ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියෝ - ෂෙහානා රිතු

sri-lankan-crossdressers-shehana-rithu

මෙරට වෙසෙන හරස්විලාසිනියන් ගැන ලිපි කිහිපයක්ම පළකරන්නට අසභ්‍ය අඩවිය හැකියාව ලැබුණේ ෆේස්බුක් සමාජ ජාලය නිසාවෙනි.මන්ද මෙරට බොහොමයක් හරස්විලාසිනියන් එම සමාජ ජාලය පාවිච්චි කරන නිසාය.එලෙස හඳුනාගත් හරස්විලාසිනියන් 11 දෙනෙක් දැනට මෙම බ්ලොග් අඩවිය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර ඔබ හමුවට ගෙනැවිත් තිබේ.මේ ලියවෙන්නේ එහි 12 වන ලිපියයි.මෙවර ඔබ හමුවට ගෙන එන්නේ ෂෙහානා රිතු නම් හරස්විලාසිනියයි.


1.ඔබ ගැන කෙටියෙන් යමක් සඳහන් කල හොත්?

මගේ නම ෂෙහානා රිතු.ඉපදුනේ 1993 වර්ෂයේ .දැන් වයස 24යි.පදිංචිය ගල්කිස්ස.




2.කාන්තාවක් ලෙස සැරසී සිටීමට සිතුනේ කුමන කාල වකවානුවකදීද?

මට එහෙම සිතුවිල්ලක් ආවේ පාසල් යන කාලයේ.එතකොට මම 8 ශ්‍රේණියේ විතර ඇති.




3.හරස්විලාසිනියක් හෙවත් crossdresser කෙනෙක් යනු කවරෙක්ද යන්න ඔබේ වචන වලින් විස්තර කලහොත්?

පිරිමියෙක් විදියට ඉපදුණු ස්ත්‍රියක් මෙන් අදින පළදින,ස්ත්‍රියක් මෙන් ජීවත්වීමට උත්සාහ කරන අයෙක් කිව්වොත් හරි.




4. හරස්විලාසිනියන්ට සමාජයේදී මුහුණ දෙන්නට වන ගැටලු ඔබේ අත්දැකීම්වලින් පැහැදිලි කරන්න.

වැඩිදෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි නිදහසේ ඇඳුම් ඇදලා ඉන්න ස්ථානයක් නැති එක.අනික් කාරණය අපි වගේ අයව සමාජයෙන් කොන් කිරීම




5.ඔබ පළමුවරට කාන්තා ඇදුමින් සැරසුනු දිනය සිහිපත් කරන්නේ නම්?

මුලින්ම කාන්තා ඇඳුමින් සැරසුනේ පාසල් යන අවධියේ.ඒ වෙනකොට මම හිටියේ 8 ශ්‍රේණියේ.මම කාන්තා යට ඇඳුම් ඇඳගෙන පාසල් ගිහින් තියෙනවා




6.හරස්විලාසිනියන් සමාජයෙන් කොන් කරන්නේ සහ සමාජයේ පිළිකුලට ,අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්නේ ඇයි?

මට මේ ප්‍රශ්නයට හරියට උත්තරයක් දෙන්න බැහැ.සමාජයේ මිනිසුන් විවිධාකාරයි.




7.ඔබේ crossdressing ජීවිතය ලෝකයාට රහසක්ද?

ඔව්.එය ලෝකයාට රහසක්.මම හරස්විලාසිනියක් බව පවුලේ කිසිවෙක් නොදනියි.එසේම කාන්තා ඇඳුම් ඇඳ සිටියදී මා කිසිවෙකුට හසුවීද නොමැත.




8.ඔබ හරස්විලාසිනියක් වීමට හේතුව කුමක්ද?

මගේ සිත තුල තිබෙන ස්ත්‍රී හැඟීම් මාව හරස්විලාසිනියක් බවට පත් කරන්නට හේතු වුනා.




9.හරස්විලාසිනියකට ස්ත්‍රී නාමයක් අවශ්‍යමද?

ගැහැණියක් නම් ඇගේ ස්ත්‍රී ලිංගික අනන්‍යතාවය ප්‍රදර්ශනය සඳහා ස්ත්‍රී නාමයක් භාවිතා කලයුතුය.මම සිතන්නේ පතන්නේ සහ හැසිරෙන්නේ කාන්තාවක් ලෙස නම් ස්ත්‍රී නාමයක් භාවිතා කිරීමේ වරදක් මා දකින්නේ නැත.




10.හරස්විලාසිනියන්ට සමාජ ජාල සහ අන්තර්ජාලය ඔස්සේ නිදහසේ අදහස් දක්වන්නට අවස්ථාව ලැබී තිබේ.ඒ සම්බන්ධව ඔබේ අදහස දැනගන්නට කැමතියි

ඇත්තටම ඒක හොඳ අවස්ථාවක් අපි වගේ අයට.ඒ හරහා අපිට ගැලපෙන නොගැලපෙන අය තෝරා බේරාගෙන ආශ්‍රය කරන්නට පුලුවන්.




11.ඔබ සාමාන්‍යයෙන් අදින කාන්තා ඇඳුම් මොනවාද?

දිග සාය,යට සාය,තන පට,කාන්තා යට බැනියම් සහ සාය




12.බොහෝදෙනාට හරස්විලාසිනියන් යනු ලිංගික වෘත්තිකයන් පිරිසකි.මෙහි සත්‍යය අසත්‍යයතාවය කුමක්ද?

ඔව් එහි සත්‍යයක් තිබෙනවා.නමුත් සියලු හරස්විලාසිනියන් ඊට අයත් වන්නේ නැත.




13.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කෙටියෙන් යමක් සඳහන් කලහොත්?

මම රැකියාවක් කරනවා.මට පෙම්වතෙක් සිටිනවා.විවාහ වීමට ආසාවක් තිබෙනවා.නමුත් ඒ මාව තේරුම් ගැනීමට පුලුවන් අයෙක් හමුවුනොත් පමණයි.




14.ඔබේ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?

නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවල හරස්විලාසිනියක් ලෙස පිටතට ගොස් තිබෙනවා.




15.ඔබ අදින්නට වඩාත් ප්‍රිය කරන එහෙත් අවස්ථාවක් නොලද ඇදුම් සහ පැළඳුම් තිබේද?

ඇඟට හිර වෙන සාය,ඇගට හිරවෙන ගවුම,අඩි උස සපත්තු සහ Stockings




16.සාමාන්‍යයෙන් හරස්විලාසිනියකගේ ජීවිතයේ කොටස් දෙකක් තිබේ.එකක් ඔවුන් ස්ත්‍රියක් ලෙස ඇඳ පැළඳගෙන ගෙවන කාලයයි.අනෙක් පුරුෂයෙක් ලෙස සාමාජය ඉදිරියේ ගෙවන කාලයයි.මින් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?

මම පිරිමියෙක් විදියට ඉපදුනාට මගේ අභ්‍යන්තරයේ සිටින්නේ ගැහැණු ආත්මයක්.ඒ  නිසා මම හරස්විලාසිනියක් විදියට සිටින්නට වඩා ප්‍රිය කරනවා.




17.සමහර හරස්විලාසිනියන් Full time crossdresser,half time crossdresser යන වචන දෙක භාවිතා කරයි.පූර්ණ කාලීන හරස්විලාසිනියක් යනු සැබවින්ම Transgender කෙනෙක්ය.ඔබට Transgender කෙනෙක් ලෙස ජීවත්වීමට බලාපොරොත්තුවක් තිබේද?

බලාපොරොත්තුවක් තිබෙනවා.ඒත් ඒක සැබෑ කරගන්න අත දෙන්න කෙනෙක් මට තවම හමුවුනේ නැහැ.




18.ඔබ  කෘත්‍රීම පියයුරු,කොණ්ඩා සහ අනෙකුත් පැළඳුම් භාවිතා කරන්නේද?

ඒ දේවල් මම ළඟ නැහැ.මේ ඡායාරූපවල තිබෙන ව්‍යාජ කොණ්ඩා හරස්විලාසිනියන් වෙනුවෙන් තිබෙන සැලූන් එකකින් ලැබුණු ඒවා.




19.හරස්විලාසිනියක් ලෙස ඔබ රූපලාවන්‍ය ගැන දක්වන අවධානය කෙබඳුද?

සමේ පැහැය රැකගැනීමට ක්‍රීම් වර්ග භාවිතා කරනවා.රෝම ඉවත් කිරීම,නිය ආලේපන ,තොල් ආලේපන ආදියද සිදුකරනවා.




20.හරස්විලාසිතා සඳහා ඔබ කාලය වෙන් කරගන්නේ කෙසේද?

අවස්ථාවක් ලැබුණු විගස ඊට යොමුවෙනවා.නිශ්චිත වේලාවක් සදහන් කරන්න බැහැ.




21.ඔබේ ලිංගික ජීවිතය ගැන යමක් සඳහන් කරන්නේ නම්?

මම ද්වීලිංගිකයි(Bisexual).මගේ පෙම්වතා සමග තමයි මම ලිංගික එක් වෙන්නේ.ඔහුත් හරස්විලාසිනියක්.




22.හරස්විලාසිනියක් ලෙස ඔබ අනුකරණය කරන පුද්ගලයෙක් සිටියිද?

විශේෂිත පුද්ගලයෙක් නම් අනුකරණය කරන්නේ නැහැ.ඒත් චාමි අසංකා සහ භූමි වගේ කෙනෙක් වෙන්න ආසයි.




23.ඔබේ විනෝදාංශ මොනවාද?

පරිගණක ක්‍රීඩා කිරීම සහ මිතුරන් සමග සංවාදයේ යෙදීම විශේෂයෙන් සිදුකරනවා.නිල් චිත්‍රපට නැරඹීමද එක් විනෝදාංශයක්.මම බලන්න ආසම නිල් චිත්‍රපට ප්‍රවර්ග වන්නේ crossdressing, BDSM, Sissy Training සහ Fisting.




24.හරස්විලාසිනියක් වීම ඔබේ ජීවිතයට කල බලපෑම  කවරේද?

ඒක නරක විදියට බලපාල නම් නැහැ.මොකද හරස්විලාසිනියක් වීම මගේ බලාපොරොත්තුවක් වු නිසා.




25.හරස්විලාසිනියක් ලෙස ඔබට ලැබුණු අමතක නොවන අත්දැකීම් මොනවාද?

හරස්විලාසිතා කරන මගේ යාළුවෙක් සමග ලිංගිකව එකතුවූ අවස්ථාව




26.Crossdressing සඳහා යොමුවීමට බලාපොරොත්තුවන පිරිසට වැදගත් යැයි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?

මම නම් නිර්දේශ කරන්නේ ටානියා සැලූන්.එතන හරස්විලාසිනියන් වෙනුවෙන්ම නිර්මාණය වූ ස්ථානයක්.




27.ඔබේ අනාගත බලාපොරොත්තු කවරේද?

මගේ ආසාව තිබුණේ Transsexual කෙනෙක් වෙන්න.ඒත් ඒ තත්ත්වයට පත්වෙන්න උදව් කරන්න කෙනෙක් නෑ මට.ඉදිරියේදී වත් එහෙම කෙනෙක් මට ලැබෙයි කියලා හිතනවා.




28.හරස්විලාසිනියන් ප්‍රජාව වෙත ඔබට යම් පණිවුඩයක් දීමට තිබෙන නම්

තමන්ගේ ශරීරය තුල සිටින කාන්තාවට එළියට එන්න ඉඩදෙන්න.ඇයට නිදහසේ හැසිරෙන්න ඉඩදෙන්න.