ශ්‍රී ලංකාවේ Male-Crossdressers - සමනලි නාරිලතා


මෙවර අසභ්‍ය අඩවියේ හරස්විලාසිනියන්ගේ සම්මුඛ සාකච්ඡාවට එක්වූයේ බොහෝ කාලයක පටන් හරස්විලාසිතාවල නිරත වන අයෙක් වන සමනලී නාරිලතාය.හරස්විලාසිතාකරණයේදී දුටුවන්ගේ සිත් ඇදබැද තබාගත හැකි රූපසපුවක් ඇය සතුය.එසේම ඇය දැනුමින්ද මනාව සන්නද්ධය.ඇය සමග කතා බහ කිරීමේදී ඒ බව මනාව පැහැදිලිවිය.එසේ නම් අපි දැන් ඇගේ කතාවට සවන් දෙමු.


1.ඔබේ නම කුමක්ද?

මම සමනලි නාරිලතා කියලා තමයි පෙනි සිටින්නෙ.





2.කාන්තා නාමයක් භාවිතා කිරීමට හේතුවක් තිබේ නම් සඳහන් කරන්න.

කාන්තා නාමය මට ඇතුලාන්තේ සිටින කාන්තාව අවධි කරනවා වගේ දැනෙනවා.




3.සැබවින්ම හරස්විලාසිනියක්(crossdresser) යනු කවුද?

මම හිතන්නේ පිරිමි සිරුරක් ලැබුවට සිතින් කාන්තා අදහස් සිතුවිලි අපි තුල තිබුනා.ඒත් ඒවා රළු පිරිමි සිරුර යටපත් කරගෙන සිටින්නේ.නමුත් අතලොස්සක් පිරිස මෙම කාන්තා ආත්මය අවධි කරගන්නවා.එයාලා කාන්තාවක් මෙන් හැසිරෙනවා අදිනවා,එයාලා තමයි හරස්සළුවිලාසනියන් වන්නේ.






4.ඔබ ස්ත්‍රියක් ලෙස අඳින්න පළඳින්නට යොමුවූ හේතුව කුමක්ද?

ඒක නම් පැහැදිලි කරන්න අමාරුයි ඒත් කුඩා කාලේ නංගිලාගේ අක්කලගෙ ඇදුම් දැක්කම මට අමුතු හැගිමක් ආවා. මම ඒවා ඇන්දා.ඒක වෙන්න ඇති මගේ කාන්තා ආත්මය අවදි වුන අවස්තාව වෙන්න ඕන.




5.Crossdresser කෙනෙක් ලෙස සැරසුණු මුල්ම දිනය මතකද?

මතකයක් නෑ. ඒත් දැනට අවුරැදු 20 විතර කලින් මම නංගිලාගේ සායක් කලිසම යටින් ඇන්දා.එයාලාගෙ ගවුම් ඇදලා විහිලුවට රඟපෑවා.ඒ මතකයක් තියනවා.




6.crossdresser,crossdressing යනාදී වචන ඔබ පළමුවරට ඇසුවේ හෝ හඳුනාගත්තේ කවදාද?

වචන ඇහුවේ 2008 දි විතර.බද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ ග්‍රන්ථයක් තියනවා ලිංගිකත්වය සහ ⁣දෛවත්වය කියලා.එහි හරස් සළු විලාසිනියන් ගැන සදහන් වුනා.එමගින් තමයි දැනුවත් වුණේ.






7.මෙරට crossdressers සම්බන්ධව සමාජය දරන ආකල්ප ගැන ඔබේ වචනවලින් විස්තර කරන්න

 මම හිතන්නේ හරස්විලාසිනියන් පහත්ම අඩියකට දාලා තමයි මෙරට සමාජය සලකන්නේ.




8.ඔබ එදිනෙදා ජීවිතයේදී හරස්විලාසිනියක් ලෙස අඳින පළඳින ඇඳුම් සහ පැළඳුම් මොනවාද?

මම වැඩිපුර අදින්නේ ගවුම් සාය හැට්ට.ලෙගින්ස් වගේ අදින්න ආසයි,නමුත් ගවුම මට පහසුයි.




9.ඔබ භාවිතා කරන කාන්තා ඇඳුම් ආයිත්තම් ඔබේම ඒවාද? ඉන් ඔබ වඩාත් ප්‍රිය කරන ඇඳුම් කට්ටලයක් තිබේ නම් සඳහන් කරන්න.

මම අදින්නේ මගේම ඇඳුම්.පදික වේදිකාවේ වෙළඳ සැල්වලින් යට ඇඳුම් පවා මම මිලදී ගන්නවා.මම කැමති සාරියක් අදින්න.මම සාමාන්‍යයෙන් කාන්තා යට ඇඳුම් තමයි අදින්නේ(පිරිමි යට ඇඳුම් අදින්නේ නැත)






10.කෘත්‍රිම කොණ්ඩා,පියයුරු සහ හරස්විලාසිනියන් භාවිතා කරන අනෙකුත් දෑ ඔබ සතුව තිබේද? ඒවා පාවිච්චි කරනවාද?

ඒවා මා සතුව නෑ.මිලදී ගත හැකි ස්ථාන සම්බන්ධව දැනුවත් නොමැත.




11.ඔබ රූපලාවන්‍ය සම්බන්ධව දක්වන අවධානය කෙබඳුද?

එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත.මම සමහර අවස්ථාවන්හිදි නිය ආලේපන ⁣ලිප්ස්ටික් ආදිය භාවිතා කරනවා.




12.ඔබ crossdresser කෙනෙක් ලෙස ගෙවන ජීවිතයත් සඳහා කාලය කළමනාකරය කරගන්නේ කෙසේද?

ලැබෙන අවස්ථා විරලයි.ලැබෙන සෑම අවස්ථාවක්ම කාන්තාවක් ලෙස සැරසී කාලය ගත කරනවා.විශේෂිත ස්ථානයක් නම් නෑ.






13.ඔබේ crossdressing ජීවිතය ගැන පවුලේ උදවිය හෝ වෙනත් අයෙක් පෞද්ගලිකව දන්නේද?

කාන්තාවක් මෙන් සැරසී සිටියදී කිසිවෙකුට අහුවී නොමැත.ෆේස්බුක් සමාජ ජාලයේ මිතුරන් මා හරස්විලාසිනියක් බව දන්නවා,ඊට අමතරව කාන්තා ඇඳුමින් සැරසී කිහිපදෙනෙක් සමග කාලය ගත කර තිබේ.




14.හරස්විලාසිනියක් ලෙස ඔබ මුහුණදෙන අභියෝග/ගැටළු මොනවාද?

නිදහසේ සිටිමට ඇති නොහැකියාව ,සමාජය අප සම්බන්ධව දරන ආකල්ප දැක්විය හැකිය.




15.ඔබේ crossdressing ජීවිතය තුල ලැබුණු අමතක නොවන අත්දැකීම් ඇත්නම් සඳහන් කරන්න.

හරස්සළුවිලාසනියන් වු පසු කාන්තාවන් කෙරෙහි ඇතිවන හැඟීම් නැතිව ගියා.ඒ මම කාන්තාවක් යැයි කියා දැනෙන නිසා වන්නට ඇති.ඇත්තම කි⁣යනවා නම් මගෙ ලිංගික අවයවය ප්‍රාණවත් වන්නේ නෑ.මට පිරිමින් කෙරෙහි ආකර්ෂණීය හැගිම් පහල වනවා.






16.Crosssdressing කරද්දී ඔබ විසින් අනුකරණය කරන පුද්ගලයෙක්/චරිතයක් සිටියිද?

එහෙම කියන්න නම් කෙනෙක් නෑ. ස්ත්‍රි ලාලිත්වය පමනක් සෑම කාන්තාවක් තුලින්ම අධ්‍යනය කර අනුකරණය කරනවා.




18.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන යමක් සඳහන් කලහොත් ?

මම අවිවාහකයි.රජයේ රැකියාවක් නිරතවෙයි.මම සමලිංගිකයි පිරිමින් කෙරෙහි ආකර්ෂණීය වනවා. පෙම්වතකු නැත.




19.විවාහය සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

විවාහ වෙන්න අදහසක් නැත.






20.ඔබේ විනෝදාංශ මොනවාද?

හරස්සළුවිලාසනියන් පිලිබද චිත්‍රපටි නරඹනවා.එවයින් අධ්‍යනයක් ලබනවා හරස්සළුවිලාසනියන්ගේ හැසිරීම ආදිය පිලිබදව.




21.ඔබ වඩාත් ප්‍රියකරන කාන්තා හෝ CD/TG නිරූපිකාවක් සිටින්නේ නම් සඳහන් කරන්න.

එහෙම කෙනෙක් නැත.සත්‍ය භාෂි මම ආස කරන කෙනෙක්.




22.ඔබේ ලිංගික ජීවිතය කෙබඳු එකක්ද?

මම පිරිමි වයස් භේදයක් නැතිව ආශ්‍රය කරන්න කැමති. කණ්ඩාම් ලිංගික කටයුතු වලට කැමතියි.සෑමඅවස්ථාවකම කාන්තාවක් ලෙසින් සම්බන්ධ වන්න කැමති .






23.crossdresser කෙනෙක් වීම ඔබේ ජීවිතයට සිදුකල බලපෑම කවරේද?

කාන්තාවක් ලෙසින් ජිවත් වීමට තිබු ආසාව විවෘත කළ එක් මාර්ගයක් තමයි හරස්සළුවිලාසනියක්වීම.සැඟව සිටි කාන්තා ආත්මය අවධිකර ගැනිමට අවස්ථාවක් ලැබුනා ඒක මම නරක දෙයක් විදියට දකින්නේ නෑ .දෙවියන්ගේ දායාදයක් ලෙස මම හිතන්නේ.




24.Crossdressing සඳහා යොමුවීමට බලාපොරොත්තුවන පිරිසට වැදගත් යැයි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?

කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. මක් නිසාද සමාජය පිළිකුල් කරනවා ,ඊට මුහුණ දෙන්න ශක්තිමත් විය යුතුයි.වැරදි මාර්ගට නොවැටී සිදු කළ යුතු දෙයක්.




25.Crossdresser කෙනෙක් ලෙස ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මගෙ ආසාව තමයි ස්වාධීනව සමාජයට බිය වන්නෙ නැතිව කාන්තාවක් ලෙස ජීවත් වෙන එක.




26.මෙරට crossdressers ප්‍රජාවට ඔබට දීමට තිබෙන යම් පණිවුඩයක් තිබේ නම්?

බිය නැතිව තමන් තුල තිබෙන කාන්තා ආත්මය අවදි කරවාගන්න.ඔබ කාන්තාවක් කියා දැනේ නම් ඒවා යටපත් කරන්නට එපා.අවදි කරවන්න.එවිට ජීවිතයට සැනසීමක් දැනෙන්න ගනීවි.නමුත් වැරදි මාර්ගවල යන්න එපා.




View post on imgur.com