සුරතාන්තය පමා කිරීම


ස්වයංවින්දනය සම්බන්ධව කතා සාකච්ඡා කරන ලිපි පෙළේ පස්වන ලිපිය ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තුවන්නේ Edging හෙවත් සුරතාන්තය පමා කිරීම සම්බන්ධවයි.සමහර පුද්ගලයින් මෙම ශිල්ප ක්‍රමය භාවිතා කරන්නේ ඔවුන් සුරතාන්තය වඩාත් තීව්‍ර කරගැනීමටයි.යන්න තාන්ත්‍රික ස්වයංමෛථුනය යන නමින්ද හඳුන්වයි.



පිරිමින් ස්වයංවින්දනයේ යෙදෙන විට ඔවුන් සුරාන්තයට ලඟාවන බව දැනුනු වහාම ශිශ්නය උත්තේජනය කිරීම මදකට නවතා දමයි.ඉන්පසු නැවතත් අරඹයි.මේ ඔස්සේ ඔබට ප්‍රතිඵල දෙකක් ලබාදෙයි.පළමුවැන්න සාමාන්‍යය ආකාරයට වඩා වැඩි තෘප්තියක්, ස්වයංවින්දනය ඔස්සේ අත් කරගත හැකි වීමයි.තවද එය වැඩිපුර කාලයක් ඔබට තෘප්තිය ලබාදෙයි.

වඩාත් හොඳ ප්‍රමාද කිරීමක් ලබාගැනීමට නම් වැඩි කාලයක් සහ ඉවසීමක් අවශ්‍ය වේ.එසේම අත්දැකීම්ද වැදගත් වේ.මෙම ශිල්ප ක්‍රමය ක්‍රියාව යොදවන අයුරු පහත දක්වා තිබේ

1.ඔබට ප්‍රමාණවත් කාලයක්,අතරමඟදී බාධා නොවන ස්ථානයක් තිබීම ඉතා වැදගත් වේ.

2.ඔබ වඩාත් ප්‍රියකරන ක්‍රමයට ස්වයංවින්දනයේ යෙදීම අරඹන්න(ස්වයංවින්දනයේ ශිල්ප ක්‍රම)

3.ඔබ සුරතාන්තයේ අද්දරට පැමිණි විට ඔබේ දෑත් ඉවතට ගන්න.දැන් 10 සිට 0 ගණින්න.සෙමින්...

4.දැන් යළිත් ස්වයංවින්දනය අරඹන්න.එහිදී වෙනත් ආකාරයකට ස්වයංවින්දනයේ යෙදෙන්නට ඔබ පුළුවන්.

5.ඔබ සුරතාන්තයේ අද්දරට එන විට ස්වයංවින්දනය නවතා 9 සිට 0 ගණින්න.

6.මෙලෙස 4 සහ 5 වන පියවරවල් ගැණීම හීන වන තෙක්(0 වන තෙක්) සිදුකරන්න.



ඉහත සඳහන් කලේ stop-start method යන ක්‍රමයයි.නමුත් එය කියන තරම් ලෙහෙසියෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකි බව ඔබටම වැටහේවි.නමුත් පළමුවර මෙය අත්හදා බලන අයෙක් ගැණීම 8 හෝ 7 දක්වා යන්නට සමත් නම් එය හොඳය.ඔබ දිගින් දිගටම අභ්‍යාසයේ යෙදෙන්නේ නම් මෙම ශිල්පක්‍රමයේ අවසානය වනතෙක් යා හැකිය.

ඔබ සුරතාන්තයට ලගාවන බව දැනුනු වහාම දෑත් ශිශ්නයෙන් ඉවත ගැනීම සිදුකල යුතුය.ඉන්පසු ඔබේ සිරුරේ වෙනත් ස්ථානයක් උත්තේජනය කරන්න.උදා:තන පුඩු,ගුදය

ඔබ ගැණීම අවසානයට ලගා වූ පසු ගණන් කිරීම නවතා දමන්න.සමහර පිරිමින්ට මෙලෙස  පැය ගණනක් ස්වයංවින්දනයේ යෙදිය හැකිබව වාර්තා වේ.සුරතාන්තය ප්‍රමාද  කිරීම ඔස්සේ ඔබ නිපදවන ශුක්‍රාණු ස්‍රාවයද වැඩිවේ.

මෙහිදී යොදාගන්නා තවත් ශිල්පක්‍රමයක් වන්නේ squeeze method යන්නයි.එහිදී පිරිමියෙක් සිය සුරතාන්තයට ලඟාවන විට ඔහු හෝ ඔහුගේ සහකරුවා විසින් ශිශ්නයේ මුදුන සෙමින් මිරිකයි.ස්වයංවින්දනය යළි ඇරඹීමට පෙර එය තත්ත්පර 30ක් නවතා දමයි.

කාන්තාවන්ගේ සුරතාන්තය එහි උපරිමයට ලගා වීමට වැලැක්වීම හෝ ප්‍රමාද කිරීම ලිංගික එක්වීම අතරතුර සිදුකරන කායික උත්තේජනය කිරීම මත රදා පවතියි.ගැහැණියකට තමන් සුරතාන්තයට ළඟාවන බව දැනුනු විට තම සහකරුවට තමන් උත්තේජනය කිරීම නැවැත්වීමට හෝ එහි තීව්‍රතාවය අවම කරන ලෙස දැන්වීමෙන් එය කල හැකිය.

යුවලක් සුරතාන්තය පමා කිරීමට එනම් Edging ක්‍රියාකාරකම අත්හදා බලන්නේ නම් පළමුව ඔවුන් ඒ ගැන සාකච්ඡා කරගත යුතුය.මන්ද සමහර අවස්ථාවල ඒ සඳහා එක් සහකරුවෙක් අකමැතිවන්නට පුලුවනි.එක් අයෙකුට දිගු කාලයක් සුරතාන්තය පමා කිරීමේ උවමනාව තිබුණද අනෙකාට එය නීරස වන්නට පුලුවනි.ඒ නිසා දෙදෙනාම සතුටුවන ආකාරයෙන් එය සැලසුම් කරගැනීම කල යුතුය.