Miss International Queen 2018 - සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන්ගේ මහා මංගල්‍යය


පිරිමි ලෙස ඉපදී ස්ත්‍රීන් ලෙස ජීවත් වන සංක්‍රාන්තිලිංගික ස්ත්‍රීන්(Transgender Women) වෙනුවෙන් පැවැත්වෙන Miss International Queen නම් රුවැත්තිය තේරීමේ තරඟාවලියේ 2018 වර්ෂයේ අධිරය එළඹෙන මාර්තු මස 9 වනදා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය.මෙවර තරඟාවලිය "ඔබේ සැබෑ අනන්‍යතාවය සොයන්න" යන තේමාව මුල් කරගෙන පැවැත්වෙනු ඇත.මේ වසරේ ඊට රටවල් 28 නියෝජනය කරමින් තරගකාරියන් 28 එක්වේ.


නොයෙල් ටොකුහිසා

සුපුරුදු පරිදි මෙවර තරගාවලියත් තායිලන්තයේ පතායා නගරය මුල් කරගෙන පැවැත්වේ.මෙහි පළමු අධිරය 2004 වර්ෂයේදී පැවැත්වුණු අතර 2011 වර්ෂයේ පැවැති තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමිලා අසංකා සහභාගි විය.2018 වර්ෂයේදී මෙරට නියෝජනය කරමින් නොයෙල් ටොකුහිසා නම් සංක්‍රාන්තිලිංගික කාන්තාව සහභාගී වේ.


පහත දැක්වෙන්නේ මෙවර ඉසව්වේ තරඟකාරියන්ය.