පුරුෂ සමලිංගිකයන්ට වෙන් වූ ශ්‍රී ලංකාවේ පැරණිතම ෆෝරම් වෙබ් අඩවිය

sri-lanka-gay-forum

අන්තර්ජාලය සමාජ ගත වූ මුල් සමයේ පුද්ගලයින් සිය අදහස් හුවමාරු කරන්නට භාවිතා කල සමාජ මාධ්‍ය ජාලය වූ ෆෝරම්ය(forums).සමහර විට නූතන පරම්පරාව ෆෝරම් වෙබ් අඩවියක් කියන්නේ කුමක්ද කියා නොදන්නා තරමට ෆේස්බුක් ආදී සමාජ ජාල ලෝකය ආක්‍රමණය කර තිබේ.පසුකාලීනව AOL,Yahoo,MSN ආදී මැසෙන්ජර් ඇප්ලිකේෂන් හඳුන්වාදීමත් සමග ක්ෂණිකව පණිවුඩ හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා විය.ඊට ප්‍රථමයෙන් පණිවුඩ හුමාරුවට භාවිතා කලේ විද්‍යුත් තැපෑලයි.ෆෝරම් වෙබ් අඩවි ලෝකයට හඳුන්වා දී බොහෝ කාලයකට පසුවත් මෙරට තුල යම් ජනප්‍රියත්වයක් හිමි පුරුෂ සමලිංගිකයන්ට වෙන් වූ ෆෝරම් වෙබ් අඩවියක් තිබෙන බව ඔබ දන්නවාද? අද ලිපිය ඒ සම්බන්ධවයි.

ඒ ෆෝරම් වෙබ් අඩවිය නමින් onlymen.page.tlය.ඔබ මේ පිළිබද ඇසුවේ ප්‍රථම වතාවට නම් පහත ලින්කුවෙන් ඊට පිවිසෙන්න.

sri-lanka-gay-forum





ඉතිහාසය


මුලින්ම කියන්න ඕනේ මෙම ෆෝරම් වෙබ් අඩවියේ ආරම්භය සහ එහි විකාශනය ගැන මා සැලකිය යුතු යමක් නොදන්නා බව.ලිපිය ලිවීමට කාලයකට පෙර එම කරුණු කාරණා සොයා බලන්නට අදාල ෆෝරම් වෙබ් අඩවියේ හිමිකරුවා විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ කරගන්නට උත්සාහ කලද ඔහුගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නිසා එම කාර්යය අත්හැර දමන ලදි.ඒ නිසා onlymen.page.tl ෆෝරම් වෙබ් අඩවිය සම්බන්ධව මෙහි පළ කරන සියලු තොරතුරු මා පෞද්ගලිකව අන්තර්ජාලය ඔස්සේ සොයා ගත් ඒවා බව සලකන්න.


මෙහි ඉතිහාස සම්බන්ධව කතා කිරීමේදී වෙබ් අඩවියක ඉතිහාස සොයා බැලීමට බහුලව යොදාගන්නා wayback machine - www.archive.org නම් වෙබ් අඩවියේ පිහිට පැතුවෙමි.එහිදී දැක ගත හැකි වූයේ onlymen.page.tl වෙබ් අඩවිය සම්බන්ධව wayback machine හි තොරතුරු සටහන් වී තිබෙන්නේ 2011 වර්ෂයේ ජනවාරි 02දා පමණක් බවයි.එසමයේ මෙම ෆෝරමයට පිවිසීමට තිබූ වෙබ් පිටුව දිස්වූ අයුරු පහත දැක්වේ.

sri-lanka-gay-forum

එ දිනට අදාල snapshot එකට පිවිසි විට එම කාලයේ වෙබ් අඩවිය පැවති ස්වරූපය දැක බලා ගත හැකිවිය.පහත දැක්වෙන්නේ 2011.01.02 දිනට අදාල වෙබ් අඩවියේ snapshot එකයි.

sri-lanka-gay-forum

නමුත් ෆෝරමයේ ආරම්භය 2007 වර්ෂය තරම් ඈත කාලයට දිව යන්නේ මෙරට පැරණිම ෆෝරම් වෙබ් අඩවියක් වන elakiri.com හි සමකාලීනයෙක් බව පසක් කරමින්ය.මෙම ෆෝරමයේ සාමාජිකයෙක් විසින් දමා තිබෙන පැරණිතම පෝස්ටුවේ දිනය ලෙස සඳහන් වන්නේ 2007 වර්ෂයේ නොවැම්බර් මස 20දාය.

sri-lanka-gay-forum

onlymen.page.tl වෙබ් අඩවියේ වර්තමාන ස්වරූපයත් ආරම්භ අවදියේ ස්වරූපයත් සංසන්දනය කලහොත් බොහෝ වෙනස්කම් සිදුව තිබෙන බව පෙනේ.ඇත්ත වශයෙන්ම කියහොත් ආරම්භයේ පැවති බොහොමයක් අංග අද වනවිට ඉවත් කර තිබේ.ඊට හේතු වූ කාරණා මොනවා දැයි අප දන්නේ නැත.ඒ කෙසේවෙතත් කාලයත් සමග ෆෝරම් වෙබ් අඩවිය වැඩි දියුණු වෙනවා වෙනුවට ආපස්සට ගමන් කල බව දැක ගත හැකිය.



වර්තමානය


2011 වර්ෂයේ පටන් වර්තමානය දක්වා වෙබ් අඩවියේ විකාශනයේදී මුහුණ දෙන්නට සිදුවූ යහපත් සහ අයහපත් බලපෑම් සම්බන්ධව කිසිදු තොරතුරක් අප සතුව නොමැත.ඒ නිසා වෙබ් අඩවියේ වර්තාමන අන්තර්ගතය සහ සැකැස්ම සම්බන්ධව කෙටියෙන් විමසා බලමු.

පහත රූපයෙන් දැක්වෙන්නේ onlymen.page.tl ෆෝරමයේ මුල් පිටුව 2011 ඔක්තෝම්බර් මාසයේදී දිස් වූ අයුරුය.එම වර්ෂය ආරම්භයේදී එහි තිබූ බොහෝමයක් අංග 2012 වර්ෂය උදාවද්දී ඉවත් කර තිබිණි.

sri-lanka-gay-forum



2018 වර්ෂයේ නොවැම්බර් මාස 05දා ෆෝරමය දිස් වු අයුරු.

sri-lanka-gay-forum

ලියාපදිංචි වීමකින් තොරව ෆෝරමයේ ලිපි සහ අනෙකුත් දෑ කියවන්න ඔබට හැකියාව තිබේ.අදහස් පල කරන්නට අවශ්‍ය නම් එහි ගිණුමක් නිර්මාණ කර ගත යුතුය.


මුල්වරට ෆෝරමය පිවිසෙද්දී පහත දැක්වෙන ආකාරයේ පිටුවක් දැකගත හැකිය.එහි ENTER යන්න ක්ලික් කරන්න.එවිට ඔබව ෆෝරමයේ මුල් පිටුව වෙත ගෙන යාවි.

sri-lanka-gay-forum

මුල් පිටුවේ වම්පසින් Navigation bar එකක් දැක ගත හැකිය.ෆෝරමයේ මුල් පිටුව තුල විවිධ මාතෘකා සඳහා වෙන් කල වෙනස් පිටු තිබේ.මෙහි දැනට වඩාත්ම සක්‍රීය පිටුව වන්නේ සමලිංගික ගෲංගාරාත්මක කතා අඩංගු පිටුවයි.එහි ෆෝරමයේ සාමාජිකයන් නිර්මාණය කල මනඃ කල්පිත කතන්දර මෙන්ම සත්‍යය සිදුවීම් ඇසුරින් ලියූ කතන්දරද ඇතුලත්ය.ඔබ ගෲංගාරය මතු කරන සමලිංගික කතන්දර ප්‍රිය කරන අයෙක් නම් ඊට සුදුසුම තැන මෙම ෆෝරමයයි.මන්ද එහි කතන්දර පිටුව නිරන්තරයෙන් යාවත්කාලීන වන්නකි.දන්නා තරමින් එලෙස යාවත්කාලීන වෙන වෙතත් සමලිංගික කතා සහිත ෆෝරමයක් හෝ වෙබ් අඩවියක් නැත.දැනට මෙරට ක්‍රියාත්මක සමලිංගිකයන්ට වෙන් වූ අනෙක් ෆෝරමය වන්නේ Get Real Forumය(සැ.යු.හි 18+ අන්තර්ගතයන්ට අවසර නොලැබේ).

sri-lanka-gay-forum

ෆෝරමයේ අනෙකුත් පිටු ගවේෂණය කිරීම ඔබට භාර කරමි.මෙහි සාමාජිකයෙක් වීමට නම් පහත දැක්වෙන පරිදි Not registered yet යන්න මත ක්ලික් කරන්න.

sri-lanka-gay-forum

ඉන්පසුව විවෘත වන පිටුවේ ඔබ කැමති නමක්,මුර පදයක් සහ විද්‍යුත් ලිපිනයක් ලබා දී ලියාපදිංචිය වන්න.ඔබ ලබා දුන් විද්‍යුත් ලිපිනය ලැබෙන පණිවුඩය තහවුරු කිරීමෙන් පසුව ෆෝරමයට පිවිස අදහස් පළ කරන්නට හැකියාව ලැබේවි.

sri-lanka-gay-forum