ස්වයංවින්දනය - ශිල්ප ක්‍රම


මෙම ලිපි පෙළ ආරම්භ කලේ පිරිමි සමලිංගිකයෝ ඉලක්ක කරගෙනයි.මුල් ලිපි දෙකෙන් කතා කලේ පිරිමින්ගේ ස්වයංවින්දනය  සහ ඒ සම්බන්ධ ප්‍රකට මිත්‍යා මත කිහිපයක් සම්බන්ධවයි.තුන්වන ලිපිය ඔස්සෙ විමසා බලන්නට සූදානම් වන්නේ ඔබ සැමට ඉතා වැදගත් මාතෘකාවකි.ඒ ස්වයංවින්දය සිදුකරන ශිල්ප ක්‍රම කිහිපයක් ගැනයි.


සාමාන්‍යයෙන් පිරිමින් තනිව සිටියදී ස්වයංවින්දනයේ යෙදෙන්නේ ඇඳක උඩු බැලි අතට වැතිරී තම ශිශ්නයේ සම ඉදිරියට පසුපසට තල්ලු කිරීම මගිනි.එවිට ඔහු සුරතාන්තයට පත්වීමේදී නිකුත් කෙරෙන ශුක්‍රාණු සහිත තරලය උදරය සහ උරස ප්‍රදේශවලට වැටේ.තවත් සමහරු ස්වයංවින්දනය සඳහා ඒ සඳහා නාන කාමරය යොදාගනියි.ස්වයංවින්දනයේ යෙදෙන විට ඔබේ සිතුවිලි අනුව ශිශ්නයේ දිග සහ දැඩිබව වෙනස් වේ.එය යම් අවස්ථාවක උපරිම දිග සහ දැඩි බව අත් කරගන්නා අතර රිද්මයකට අනුව සිදුකරන ශිශ්නය පිරිමැදීම එනම් ඉදිරියට පසුපසට ගෙන යෑම ස්ත්‍රියක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන අයුරු සිහිපත් කරයි.

ශිශ්නයක් උත්තේජනය කල හැකි ක්‍රම ගණනාවක් තිබේ.පහත විස්තර කරන්නේ ඉන් කිහිපයක් පමණි.එනම් මෙහි දැක්වෙන්නේ පිරිමින් බහුලවම භාවිතා කරන ස්වයංවින්දන ශිල්පීය ක්‍රම කිහිපයකි.ඔබට වඩාත් තෘප්තිය ලබාදෙන ක්‍රමය බොහෝවිට ඔබ දැනටමත් දන්නවා ඇති.



මුෂ්ටි ක්‍රමය හෝ මූලික ක්‍රමය


පිරිමින් අතර සුලභම ස්වයංවින්දන ශිල්ප ක්‍රමය වන්නේ මෙයයි.ක්‍රිකට් පිත්තක මිට අල්ලා ගන්නා අයුරින් මෙහිදී ඔබේ ඇඟිලි සියල්ල යොදාගෙන ශිශ්නය අල්ලා ගනියි.ඉන්පසු සම ඉහල පහල ගෙන යයි. ඔබේ අතත් ඔබේ ශිශ්නයත් අතර සම්බන්ධතාවය වැඩිම ක්‍රමය වන්නේ මෙයයි.මේ නිසා ඇති කරන තෘප්තිය ඉතා ඉහළය.කෙසේවෙතත් සැබෑ තෘප්තිය ජනිත කරන්නේ ශිශ්නයේ කඳ නොවේ එහි හිසයි.මෙම ක්‍රමය යොදාගෙන ස්වයංවින්දනයේ යෙදීමට ශිශ්නය අල්ලාගත යුතු ස්ථානය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.ශිශ්නයේ හිස හෝ කෙළවරට ආසන්නයෙන් හෝ ඊට ඈතින් අල්ලාගැනීම තීරණය කල යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මතයි.මුෂ්ටි ක්‍රමය යෝග්‍ය වන්නේ දිගින් වැඩි ශිශ්න සහිත පුද්ගලයන්ටය.ඔබේ ශිශ්නයේ දිග ඔබේ මිට මොලවූ අතට වඩා  අඩු නම් මේ ක්‍රමය සුදුසු නොවේ.තවද ඔබ සුන්නත් කල අයෙක් නම්/කොන කපා ඇත්නම් මුෂ්ටි ක්‍රමය මගින් ස්වයංවින්දනයේ යෙදීමට ඛේටය යම් ප්‍රමාණයක් යොදාගත හැකිය.වඩාත් උචිත වන්නේ නිර්දේශිත ලිහිසි ද්‍රවයක් භාවිතා කිරීමයි.



බැක් හෑන්ඩ් හෙවත් පිටි අත් පහර ක්‍රමය


මෙය මුෂ්ටි ක්‍රමයේ ප්‍රතිලෝමයයි.සාමාන්‍යයෙන් ස්වයංවින්දනයේ යෙදෙන විට ශිශ්නය ග්‍රහණය කරගන්නේ ශිශ්නයේ හිස කොටස පැත්තට මහපට ඇගිල්ල සිටින සේ වුවද බැක් හෑන්ඩ් ක්‍රමයේදී එම පැත්තට එන්නේ සුළැඟිල්ලයි.මෙම ක්‍රමයේදී අත චලනය කිරීම එතරම් පහසු නැත.ඔබ මුල් වරට මෙම ක්‍රමයට ස්වයංවින්දනයේ යෙදේ නම් එය දුෂ්කර කර්තව්‍යයක් වනවා නියතය.නමුත් කාලයත් සමග ඔබ එයට හුරුවේවි.



ඇඟිලි තුනේ ක්‍රමය


ඔබේ ශිශ්නය කුඩා එකක් නම් මෙම ක්‍රමය වඩාත් ගැලපේ.ඔබ පැන්සලක් අල්ලන්නේ කෙසේද ඒ හා සමානව මෙහිදී ශිශ්නය ග්‍රහණය කර ගැනේ.අනෙක් ක්‍රමවලට වඩා මෙහිදී ශිශ්නය සහ අත අතර ස්පර්ශය අවම වේ.සුන්නත් නොකල සහ දිගු පෙර සමක් සහිත අයට මෙම ක්‍රමය නිර්දේශ කල හැකිය.



ඇඟිලි පහේ ක්‍රමය


මෙම ක්‍රමයේදී ඔබේ ඇඟිලි 4ක් ශිශ්නය මතද මහපට ඇඟිල්ල ශිශ්නයට යටින් ද තබාගැනේ.මේ ඔස්සේ ශිශ්නයත් අතත් අතර ප්‍රමාණවත් සම්බන්ධතාවයක් පවත්වාගත හැකිය.මෙයත් කුඩා ශිශ්නය සඳහා සුදුසු ක්‍රමයකි.



ඇගිලි තුඩු ක්‍රමය


මෙය ඇඟිලි තුනේ ක්‍රමයෙන් එතරම් ම වෙනස් නොවේ.මෙහිදී විශේෂයෙන්ම උත්තේජනය වන්නේ ශිශ්නයේ හිසයි.ඔබේ ඇගිලි තුඩු ශිශ්නයේ හිසේ පාදම මත තබන්න.ඔබ සුන්නත් කර නැත්නම්,ඔබේ පෙර සම මුදුනේ ඇගිලි තුඩු තබා පෙර සම පහලට ඇදීමේ හැකියාව තිබේ.ඔබේ ඇගිලි තුඩු යොදාගෙන ශිශ්නයේ හිස ඉහල පහල පිරිමදින්න.ඔබ වඩාත් උත්තේජනය කරවන්නේ ඇගිලි තුඩු ශිශ්න හිසේ යටි පස පිරිමදින විටයි.පෙර සම ශිශ්නයේ හිසට සම්බන්ධව පවතින්නේ එම පැත්තෙනි.මෙම ක්‍රමයේ තිබෙන එකම අවාසිය සමහර පුද්ගලයින් ඉක්මණින්ම සුරතාන්තයට පත්වීමයි.සැලකිය යුතු කරුණ වන්නේ මෙම ක්‍රමය භාවිතා කිරීමට පෙර ශිශ්න හිස ස්නේහනය කිරීමයි.



හරස් ඇගිලි ක්‍රමය


හරස් ඇගිලි ක්‍රමයේදී ඇගිලි දෙකක් ඔබේ ශිශ්නයේ කද පිරිමැදීමට යොදාගනියි.මෙය බොහෝදෙනාට විකාරයක් ලෙස පෙනිය හැකිය.නමුත් හරස් ඇගිලි ක්‍රමයෙන් ශිශ්නයේ කද මත යොදන පීඩනය වැඩි කෙරේ.මුලින්ම ඔබ ශිශ්නය ස්නේහනය කිරීම අත්‍යාවශ්‍ය වේ.