ශ්‍රී ලංකාවේ Male-Crossdressers - මල්ෂා මධුමාලි


ශ්‍රී ලංකාවේ වෙසෙන හරස්විලාසිනියන් සම්බන්ධව අසභ්‍ය අඩවිය ඔස්සේ ඔබව දැනුවත් කරන්නේ කාලයක පටන්ය.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ 'මල්ෂා මධුමාලි' යන නමින් ෆේස්බුක් සමාජ ජාලය තුල පෙනී සිටින හරස්විලාසිනිය සම්බන්ධවයි.



1.ඔබ තමුන්ව හඳුන්වාදෙන්නේ කෙසේද?

මල්ෂා මධුමාලි



2.ඔබ ස්ත්‍රී ලිංගික නාමයක් භාවිතා කරන්නේ ඇයි?

මම ගැහැණියක් සේ සැරසී සිටින්නට බොහෝ ආසා කරමි.ස්ත්‍රී නාමයක් මගින් ඒ ගති ස්වභාවය තවත් ඉලිප්පී පෙනෙනවා.



3.ඔබ crossdressing කරන්නට යොමුවූයේ ජීවිතයේ කිනම් අවධියකද?

මගේ 2004 වර්ෂයේදී වගේ.ඒ වෙනකොට මගේ වයස අවුරුදු 14ක්.



4.ඔබ crossdressing කරන්නට යොමුවූ හේතුව සඳහන් කලොත්?

මගේ පාසල් කාලයේදී ළමා සමිතියක නාට්‍යයක් වෙනුවෙන් නංගි කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරන්න මට සිද්ධ වුනා.මම ඒ චරිතෙට කැමැත්තෙන් හිටියේ නම් නෑ.එදා මම ඇන්දේ සායක් සහ හැට්ටයක්.ඒ සිද්ධියෙන් පස්සේ මට ගැහැණියක් විදියට අදින්න පළදින්න ආසාවක් උපන්නා.ඉන් පස්සේ මම දිගටම බොහොම රහසිගතව crossdressing කරනවා.






5.සාමාන්‍යයෙන් ඔබ අදින ඇඳුම් මොනවද? ඊට අමතරව ඔබ වෙනත් දෑ පළඳින්නේද?

මම හුඟක්ම ආස සාරියට.ඊට අමතරව දිග ගවුම් අදින්නත් ආසයි.



6.ඔබේ ප්‍රියතම ඇඳුම් කට්ටලය සඳහන් කලොත්?

සාරිය



7.Crossdressing සඳහා භාවිතා කරන ඇඳුම් ඔබේම ඒවාද වෙනත් අයෙක්ගේ ඒවාද?

මගේ සහ සහෝදරියගේ ඇඳුම් මම පාවිච්චි කරනවා.



8.පළමුවරට කාන්තාවකගේ ඇඳුමකින් සැරසුණු දිනය මතකද?

ඔව්.මම කලින් කිව්ව ළමා නාට්‍යයේ නංගිගේ චරිතයට තමයි මම මුලින්ම ස්ත්‍රියක් විදියට සැරසුනේ.



9.ඔබ රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව දක්වන උනන්දුව මොන වගේද?

මම ශරීරයේ රෝම ඉවත් කරනවා.crossdressing කරන වෙලාවට තොල් ආලේපන ගැල්වීම සිදුකරනවා.






10.ඔබට තවමත් අඳින්නට අවස්ථාවක් නොලැබුණු සිහින ඇඳුමක් තිබේද?

ඔව්.මම මනාලියක් විදියට සැරසෙන්න ආසයි.



11.Crossdresser කෙනෙක් ලෙස ඔබ මුහුණ දෙන ගැටළු මොනවාද?

ගැහැණියක් විදියට සැරසිලා සමාජ ඉදිරියට යන්නට ඇති නොහැකියාව.



12.ඔබ කාන්තා ඇඳුමින් සැරසී සිටින විට වෙනත් අයෙක්ගේ නෙත ගැටී තිබේද?

තවම එහෙම සිද්ධියකට මුහුණ දුන්නේ නැහැ.



13.කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් බැහැරව ගොස් තිබේද?

තවම ඒ අවස්ථාව ලබාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.



14.ඔබේ රහසිගත crossdressing ජීවිතය ගැන වෙනත් අය දන්නේද?

නැත.






15.ඔබේ ලිංගිකතාවය කුමක්ද?

සමලිංගික



16.ඔබ විවාහකද අවිවාහකද ?

මට පෙම්වතියක් ඉන්නවා.අපි විවාහ ගිවිසගෙන ඉන්නේ.



17.ඔබ crossdressing වලට කාලය වෙන් කරගන්නේ කොහොමද?

සුදුසු අවස්ථාවක් ලද විගසම ඒ සඳහා යොමුවෙනවා.



18.Crossdresser කෙනෙක් විදියට ඔබ ව්‍යාජ කොණ්ඩා,පියයුරු ආදිය භාවිතා කරනවාද?

ඔව්.මම ව්‍යාජ කොණ්ඩයක් පාවිච්චි කරනවා.



19.ඔබ වඩාත් ප්‍රිය කරන කාන්තා හෝ CD/TS නිරූපිකාවක් සිටින්නේද?

මම අගය කරන සහ ආදරය කරන කෙනෙක් තමයි නාමලි පුෂ්පා.






20.ඔබේ විනෝදාංශ මොනවාද?

චිත්‍රපට නැරඹීම සහ කැරම් ක්‍රීඩාවේ නිරත වීම.



21.ඔබ වෙනත් අය සමග crossdressing කරන්නට කැමතිද?

මම කැමති ගැහැණු ළමයෙක් සමග crossdressing කරන්න.



22. ඔබ crossdresser කෙනෙක් විස්තර කරන්නේ කෙසේද?

පිරිමියෙක් විදියට ඉපදුණු ගැහැණු සිතක් සහිත අයෙක්



23.ඔබේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් තිබේද?

මම ඇඳුම් ගන්න ගිය අවස්ථාවක් සහ crossdressing කරලා පිරිමියෙක් එක්ක ලිංගිකව එක් වුන අවස්ථාවක් අමතක නොවන සිදුවීම් විදියට මතක් වෙනවා.ඒත් ඒවා බොහොම පෞද්ගලික නිසා මෙතන විස්තර කරන්න බෑ.



24.මෙරට සමාජයෙන් පිරිමි crossdressers හට සලකන විදිය සම්බන්ධව ඔබේ මතය කුමක්ද?

ඔව්.ඒ ගැන නම් කතා කරන්නට දුකයි.ඔවුන් සමාජය තුල කොන් කර දැමූ පිරිසක්.මිනිස්සු ඔවුන් දිහා බලන්නේ පිළිකුල් සහගත විදියට.මේ තත්ත්වය වෙනස් වුනොත් සැලකිය යුතු පිරිමින් පිරිසක් crossdressing වලට බියක් නැතිව යොමු වේවි.






25.මෙරට crossdressers වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දේ මොකක්ද?

ඔවුන් වෙනුවෙන් ආයතනයක්/සංවිධානයක් පිහිටුවීම.ඒ හරහා  ඇතිවන ගැටළු වලට පිළියම් ලබාදීම.ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට ස්වයං රැකියා ලබාදීම වැනි ක්‍රියාමාර්ග ගැනීම.විශේෂයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසීම කැමැත්තෙන් සිටින අයට පාඨමාලා ආදිය පැවැත්වීම.



26.Crossdresser කෙනෙක් විදියට ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

විවාහයෙන් පස්සේ මේ දේවල් දිගටම කර ගෙන යන්න හැකියාවක් නැතිවේවි.ඒත් අවස්ථාවක් ලැබුණොත් crossdressing කරනවා.



27.මෙරට crossdressers ප්‍රජාවට දීමට යම් පණිවුඩයක් තිබේ නම්?

Crossdressing ජීවිතය සුන්දරයි.ඒත් පරිස්සමින් කරන්න.



හරස්විලාසිනී මල්ෂා මධුමාලි - Facebook Profile