සමලිංගික තුන්කට්ටුව


 එකවිට පුද්ගලයින් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව සිදුකරනු ලබන ලිංගික ක්‍රියාකාරකම් Threesome නමින් හඳුන්වයි.මෙය තනිකඩයන්ට සහ යුවලවලට විනෝදජනක,සිත් ඇදගන්නා සුළු සහ ඔවුන් උද්දීපනය කරන ලිංගික අත්දැකීමක් වේ.තුන්වන පුද්ගලයෙකුගේ සහභාගීත්වය ලිංගික ක්‍රීඩාව මුළුමනින්ම වෙනස් කරන සුළු,ඔබව වෙනස්ම අත්දැකීමක් සඳහා රැගෙන යන එකක් වේවි.ඉතරලිංගික,සමලිංගික,පිරිමි,ගැහැණු,සංක්‍රාන්ති ලිංගික,තනිකඩ,ජෝඩු හෝ වෙනයම් අයෙක් වුවද Threesome යනු දැන් බටහිර සමාජයේ සාමාන්‍යය දෙයකි.



වරක් ABC News ආයතනය විසින් එක්සත් ජනපදය පුරා සිදුකල ඡන්ද විමසීමකින් හෙළිවූයේ වයස අවුරුදු 18 ඉක්මවූ වැඩිහිටියන්ගෙන් 14%ක් පමණ එක වරක් හෝ threesome සඳහා උත්සාහ කර තිබේ.ලිංගභේදය සහ ලිංගිකත්වය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කැලිෆෝනියා බොක්ක ආශ්‍රිතව පිරිමින් 566ක් ඇසුරින් ලබාගත් දත්ත වලින් හෙළිවූයේ ඔවුන්ගෙන් අඩක් පමණ විවෘත සම්බන්ධතාවලට කැමති බවත් වැඩි පිරිසක් threesome ක්‍රියාකාරකම් සිදුකර තිබෙන බවත්ය.


පිරිමි සමලිංගිකයන් අතර threesome සිදුකිරීම බොහෝදෙනාට අලුත් අත්දැකීමක් වන්නට පුලුවනි.විශේෂයෙන් සමලිංගික යුවලක් තුන්වැන්නෙක් සොයන්නේ නම් එය ඉතා ප්‍රවේශම් සහගතව කල යුතුය.අන්තර්ජාලය ඔස්සේ නාඳුනන තිදෙනෙක් සඳහා සන්නිවේදනය කරන්නේ නම් ප්‍රශ්නයක් නැත.නමුත් සමලිංගික යුවලක් එවැනි සංවාදයකින් පසුව පළමු හමුවම මූලික අවශ්‍යතාවය උදෙසා භාවිතා කිරීම සුදුසු නැත.පළමු හමුව තිදෙනා අතර අන්‍යෙන්‍යය විශ්වාසය ඇති කරගන්නට,එකිනෙකාගේ අවශ්‍යතා,ආසාවන් පිළිබදව අවබෝධයක් ඇති කරගැනීමට භාවිතා කරන්නේ නම් හොඳය.



පළමුව ආරක්ෂාව


බොහෝදෙනාට අමතක වන කරුණක් වන්නේ ලිංගික එක්වීමකදී එකිනෙකාගේ ආරක්ෂාවයි.මේ සම්බන්ධව තිදෙනා අතර මුලදී එකඟතාවයක් තිබිය යුතුය.නැතිනම් නිරෝගී පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් රෝගීන් බවට පත්වීමෙන් කෙළවර විය හැකිය.ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීමට කොන්ඩම් සහ අනෙකුත් ආරක්ෂක ක්‍රමවේද භාවිතා කිරීම ගැන තිදෙනා මුල් අවස්ථාවේදීම තීරණය කල යුතුය.


ලිංගික එක්වීමට පෙර එකිනෙකා තම තමන්ගේ ආසාවල් සම්බන්ධව කතා බහක් ඇති කරගෙන තිබීම වැදගත් වන්නේ එක්වීම අවසානය සතුටින් අවසන් කිරීමට එය හේතුවක් වන නිසාය.තුන්වැන්නා ඕනෑම ලිංගික ක්‍රියාකාරකමකට සූදානම් අයෙක් නම් ප්‍රශ්නයක් නැත.තිදෙනාම අක්‍රීය/Bottom හෝ තිදෙනාම සක්‍රීය/Top වුවහොත් හමුවීම කිසිදු සතුටක් නොමැතිව අවසන් වේවි.එනම් පළමු එක්වීමට පෙර ඒ ඒ පුද්ගලයා කැමති ලිංගික ඉරියව්,චරිත ගැන මූලික අවබෝධයක් ලබාගෙන සිටීම වැදගත් වේ.



සහභාගීත්වය


Threesome ලිංගික ක්‍රියාකාරකම් වලදී ඊට තිදෙනාගේම සහභාගීත්වය අවශ්‍ය වේ.නැතිනම් අයෙකුගේ සිත් රිදවීමට එය කාරණාවක් වීමට ඉඩ තිබේ.සමලිංගික යුවල threesome සිදුකරද්දී ඔවුනොවුන් අතර අනවශ්‍ය ප්‍රශ්න මතුවීමට ඉඩ තිබේ.යුවලේ එක් අයෙක් තුන්වැන්නා කෙරෙහි වඩාත් නැඹුරු වීම මත අනෙකා තුල ඊරිෂියාවක් ඇතිවීම සාමාන්‍යය දෙයකි.යමෙක් තම සහකරුවා සහ සම්බන්ධතාවය ගැන විශ්වාසයකින් පසුවන්නේ නම් එවැනි ගැටලු පැන නොනඟීවි.





පශ්චාත් විමසුම


ලිංගික එක්වීමෙන් පසුව එකිනෙකාගේ අත්දැකීම් සාකච්ඡාවට ලක්කිරීම ඔස්සේ දෙවන හමුවක් කල යුතු නම් එහිදී නිවැරදි කරගත යුතු තැන් සම්බන්ධව එකිනෙකා අතර අවබෝධයක් ලබාගත හැකිය.මෙහිදී හැකි තරම් විවෘතව කතා කරන්නේ නම් තම සැබෑ ආසාව කුමක්ද යන්න පිළිබඳව අනෙක් අයට වඩා හොඳ අවබෝධයක් ලැබේවි.මෙම කතාබහ සිදුකල යුත්තේ පළමු එක්වීමෙන් දින කිහිපයකට පසුවයි.ඒ ඔස්සේ තමන්ට threesome ගැළපේද නැද්ද යන්න සමලිංගික යුවලකට තීරණය කල හැකිය.



සමලිංගික threesome හිදී තිදෙනාගේම සහභාගීත්වය වැදගත් වේ.පහත දැක්වෙන්නේ එවැනි ඉරියව් කිහිපයකි.

සමලිංගික යුවලකට ගැළපෙන තුන්වැන්නෙක් සොයාගැනීම පහසු නැත

එළිමහනේ සතුටුවන සමලිංගිකයින් තිදෙනෙක්

මැදසිටින්නා වීමට බොහෝදෙනා ආසා කරයි