Miss International Queen 2018 - කිරුළ වියට්නාමයට

miss-international-queen-2018

2018 වර්ෂයේ පැවැති මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් තරඟාවලියේ කිරුළ හිමි කර ගන්නට වියට්නාමයේ නුයෙන් හොන්ග් ජියැන්ග් සමත් විය.තායිලන්තයේ පතායා නගරයේ පැවැත්වූ මෙම තරඟාවලිය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්(Trans-women) වෙනුවෙන් ආරම්භ වූ ලොව වඩාත් ප්‍රසිද්ධතම රූප රාජිණී තරඟාවලියක්ද වේ.ශ්‍රී ලංකාව ඇතුලුව රටවල් 28ක් නියෝජනය කරමින් තරඟකාරියෝ 28 දෙනෙක් ඊට සහභාගි විය.


miss-international-queen-2018
නුයෙන් හොන්ග් ජියැන්ග්

2004 වර්ෂයේදී ආරම්භ කල මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් තරඟාවලිය මෙවර පැවැත් වූයේ 13 වන වරටයි.2018 වර්ෂයේදී දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගත්තේ පිළිවෙලින් ඕස්ට්‍රේලියාවේ ජැක්ලින් ඇග්ලිස් ගිලීස් සහ තායිලන්තයේ රින් රාඩා තුරාපන් යන තරඟකාරියන්ය.


ජයග්‍රාහී මොහොත




වියට්නාමය නියෝජනය කරමින් අංක 28 දරන තරඟකාරිය ලෙස ඉදිරිපත් වූ නුයෙන් හොන්ග් ජියැන්ග් අවසානයේදී මිස් ඉන්ටර්නැෂනල් ක්වීන් තරඟාවලියේ ජයග්‍රාහිකාව බවට පත් විය.