ වුනොත් තමයි ආධිපත්‍යය දරන පාර්ශවයට තමන් අත්දකින අසීමිත බලය සහ අවනත  පාර්ශ්වය බලාපොරොත්තු වෙන යටහත් වීම තුල ලැබෙන ඒ අසරණ හැගීම නිසි ආකාරයෙන් අත්දකින්න පුළුවන් වෙන්නේ.

පරිනත පරිපුර්ණ BDSM සම්බන්ධතාවයක දී, දෙදෙනාම අනෙක් කෙනාගේ අසාවන් සතුටු කිරීමට උපරිමව කැපවෙනවා.මෙතැනදී යටහත් වෙන කෙනා තමන්ගේ දැරිය හැකි සීමාවන් කලින්ම සාකච්ජා කරගෙන තියෙන නිසා මේ සම්බන්ධය යම්කිසි පාලනයකට යටත්වයි සිද්ධ වෙන්නේ.කොටින්ම කියනවා නම් තමන්ගේ Kinks එහෙමත් නැත්තන් තමන් කැමති ක්‍රියාවන් කලින් කතා බහ කරගෙන තමයි මේකට බහින්න ඕන.පරපිඩක කාමුකත්වය/ස්වපිඩක කාමුකත්වය සහ බලහත්කාරයෙන් සිදුකරන ශාරීරික වදහිංසා අතරේ ලොකු හිඩැසක් තියෙනවා.එහෙමත් නැත්තන් ඒක තේරුම් ගන්න ඕන දෙයක්.

මතක තියාගන්න ඕන වැදගත්ම කරුණ තමයි BDSM කියන්නේ කෙනෙක්ව ලණුවකින් ගැටගහල වේවැලක් අරන් හතර අතට නෙලන එක නෙමෙයි කියන දේ.මේ සම්බන්ධය ගොඩනැගෙන්නේ තනිකරම තමන්ගේ සහකරු/සහකාරියගේ ආශාවන් තෘප්තිමත් කරන එක මත.මෙතැනදී දෙදෙනා අතරේ හොද සන්නිවේදනයක් තියෙන්න ඕන.දෙන්නම මේක විදිනවද නැත්තන් විදවනවද කියන දේ රැදෙන්නේ මෙන්න මේ සන්නිවේදනය මත.මෙතැනදී වගේම අනෙකාට තියන ලැදියාව රදාපවතින්නේ මේ සන්නිවේදනය තුල.දෙන්නම් හොද ගැඹුරු අවබෝධයකින් ඉන්න ඕන එකිනෙකාගේ සීමාවන් සහ ලිංගික ආශාවන් ගැන.




2. ආධිපත්‍යය මුදාහරිනවා කියන්නේ සද්දෙට නියෝග කිරීම නෙමෙයි. 


BDSM වලින් එළියේ ඉන්න අය හිතන් ඉන්නේ, යටහත් කෙනා ආධිපත්‍ය තියෙන කෙනා කියන ඕනෑම දෙයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න ලෑස්තියි කියලා.BDSM සබඳතාවයක් කවදාවත් එහෙම වෙන්නේ නෑ.උදාහරණයකට ගත්තොත් ස්ලෙව් කෙනෙක්ට ඉදුල් කන්න ෆෙටිෂ් එකක් නැත්තන් ඩොම් කෙනෙක් කවදාවත් ඒක බලහත්කාරයෙන් කරන්නේ නෑ.

"බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඩොම් එහෙමත් නැත්තන් අධිපත්‍යය මුදාහරින කෙනා සෑම විටම නියෝග දිදී ඉන්නවා කියල. "ඔව්, සම්බන්ධතාවය හොදට ස්ථාපනය වෙලා දෙන්නා අතරේ හොද අවබෝධයක් හැදුනම ඒක වෙන්න පුළුවන්.ඒත් මෙතනට එන්න ලොකු කාලයක් යනවා,ඒ දෙදෙනා අතරේ හොද අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිවෙන්න යන කාලය.බලහත්කාරයෙන් කරන නියෝගයක් වගේ පේන්න තිබ්බත් ඇත්තටම මෙතැනදී සබ්ගේ කැමැත්තෙන්  පිට දෙයක් සිද්ද වෙන්නේ නෑ.මෙතැනදී safe word එකක් එහෙමත් නැත්තන් ආරක්‍ෂිත වචනයක් කලින් එකග වෙලා ඉන්න එක හොද වැඩක්.BDSM යනු තමන්ගේ සහකරු/සහකාරිය පිලිබදව සම්පුර්ණ විශ්වාසය තැබීමයි. සබ් තමන්ව පාලනය කිරීම, තමන්ට නියෝග දීම තමන්ගේ ඩොම් වෙත පවරනවා.නමුත් හොද BDSM  සම්බන්ධතාවකදී සබ්මිසිව් කෙනාට සම්පුර්ණයෙන්ම පාලනය අහිමි වෙන්නේ නෑ.




3. BDSM ඇතුලේ මධ්‍යම පිළිවෙතක් තියෙනවා  


BDSM සම්බන්ධතාවලට ප්‍රිය අය මුහුණ දුන් ලොකුම අභියෝගය තමයි මේ චිත්‍රපට සහ රූපවාහිනියේ දකින්න ලැබෙන වැරදි ප්‍රතිචාර.අපට BDSM විදිහට නිරූපණය කරන්නේ කස, දම්වැල් සහ ඇදන් ඉන්න අපහසු ලෙදර් නැත්තන් ලේටෙක්ස් ඇදුම් තියන පින්තුරයක්.නමුත් ඇත්ත කතාව තමයි BDSM සම්භන්ධතාවයක් පවත්වන්න වෙනත් ක්‍රම ඕන හැටියට තියනවා කියන එක.තමන් නිර්මාණශීලි විදිහට හිතනවනන් 24/7 එහෙමත් නැත්තන් පුර්ණ කාලීන  BDSM සම්භන්ධතාවයක් වුනත් පවත්වගන්න පුළුවන් ගෙදර දොරේදී විතරක් නෙමෙයි මගතොටෙදිත්.කලින් කාරණයේදී මම කිවුව වගේ එකිනෙකාගේ සීමාවන් සහ අසාවන් අනුව ඒක කස්ටමයිස්ඩ් කරගන්න එක තමන්ගේ වැඩක්.BDSM ඇතුලේ ඔබේ සීමාවන් පරීක්ෂා කරාට සීමාවන් අතික්‍රමණය කරන එක ඒ හැටි සුදුසු දෙයක් නෙමෙයි.සියලුම ආකාරයේ ලිංගික ක්‍රියාකාරකම් වලදී මෙන්, ඔබ යම් දෙයක් සමඟ අසතුටුදායකයි හෝ අසීරු නම්,නැවැත්වීමට ඉල්ලා සිටින්න පුළුවන්.

ඔබ ඔබෙන්ම අසන්න, BDSM සම්බන්ධතාවයේ සිටින ඔබගේ අරමුණු මොනවාද?" 24/7 " සම්භන්ධතාවයක් ඔබට පවත්වාගෙන යන්න පුලුවන්ද? එහෙම නැත්තන් ඒක නියම කරගත් කාලයක් තුල පමණක් කරන්න පුළුවන් දෙයක්ද? ඔබ දෙදෙනාම ඔබේ සීමාවන් හා අභිප්රායන් ගැන දැනුවත්ද? සහ ඔබ එකිනෙකාගේ සීමාවන් හා අභිප්රායන්ට ගරු කරනවාද?

දැන් බලමු මොකද්ද මේ මධ්‍යම පිළිවෙත කියන්නේ කියලා. හරි මෙහෙම හිතමු.යුවලක් ඉන්නවා එයාලා දෙන්නට ළමයි ඉන්නවා.හැබැයි මේ දෙන්නා BDSM වලට ගොඩක් කැමතියි.ඉතින් මේ දෙන්න හිතනවා ළමයි ඉන්න ගෘහස්ත පරිසරයක මේක කරන්න බෑ කියලා.ඉතින් තමන්ගේ ආසාව හිරකරන් හිතෙන් දුක් විදිනවා.මේ දෙන්නා නිර්මාණශීලිව හිතුව නම් 24/7 BDSM සම්භන්ධයක් වුනත් කරන යන්න පුළුවන්. හැබැයි මේකෙදි නෝනා ගෙදරට ලෙදර් ඇදන්, අඟල් හතක විතර හීල්ස් දෙකක් දාගෙන කසයක් අරන් මහත්තයට බලු දන්වලක් දාල කසෙන් ගහගහ ගෙදර වැඩ කරවගන්න එක කරන්න බෑ.ඒක අන්තගාමී තත්වයක්.හැබැයි එක සාමාන්‍ය නෑ කියල නෙමෙයි මම මේ කියන්නේ.මොකද තව කපල් එකක් ඉන්න පුළුවන් අර විදිහට තමන්ගේ සම්භාන්ධතාවය කරන යන්න පුළුවන්. අර කලින් කියපු ළමයි ඉන්න කපල් එකට පුළුවන් සාමාන්‍ය ජීවිතේදී නෝනගේ අණට විධානයන්ට මහත්තය අවනත වෙන, නෝනගේ වැඩ කරලා දෙන, ඒ වගේම නිදන කාමරය තුලදී පාලනයකට යටත්ව ටිකක් එක්ස්ට්‍රීම් විදිහට මේක කරන්න. ඇත්තටම මේ විදිහ වඩා යථාර්තවාදියි, මේකේ ඩ්‍රාමා නැතිතරන්.

මම ඔය කිවුවේ එක උදාහරණයක්. තමන්ට BDSM සම්බන්ධයක් පවත්වාගෙන යනකොට මුණ දෙන්න වෙන ප්‍රශ්න වලට පිළිතුරත් අත ලගම තියනවා. කරන්න ඕන පොඩ්ඩක් හොදට ඇස් දෙක ඇරලා බලන එක විතරයි.






කර්තෘ අයිතිය:Femdom Picaso