පුරුෂ සමලිංගිකයන්ට සමාජ ජාලයක්

social-media-for-gay-people

මීට පෙර ලිපියකදී නම් පුරුෂ සමලිංගිකයන්ට පමණ වෙන්වූ Grindr නම් ඇප්ලිකේෂන් එකක් ගැන කතා කලා ඔබට මතක ඇති.අද ඔබට හඳුන්වාදෙන්නේ එවැනිම ඇප්ලිකේෂන් එකකි.Blued යන නමින් හඳුන්වන මෙම සමාජ ජාලය ජංගම දුරකතන වලට භාවිතා කල හැකි මෘදුකාංගයක් ලෙස පැමිණේ.එනම් එය ෆේස්බුක් සමාජ ජාලය මෙන් වෙබ් අඩවියක් නොවේ.නැත හොත් ඔබට Blued සමාජ ජාලයට පරිගණකයක් ඔස්සේ පිවිසීමට හැකියාවක් නැත.



ජංගම උපාංගවල මෙහෙයුම් පද්ධති ලෙස භාවිතා වන ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් සමාගමේ අයිඕඑස්,මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 යන මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන මෘදුකාංගයක් වශයෙන් පමණ පැමිණෙන මෙම පුරුෂ සමලිංගික සමාජ ජාලයේ උපත සිදුවන්නේ 2012 වර්ෂයේ චීනයේදීය.


Blued යනු Gay dating app එකකට වඩා සමාජ ජාලයකි.එහි සාමාජිකයෝ ගණන මිලියන 27 පමණ වෙතැයි ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වේ.නමුත්  Gay Dating Apps පිළිබදව එක්තරා වෙබ් අඩවියක් සිදුකල ඡන්ද විමසීමකදී Blued මෘදුකාංගයට ලැබී තිබුණේ දෙවන තැනයි.පෞද්ගලිකව මගේ කැමැත්ත Blued සමාජ ජාලයටයි.මන්ද Grindr ලබානොදෙන පහසුකම් Blued ඔස්සේ ලබාදීමත්,Grindr හි සමහර පහසුකම් ලබා ගැනීමට මුදලක් ගෙවීමට සිදුවීමත් යන කාරණා නිසාය.


Blued හි සියලුම පහසුකම් 100% නොමිලේ ලබාදෙයි.පහත දැක්වෙන්නේ එහි තිබෙන විශේෂතාය.

-අනෙක් සාමාජිකයෝ Follow කිරීමට ඔබට අවස්ථාව ලබාදී තිබේ.

-ෆේස්බුක්  සමාජ ජාලය තුල  status updates කරනවා මෙන් මෙහිද ඔබේ අදහස් ඔබේ Profile එකේ wall එක මත සඳහන් කරන්නට පුලුවනි.

-ඔබේ Profile එකේ wall එක මත ඡායාරූප සහ වීඩියෝ පළ කරන්නට අවස්ථාව ලබාදී තිබේ.

-Blued LIVE නම් පහසුකම ෆේස්බුක් සමාජ ජාලයේ facebook live සමානය.

-කණ්ඩායම් එනම් Groups වලට සම්බන්ධ වීමට පුලුවනි.

-අනෙක් සාමාජිකයන්ට හඬ පණිවුඩ,ඡායාරූප යැවීමට හැකියාව ඇත.


ඔබේ Blued app එකට ඡායාරූප එකතු කරන්නටත්,ඡායාරූප ඇල්බම් පවත්වාගෙන යෑමටත් සහ ඒවා නරඹන්නට උනන්දුවන අයට ප්‍රවේශ වීමට අවසර ලබා දීම හෝ නොදීම සිදුකල හැකිය.එනම් පෞද්ගලික ඡායාරූප ඇල්බම් පවත්වාගෙන යා හැකිය.


ඔබේ ඇලුම්කම් හෝ ඔබ සිටින ස්ථානය අනුව කැමති මිතුරෙක් සොයා ගන්නට ඔබට අවස්ථාව තිබේ.Blued මෘදුකාංගය ඔබේ ජංගම උපාංගයේ ගෝලීය පිහිටුම් පද්ධති(GPS) පහසුකම යොදාගෙන ඔබට ආසන්නයේම සිටින පුද්ගලයන්ගේ Profiles පෙන්වයි.ඔබ GPS නොමැතිව Blued මෘදුකාංගය පරිගණකයක භාවිතා කරන්නේ නම් ඔවුන් ඔබේ IP address එක අනුව පිහිටීම අන් අයට පෙන්වයි.


ගූගල්,ෆේස්බුක් සහ ට්විටර් යන සේවා වල ගිණුමක් ඔබ සතු නම් ඒ හරහා Blued සමාජ ජාලයට සම්බන්ධ විය හැකිය.



Blued මෘදුකාංගය ගූගල් ප්ලේ,ඇප්ස්ට්‍රෝ ආදිය ඔස්සේ බාගත කල හැකිය.




Download Blued App - App එක ඩවුන්ලෝඩ් කර ගන්න පහත අයිකන් එක මත ක්ලික් කරන්න,නැත්නම් ගූගල් ප්ලේ හෝ ඇප්ස්ට්‍රෝ වෙත ගොස් Blued නමින් සෙවුමක් දමා භාගත කරගන්න.