යෝධ ශිශ්නයක් සහිත මිනිසා


ඔහු නමින් රොබර්ටෝ එස්කිවෙල් කාබ්‍රෙරාය.නමුත් එම නම ඇසූ පමණින් ඔහු කවරෙක් දැයි ඔබ නොදන්නා බව සහතිකය.නමුත් පහත දැක්වෙන ඡායාරූප දුටුවිට ඔහුගේ තිබෙන විශේෂත්වය ගැන වැටහීමක් ලැබෙනු ඇත.ඔහු සතු විශාල ශිශ්නය ලොව පුරා ප්‍රසිද්ධියක් ගෙන දීමට සමත්වුවද ඔහුගේ එදිනෙදා ජීවිතයට එහි ප්‍රමාණය දැඩි බලපෑමක් එල්ල කර තිබේ.



ඔහුගේ නම රොබර්ටෝ එස්කිවෙල් කාබ්‍රෙරායය.වයස අවුරුදු 54කි.දැනට ජීවත්වන්නේ මෙක්සිකෝවේ සල්ටිලෝ නගරයේය.රොබර්ටෝගේ ශිශ්නය අඟල් 18.9ක් දිගය.එහි බර රාත්තල් 2ක් හෙවත් ග්‍රෑම් 900ක් පමණ වේ.මෙම සත්‍යයක් බව වෛද්‍යවරුන් පවා එක්ස්-කිරණ පරීක්ෂාවකින් තහවුරු කර තිබේ.තම විශාල ශිශ්නය නිසා මෙම පුද්ගලයා සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණදී සිටින අතර රාත්‍රී කාලයේදි නිදාගන්නට පෙර ශිශ්නය වෙනම කොට්ටයක් උඩ තැබීමට සිදුව තිබෙන්නේ ඇතිවන අපහසුතාවය මගහරවා ගැනීමට යැ‍යි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ 2015 වර්ෂයේදී අන්තර්ජාලයට මුදා හැරි වීඩියෝ පටයක් නිසාය.


රොබර්ටෝ නම් කියන්නේ ශිශ්නයේ ප්‍රමාණය සම්බන්ධව සතුටුවන බවයි.ඊට හේතුව ලෙස දක්වන්නේ වෙනත් අයෙකුට එතරම් විශාල ශිශ්නයක් නොමැතිවීමයි.තම ශිශ්නය ගිනස් වාර්තා පොතට එක් කරන්නට අවශ්‍ය වුවද ගිනස් කමිටුව එය පිළිනොගන්නා බව රොබර්ටෝ කියයි.රොබර්ටෝගේ ශිශ්නයේ විශාලත්වය නිසා ලිංගික සංසර්ගයක් සඳහා යොමුවීම අසීරු වී තිබේ.ශිශ්නය මෙතරම් විශාලව පෙනෙන්නේ ඔහුගේ පෙර සම ඉතා දිගු වීම නිසා බව වෛද්‍යවරුන් සඳහන් කරයි.පෙර සම අනවශ්‍ය ලෙස දිගු වීමේ ප්‍රතිඵලය ඔහුගේ මුත්‍රා හරි ආකාරව පිටතට ගමන් නොකිරීමෙන් ආසාධන හටගැනීමයි.මේ නිසා ශිශ්නය වෙලුම් පටිවලින් නිතරම වෙළාගෙන සිටීමට ඔහුට සිදුව තිබේ.


බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුට තම ලිංගය පෙන්වීම නිසා 2001 වර්ෂයේදී ඇමෙරිකාවෙන් පිටුවහල් කල බව වාර්තාවේ.



රොබර්ටෝගේ ශිශ්නය මෙතරම් විශාල වූයේ කෙසේද?

රොබර්ටෝ යොවුන් සමයේ පටන් සිය ශිශ්නය විශාල කරගැනීමට උත්සාහ දරා තිබේ.නව යොවුන් සමයේදී ශිශ්නයේ බරක් එල්ලාගෙන සිටීමෙන් එය දික් කරගැනීමට ඔහු ප්‍රයත්න දරා ඇති බව කියයි.මෙම ක්‍රියාව නිසා රොබර්ටෝගේ පෙර සම ඇදීමකට ලක්ව තිබේ.විශේෂඥයින්ට අනුව මෙම ඇදීම නිසා ස්වභාවයෙන්ම ඔහුගේ ශරීරය විසින් දිගු ශිශ්නයක් නිර්මාණය කර තිබේ.





රොබර්ටෝ නිල් චිත්‍රපටවල රඟපෑමට යයිද?

රොබර්ටෝ නිල් චිත්‍රපටවල රඟපෑමේ ආසාවකින් පසුවේ.දැනට ඔහුට පැරගුවේ රාජ්‍යයේ නිල් චිත්‍රපට නිෂ්පාදන සමාගමකින් චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් හිමිව තිබෙන බව වාර්තාවේ.තම ආසාව ඇමෙරිකාවට ගොස් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වීම බව වරක් රොබර්ටෝ පවසා තිබිණි.තවද තම ශිශ්නයේ ප්‍රමාණයට සරිලන කාන්තාවන් ඇමෙරිකාවේ ඇතිබවද ඔහු කීය.නිල් චිත්‍රපට වලට සම්බන්ධවීමෙන් විශාල මුදල් ප්‍රමානයක්ද උපයා ගත හැකි යැ‍යි ඔහු පවසයි.


රොබර්ටෝ ගේ ශිශ්නය දණහිස දක්වා දිගු මීටර් භාගයක් තරම් එකක් වුවද වෛද්‍යවරුන්ට අනුව නම් ශිශ්නය අඟල් 6-7ක් දිගුවේ.ඉතිරිය දික් වූ පෙර සමයි.ශිශ්නයේ වට ප්‍රමාණය වැඩි නිසා ලිංගික සංසර්ගය සිදුකිරීමට බොහෝ අසීරු බව ඔහු කියයි.දෙවරක්ම කාන්තාවන් සමග ලිංගික එක්වන්නට උත්සාහ කලද ඒවා අසාර්ථක වී තිබේ.පළමු ගැහැණිය ශිශ්නය දැකීමෙන් පසුව සංසර්ගයේ යෙදීම ප්‍රතික්ෂේප කර තිබේ.දෙවැනි ගැහැණිය සංසර්ගය දැඩි වේදනාවක් ගෙන දෙන බව කියමින් අතරමග නවතා දමා තිබේ.

X-ray Photo

රජය විසින් ඔහුව ආබාධිත පුද්ගලයෙක් ලෙස ලියාපදිංචි කර තිබේ.ශිශ්නයේ ප්‍රමාණය අවම කිරීමට වෛද්‍යවරුන් මොහුව උනන්දු කලද ඔහු ඊට අකැමැතිය.ශල්‍ය කර්මයක් ඔස්සේ ශිශ්නය සාමාන්‍ය තත්ත්වයට ගෙනැවිත් සාමාන්‍ය පරිදි ලිංගික ජීවිතයක් ගෙන ගොස් දරුවන් පවා ලබාගෙන සතුටින් ජීවත් වන්නට හැකි බව වෛද්‍යවරුන්ගේ අදහසයි.නමුත් ඒ සියල්ලට වඩා හට ලොව විශාලම ශිශ්නය හිමි මිනිසා යන ගෞරවය වටිනා බව ඔහු කියයි.නමුත් වෛද්‍යවරුන් කියන්නේ ඔහුගේ ශිශ්නයේ දිගින් අගල් 13ක් පමණ පෙර සම නියෝජනය කරන බවයි.