හරස්විලාසිනියක් ඔබ අමතයි

crossdresser-samanali-narilatha-address-you

මීට පෙර ලිපියකින් අපි මෙරට හරස්විලාසිනියක් වන සමනලී නාරිලතා සම්බන්ධව කතා කලෙමු. හරස්විලාසිනියන් සමාජය තුල මුහුණු දෙන අමිහිරි අත්දැකීම් ආවර්ජනය කරමින් ඇය අප වෙත ලිපියක් යොමු කර තිබිණි.පහත දක්වා තිබෙන්නේ එම ලිපියයි.ඉදිරි කාලයේදී තවත් ලිපි අප වෙත යොමු කරන බවත් සමනලී එහි සඳහන් කර ඇත.ඔබත් හරස්විලාසිනියක් නම් ඔබේ අදහස් වලට ඉඩක් ලබා දෙන්නට අසභ්‍ය අඩවිය සූදානම්.


"හරස්සළු විලාසිනියක් විදියට ගෙවන්නේ එක්තරා විදියක රහස් ජීවිතයක්. ඒක තේරුම් ගන්න හරස්සළු විලාසනියක් මිසක වෙන කාටවත් බැහැ. විශේෂයෙන්ම අපි පිරිමින් ආශ්‍රය කලත් ගොඩක් වෙලාවට එයාලගේ ආශාවන් සංතෘප්ත කලත් අපිව එයාලා සලකන්නේ නපුංසකයෝ විදියට.ඔවුන්ගෙන් බහුතරයක් සිතා සිටින්නේ අපි එයාලා කියන ඕනම වෙලාවක එයාලා එක්ක යහන් ගත වන්නට සූදානමින් ඉන්න ඕනේ කියලා.

දැන් සමාජ ස්ථරය ගත්තොත් අංක එක ඉතරලිංගිකයෝ,අංක දෙක පුරුෂ සමලිංගිකයෝ අංක තුන ස්ත්‍රී සමලිංගිකයෝ, ආදී වශයෙන් පෙළ ගැස්සුවහොත් පහත්ම අඩියේ විදියට තමයි හරස්විලාසිනියන් සලකන්නේ. විශේෂයෙන් අපි කුඩා කුලකයක් විදියට මුහුණු පොතේ එක්රැස් වෙලා ඉන්නවා. අසභ්‍ය අඩවිය වගේ බ්ලොග් එකක තොරතුරු හුවමාරු කරගන්නවා.

ඒත් හරස්විලාසිනියන් කියන්නේ සමාජයේ අයිතිවාසිකම් උරුම නැති පිරිසක් තමයි. චැට් එකෙදි ගොඩක් අය අපිට චැට් කරන්නේ පොඩි ආතල් එකක් ගන්න. ඔවුන්ගේ සෘජු වූ ලිංගය බලන්න, අපි එවන්න නොකීවත් දවසට චැට් එකේ එක එක ජාතියේ ලිංග 20ක් 30ක් ඔවුන් එවනවා. පුදුම අසහනයක් තියන පිරිසක් ඉන්නේ. ඒ වගේම දවසකට අපේ ලිංගය එවන්න කියනවා.ගුද විවරය එවන්න කියනවා දැන් ඇදන් ඉන්නේ මොකක්ද විඩියෝ සංවාදයකින් සතුටු වෙමුද  කියලා අහනවා, අපි ඊට අකමැත්ත ප්‍රකාශ කලාම "පොන්නයා තොට නගින්නෙත් නෑ වෙන මොනවද කරන්නේ" අහනවා.

අපි හරස්විලාසිනියෝ, අපි පොනන්යෝ නොවෙයි. එක එක අසහනකාරයන්ගේ අසහනයන් දුරු කරන්න නොවෙයි අපි ඉන්නේ. අනිත් කාරණය, අපි ගොඩක් වෙලාවට විවෘතව කතාබහ කරාම අන්තිමට ඔවුන් අහන්නේ "කීයක් ගන්නවාද සල්ලි උවමනාද" කියලා මේ අසහනකාරයෝ හිතන්නේ අපි නිදිවදින්න යකඩ පොලු තියන එවුන් හොයන් එනව කියලනේ.ඇත්තෙන්ම මෙහෙම කතා කරලාට සමාවෙන්න .මම මේ ලිපිය ලියන්නේ ලොකු ආතතියක් එක්ක.අපිට මුහුණ දෙන්න වෙලා තියෙන අමිහිරි අත්දැකීම් එක්ක කේන්ති යන එක සාධාරණයි කියලා මට හිතෙන්නේ.

ඔහොම අහපු අසහනකාරයෙකුට අපේ හරස්විලාසිනී සහෝදරියක් හොද උත්තරයක් දීලා තිබ්බා. "ඔයාට අද අරිනවා පැලෙන්නම කියලා එන එවුන් ඇවිල්ල බයට කෙලින් කරගන්න බැරිව ඉදලා හතිදාලා කැරි බින්දු දෙකක් විදලා යනවා කියලා". ඇත්ත ගොඩක් අසහනකාරයෙන්ගේ වැඩ කටින් විතරයි. ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන්ට ඔවුන් කියන දේ වත් හරි හැටි කරන්න බැහැ.ඔවුන් පරාජිතයෝ.

මේ ලිපිය දැක්කම පොන්නයෝ ෆෝම් වෙලා කියලා විවෙචන එල්ල කරයි. ඒත් සමාජයේ ඇත්ත කතාව තමයි මම මේ හෙළි කලේ. මම කියන්නේ අපි ඇත්ත හරස්විලාසිනියන් එකතු වෙන්න ඕනේ. අපි සංවාද මණ්ඩපයක් නිර්මාණය කරන්න අවශ්‍යයි. අදහස් හුවමාරු කරගන්න ඕන. හමුවිම් සංවිධානය කරන්න ඕන. මේවා කරන්න අපිට තාක්ෂණික වශයෙන් ෆෝරම් එකක් ගොඩ නගන්න සහය දෙන්න ඉදිරිපත් වෙනවා නම් කවුරු හරි ඒක ලොකු දෙයක්.

දැන් දැන් එලියට එන්න ඕන කාලය හරි. විශේෂයෙන් මේ වෙබ් අඩවියට අපි කැමතියි, ඒක අඩුම තරමේ හරස්විලාසිනියන්ගේ හඩට ඇහුම්කන් දෙන නිසා. අපේ අදහස් ජීවන විලාසිතාව සමාජ ගත කරන නිසා.

ජය වේවා අපි ඉදිරි ලිපි පෙලකින් හමුවෙමු. හරස්සළුවිලාසනියකගේ හදවතේ සිතුවිලිවලට ඇහුම්කන් දුන් ඔබට ස්තුතිවන්ත වෙමි."


ලිව්වේ :සමනලී නාරිලතා