සමලිංගික ඔබට වෙන්වූ Dating App එකක්


සමාජ ජාල වෙබ් අඩවි යනු නූතන පරපුරට නැතුවම බැරි අංගයකි.සමාජ ජාල සහ ජංගම දුරකතන අතර නොබිදිය හැකි බැදීමක් ඇතිව තිබේ.මෙරට බොහෝදෙනා නව මිතුරන් ඇති කර ගැනීම සඳහා සුලභවම භාවිතා කරන්නේ ෆේස්බුක් සමාජ ජාලයයි.ඊට අමතරව සංවාදයේ යෙදීම සහ වීඩියෝ/දුරකතන ඇමතුම් ලබාගැනීම Skype,Imo,WhatsApp,Viber ආදිය ද බහුලවම භාවිතා කෙරේ.නමුත් මෙරට තුල පුරුෂ සමලිංගිකයන්ටම වෙන් වූ සමාජ ජාල නොමැති තරම්ය.ඔවුන් එක් තැනට රොක් කරන වෙබ් අඩවි තිබුණද ඔවුන් එකිනෙකා හඳුනාගැනීම සහ පහසුවෙන් කතා බහ කිරීමට පහසුකම් ඒවා සතුව නැත.



මේ කියන්නට යන්නේ ලොව වැඩි පිරිසක් භාවිතා කරන Gay/Bisexual app එකක් සම්බන්ධවයි.මෙය Grindr නමින් හඳුන්වයි.මෙම මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතනවල ස්ථාපනය කර ගත හැකිය.Grindrහි තිබෙන විශේෂත්වය වන්නේ එය  geosocial networking වර්ගයේ මෘදුකාංගයක් වීමයි.එනම් ජංගම දුරකතනයේ පිහිටීම මෘදුකාංගය භාවිතා කරන අනෙක් පරිශීලකයන්ට දිස්වීමයි.මෙම අංගය එක් කර තිබෙන්නේ ඔබට වඩාත් ළඟින්ම සිටින මිත්‍රයන් සොයා ගැනීම සඳහාය.


දැනට Grindr මෘදුකාංගය රටවල් 192ක පුද්ගලයින්ට භාවිතා කල හැකිය.රටවල් අතලොස්සක් පමණ මෘදුකාංගය තහනම් කර තිබේ.සජීවීව සංවාදයේ යෙදීම,ඡායාරූප යැවීම සහ තමන්ගේ නිරවද්‍ය පිහිටීම අනෙක් පස සිටින්නාට දැන්වීම ආදී පහසුකම් මෙය සතුය.2009 වර්ෂයේදී හඳුන්වා දුන් Grindr මෘදුකාංගය ලොව පළමු gay geosocial යෙදවුමයි.


Grindr යනු තාවකාලික හමුවීමකට ,නව මිත්‍රයන් හඳුනා ගැනීමට හෝ අනාගත සහකරුවා සොයා යන පිරිමි ඔබට ප්‍රයෝජනවත් විය හැකි ජංගම දුරකතන මෘදුකාංගයකි.නමුත් මෙය ජංගම දුරකතනයේ ස්ථාපනය කරගැනීමෙන් ඔබට ගැටලු මතුවිය හැකිය.මන්ද ඔබ පෞද්ගලිකත්වය සම්බන්ධව එතරම් සැලකිලිමත් නොවන කෙනෙක් නම් ජංගම දුරකතනයේ ඇප් එකක් තිබෙනු දකින අයෙක් ඔබ සමලිංගිකයෙක් යැ‍යි හඳුනා ගැනීමට පුළුවනි.පළමුව ඒ ගැන සැලකිලිමත් වන්න.


Grindr මෘදුකාංගය ස්ථාපනය කරගැනීමට නම් ඔබ සතුව ස්මාට් ජංගම දුරකතනයක් තිබිම අනිවාර්යය වේ.එසේම එහි ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ්,බ්ලැක්බෙරි හෝ ඇපල් සමාගමේ අයිඕඑස් මෙහෙයුම් පද්ධති වලින් එකක් විය යුතුය.පරිගණකයක මෙම මෘදුකාංගය ස්ථාපනය කරගන්නේ නම් ඒ සඳහා Android emulator භාවිතා කල යුතුය.


Grindr මෘදුකාංගය ජංගම දුරකතනයේ ස්ථාපනය කරගන්නා අයුරු

1.මෘදුකාංගය බා ගැනීම

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක නම් Android 2.3.3 Gingerbread යන සංස්කරණය හෝ ඊට ඉහල සංස්කරණයක් විය යුතුය.අයිඕඑස් උපාංගයක් නම් අයිඕඑස් 6 හෝ ඊට ඉහල සංස්කරණයක් විය යුතුය.තවද ඔබේ වයස අවුරුදු 17 ඉක්මවා තිබීම අනිවාර්යය වේ.







2. ගිණුමක් නිර්මාණය කර ගැනීම

ඔබේ ඊමේල් ලිපිනය සහ මුර පදය ඇතුලත් කරන්න.එසේම ඔබේ වයස ඇතුලත් කිරීම සහ CAPTCHA සම්පුර්ණ කිරීමද අවශ්‍ය වේ.





3.ගිණුම සම්පුර්ණ කිරීම

Display name:කැමති නමක් හෝ සැබෑ නම යොදාගත හැකිය

Headline:කෙටි වගන්තියක් යොදන්න.අනෙක් අය ආකර්ශනය කරගන්නා ආකාරයේ එකක්.

Age:ඔබේ වයස,ඔබේ වයස අවුරුදු 18 සම්පුර්ණ වීම අනිවාර්ය වේ.කැමැත්ත පරිදි වයස පෙන්වීමට සැලැස්වීම හෝ සඟවා තැබීම කල හැකිය.

About Me:ඔබේ ඇලුම්කම්,විනෝදාංශ,කැමති/ අකැමැති දේ,අවශ්‍යතාවය ආදිය.

Grindr Tribes::මේවා පුරුෂ සමලිංගික සමාජයට සීමා වූ විශේෂිත වචන වේ.ශරීර මාදිලිය සහ අනෙකුත් ගුණාංග මත මේ වචන යොදා ගැනේ.උදාහරණ:තරුණ,කෙට්ටු,ශිෂ්‍යයන් යන නමින් හඳුන්වයි.බරින් වැඩි සහ දේහයේ රෝම සහිත පිරිමින් යන නමින් හඳුන්වයි.

බර,උස,දේහ ස්භාවය සහ ජනවර්ගය

Looking For:ඔබ මෘදුකාංගය භාවිතා කරන අවශ්‍යතාවය(සංවාදයේ යෙදීම,තාවකාලික හමුවක්,මිතුරන්,කෙටි හෝ දීර්ඝ කාලීන සම්බන්ධතා හෝ අනියම් ලිංගික කාර්යයක්)

සබදතාවයේ ස්වභාවය

Social networks:අනෙකුත් සමාජ ජාල වන Facebook, Twitter, Instagramආදියේ ඔබ භාවිතා කරන නම් මෙහි ඇතුලත් කල හැකිය.





4.ඡායාරූපයක් අප්ලෝඩ් කිරීම

ඔබට කැමරාව යොදාගෙන ඡායාරූපයක් ගැනීමට හෝ දැනට තිබෙන ඡායාරූපයක් අප්ලෝඩ් කිරීමට අවස්ථාව ලබා දී ඇත.මෙහිදී ඔබට අසැබි  හෝ ලිංගික අවයව  පෙන්වන හෝ යම් නිෂ්පාදනයක් සේවාවක් ප්‍රදර්ශනය කරන ඡායාරූප පළ කල නොහැකිය.සියල්ල වයස අවුරුදු 18 අඩු අයෙකුට පවා නැරඹීමට හැකි ඒවා වියයුතුය.






5.මෘදුකාංගයේ සැරිසැරීම

ඔබේ උපාංගයේ සහ මෙහෙයුම් පද්ධතියේ හැටියට පරිශීලක අතුරුමුහුණත වෙනස් වේ.මෙම ලිපිය සඳහා භාවිතා කර තිබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට්කැට් සංස්කරණය සහිත දුරකතනයක ස්ථාපනය කල මෘදුකාංගයයි.

වෙනත් අයෙක්ගේ ගිණුමකට පිවිසීම-ඡායාරූපයක් මත ක්ලික් කිරීම.

යම් අයෙක් ඔබේ ප්‍රියතම මිතුරා කර ගැනීම තරු ලකුණ ක්ලික් කරන්න.





තැඹිලි පැහැති තීරුවේ ඇති අංග

එහි අයිකන් 5ක් තිබේ.

වම්පස වෙස් මුහුණ:ඔබේ ගිණුම දැකීම සහ සංස්කරණය කිරීම කල හැකිය.සැකසුම් වෙනස් කිරීම,උදව් ලබා ගැනීම සහ අවශ්‍ය නම් හෙවත් මුදල් ගෙවා ලබාගත හැකි අමතර සේවා වලට පිවිසීම.

කථන බුබුල:ඔබට යම් අයෙක් ගෙන් පණිවුඩයක් ලැබුණු වහාම මෙහි දිස්වේ.ලැබුණු පණිවුඩ ගණන සංඛ්‍යාවකින් පෙන්වයි.

වෘත්තාකාර අයිකනය:ඕන්ලයින් නොසිටින අය නොපෙන්වා ඕන්ලයින් සිටින අය පෙන්වීමට සලස්වයි.

සෘජුකෝණාස්‍ර 3ක් සහිත අයිකනය:පෙරහනක් ලෙස ක්‍රියා කරයි.





සංවාදයේ යෙදීම

අවශ්‍ය පුද්ගලයාගේ ගිණුම වෙත ගොස් එහි පෙන්වන සංවාද අයිකනය මත ක්ලික් කිරීම හෝ ඔහුගේ ඡායාරූපය මත දෙවරක් ක්ලික් කිරීම.පණිවුඩ පෙන්වන්නේ සැලැස්මටය.ඔබේ පණිවුඩ තැඹිලි පැහැයෙන්ද අනෙකාගේ පණිවුඩ නිල් පැහැයෙන්ද පෙන්වයි.






ඡායාරූප ගැනීම සහ යැවීම

කැමරා අයිකනය යොදාගෙන දුරකතනයේ කැමරාව  ක්‍රියාත්මක කර ඡායාරූපයක් ගෙන යැවීම කල හැකිය.






ස්ථානය දැන්වීම

ඔබේ උපාංගයේ මෙනු සොෆ්ට්කී එක තද කිරීමේදී එන මෙනුවේ යන්න ක්ලික් කරන්න.එවිට  තාක්ෂණය යොදාගෙන ඔබේ වර්තමාන පිහිටීම අන් අයට පෙන්වීමට සැලැස්විය හැකිය.






අනෙකුත්  අංග භාවිතා කිරීම

පෙරනය යොදාගෙන ඔබට ගැලපෙන පුද්ගලයින්ගේ එකතුවක් සොයා ගත හැකිය.නමුත් මෙහි සමහර අංග භාවිතා කිරීමට Grindr Xtra මිලදී ගත යුතුය.






Grindr Xtra මිලදි ගැනීම

ඕන්ලයි සිටින පුද්ගලයින් පමණ දැක ගැනීමේ හැකියාව ලබාගත හැකිය.

වෙළද දැන්වීම් නැත.

පහලට යද්දී සාමාජිකයන් රැසක් පෙන්වයි

පෙරහන් ක්‍රියාවලියේ සියලුම අංග ලබාදෙයි.

ඔබ අකැමැති අය අවහිර කිරීම සහ කැමති අයව සලකුණු කිරීම.


ආදී අංග Grindr Xtra මිලදී ගැනීමෙන් ලබාගත හැකිය.