ශ්‍රී ලංකාවේ ප්‍රථම Post-Op Transwoman


චාමි අසංකා යනු පසුගිය සමයේදී සයිබර් අවකාශය තුල වඩාත්ම අවධානයට පාත්‍ර වූ චරිතයකි.ඊට පෙර ඇය කරලියට පැමිණියේ 2011 වර්ෂයේදී තායිලන්තයේදී පැවැත්වූ Miss International Queen නම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම නිසා වෙනි.නමුත් අද ඔබ දකින්නේ වසර 5කට පෙර සිටි චමිල අසංක නම් පිරිමියා නොව කාන්තාවක්ගේ ස්වරූපය සහිත Post-Op Transgendered පුද්ගලයෙකි.එය නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් යැ‍යි කෙනෙකුට කිව හැකිය.චාමී අසංකා යන නමින් කරළියට පැමිණි Post-Op Transgender මෙම පළමුවරට මෙරට රූපවාහිනී මාධ්‍යයක් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වන්නේ නාලිකාව ඔස්සේය.එම වැඩසටහනේ සංශෝධිත පිටපතක් මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරමි.




1.ඔබේ මුල් නම කුමක්ද?

චමිල අසංක




2.උපන් දිනය

1983.01.26




3.පවුලේ සාමාජිකයින් කීදෙනෙක් හිටියද?

මාත් එක්ක හත්දෙනයි








4.කුඩා කාලේ ජීවිතය ගෙවුන විදිය විස්තර කලොත්?

සාමාන්‍යය සරල ජීවිතයක් ගෙව්වේ




5.ඒකාලේ ඔබේ සිතුම් පැතුම් මොනවගේද?

සෑහෙන්න වෙනස් අනෙක් අයට වඩා(පිරිමින්ට වඩා)




6.මොකක්ද ඒකාලේ තිබුණ බලාපොරොත්තුව?

කවදහරි මෙහෙම ඉන්න(Post-Op Transwoman කෙනෙක් වෙන්න)








7.පුරුෂයෙක් විදිහට ගෙවපු ජීවිතයේදී ඔබට පෙම්වතෙක් හිටියද?

නැහැ




8.ළමා කාලයේ ඔබ ආශ්‍රය කලේ පිරිමි ළමුන්ද ගෑණු ළමුන්ද?

දෙගොල්ලොම ආශ්‍රය කලා




9.දෙගොල්ලන්ගෙන් කා ගැනද වැඩි ලෙන්ගතුකමක් තිබුණේ?

දෙගොල්ලෝ ගැනම,එහෙම වෙනසක් තිබුණේ නෑ.








10.ලිංගිකත්වය වෙනස් කිරීමට පෙර තරුණ කාලයේදී ඔබ සිතු මොනවද?

පොඩි කාලේ ඉදලා මගේ බලාපොරොත්තුව වුනේ මේ තත්ත්වයට එන්නයි.තරුණයෙක් තුල ඇතිවෙන සිතුම් පැතුම් මට තිබුණේ නෑ.




11.මේ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය බව ඔබ පවුලේ අයට කියලා තිබුණද?

ඔව්.පවුලේ අය දැනගෙන හිටියා.




12.පාසල් යන වයසෙදී ඔයා අනෙක් ළමුන්ගේ උසුළු විසුළු වලට ලක් වුනාද?

එහෙම කරන්න තරම් වාතාවරණයක් මම ඒ ගොල්ලන්ට හදලා තිබුණේ නෑ.








13.ශල්‍යකර්මයක් කරන්නට පෙර එයට අඩිතාලම වැටුණේ කොහොමද?

ඒක දීර්ඝ කාලීනව සැලසුම් කරලා කරන්න ඕන දෙයක්.හුඟක් දේවල් ඒ වෙනුවෙන් කැපකරන්න වෙනවා.




14.කොහොමද සූදානම් වෙන්නේ?

මුලින්ම මනෝචිකිත්සකයෙක් හමුවෙලා උපදෙස් ගන්න ඕනේ.ඊට පස්සේ හෝමෝන ප්‍රතිකාරය සම්බන්ධව වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ගන්න ඕනේ.ඒ කටයුතුවලටම අවුරුදු 3-4ක් විතර ගත වෙනවා.ඉන්පස්සේ තමයි ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයට මුහුණ දෙන්න පුලුවන් වෙන්නේ.ඒ කාලය සංක්‍රාන්ති සමය කියලා හඳුන්වනවා.




15.ඒ කාලයේ ඔයාගේ උදව්වට හිටියේ කවුද?

මම විතරයි








16.පවුලේ අය,යාළුවෝ උදව් වුනේ නැද්ද?

ඒ අය හිටියා.ඒත් මේ සඳහා කැප කලේ මගේ කාලය,මුදල් සහ ශ්‍රමයයි.




17.මේ දේවල් හරිආකාරව කර ගන්න ඔබ උපදේශන සේවාවලට සහභාගී වුනාද?

ඔව්.අපි වගේ උදවිය සඳහා වෙනම පාසලක් තායිලන්තයේ බැංකොක් නගරයේ තියෙනවා.මම ඒ පාසලට ඇතුල් වුනා.




18.ශල්‍යකර්මයට පෙර ජීවිතය ගෙවුනේ කොහොමද?

ශල්‍යකර්මයට ලක් වන්නට පෙර මම තායිලන්තයේ බැංකොක් නගරයේ හෝටල් පාසලක හෝටල් කළමනාකරණ පාඨමාලාවක් කලා.ඒකාලේ අපි දවසෙන් එක් කාලයක් පිරිමි විදියටත් අනෙක් කාලය කාන්තාවක් විදියටත් ඇඳීම පැළඳීම කලා.








19.ශල්‍යකර්මයට සූදානම් වුනේ කොහොමද?

මුලින්ම කලේ පියයුරු විශාලනය කිරීමේ ශල්‍යකර්මය.දෙවනුවට කලේ ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මය.




20.ඔබේ කටහඬේ තිබෙන පිරිමි ස්වරූපය ගැන කතා කලොත්?

කටහඬ වෙනස්කිරීමේ ශල්‍යකර්මයක් තිබෙනවා.එහි පළමු පියවර මම කලා.නමුත් ශල්‍යකර්මයේ වැරදීමකින් කෙනෙක් ගොළු බාවයට පත් වෙන්නත් ඉඩ තිබෙනවා.කටහඬ ගැන මට එතරම්ම තැකීමක් නෑ.මට අවශ්‍ය ජීවිතය දැන් ලබාගෙන අවසන්.




21.ජාත්‍යන්තර සංවිධානවලින් හෝ උපදේශන සේවාවලින් උදව් ලබාගෙන හෝ ලැබිලා තියෙනවද?

නැහැ.








22.මේ දේවල් සඳහා වියදම් කලේ කවුද?

මගේ පවුලේ ලැබුණු දේ සහ මම උපයාගත් මුදල් පමණයි




23.එතකොට ඔබේ යහළු යෙහෙළියන්?

එයාලත් උදව් කරනවා.මට තියෙන ශක්තියත් මගේ යාළු-යෙහෙළියන් සහ පවුලයි.




24.ශල්‍යකර්මය නිසා කොපමණ කාලයක් සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලින් ඈත්වෙලා ඉන්න සිදුවුනාද?

මාස තුනක්








25.ඒ කියන්නේ ඔයා මේ ක්‍රියාවලිය කොටස් වශයෙන්ද කලේ?

ඔව්.නිවැරදි පිළිවෙලට මේ පරිවර්තනය සිදුකරනවා නම් අවුරුදු 7 පමණ කාලයක් ගත වෙනවා.




26.ශල්‍යකර්මයෙන් පසුව හිත දැනුනු දේ මොකක්ද?

නිදහසක් සැහැල්ලුවක්.




27.ඉන්පසුව ඔබ රැකියාව කරන ස්ථානයෙන් පිළිගත්තේ කොහොමද?

මම රැකියාව කරන ස්ථානයෙන් ඒ කාලයේ ඉදලා මට උදව් තිබුණා.මම රැකියාව කරන්නේ මාලදිවයිනේ.








28.උප්පැන්න සහිතකය වෙනස් කලේ කොහොමද?

ඒක සිද්ධ කලේ 2010 වර්ෂයේදී.නීතීඥයෙක් මාර්ගයෙන් ඒදේවල් නීත්‍යානුකූල විදියට සිදුකලා.




29.ඒ කාර්යයේදී රජයෙන් උදව් ලැබුණද?

මමත් මගේ නීතීඥවරියත් සතියක් වැනි කාලයක් තුලදී ඒ දේවල් කරගත්තා.




30.ජීවිතය ගැන දැන් දැනෙන දේ මොකක්ද?

මම සාර්ථකයි කියලා.








31.ඔයාට දැන් පෙම්වතෙක් ඉන්නවද?

නැහැ




32.පෙම්වතෙක් ඇසුරු කරන්න බලාපොරොත්තු වෙනවද?

අනාගතයේදී




33.හිතේ ලියවුනු කවුරුහරි ලියවුණු කෙනෙක් ඉන්නවද?

එහෙමනම් හැමෝටම ඉන්නව නේ.








34.ඔයාට විවාහ අපේක්ෂාවක් තියෙනවද?

ඔව්,ඇත්තටම මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා පවුල් ජීවිතයක් ගත කරන්න.බොහොම සාමාන්‍යය පවුල් ජීවිතයක්.




35.ඔබ තෝරාගන්න කෙනා මොනවගේ වෙන්න ඕනේද?

මම වගේම හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනේ හැම දේම දරාගන්න.




36.ඔබ වැනිම ශල්‍යකර්මයකට මුහුණදුන් අයෙක් විවාහ යෝජනාවක් ගෙනාවොත්?

එහෙම වුනොත් මම ඒ ගැන හිතලා බලනවා








37.ඔබේ සහකරුවා සතුව තිබිය යුතු ගුණාංග මොනවාද?

පෞරුෂත්වය




38.දරුවන් ලැබීමේ කැමැත්තක් තියෙනවද?

ඒක මගේ හිතේ තියෙන ආසාවක්.මට දරුවන් බිහිකරන්න බැහැ.මම දන්න කාලයේ ඉදලා හිතන දෙයක් තමයි දරුවන් දෙදෙනෙක් වත් අරන් හදාගන්නා කියන දේ.




39.ඒසම්බන්ධව අවබෝධය ලබාගැනීමට ක්‍රමවේදයන් සකස් කරගෙනද තියෙන්නේ?

 ඔව්,ඒ ගැන අධ්‍යාපනය හදාරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට.මොකද මම ආස නෑ මගේ ළමයි හැදුවත් සමාජයෙන් කිසිම ප්‍රශ්නයක් එයාලට වෙනවට.








40.ඔයාලා වගේ අයගේ ප්‍රජාවක් ලංකාවේ තියෙනවද?

ප්‍රජාවක් ලංකාවේ තියෙනවා කියලා දන්නවා.මම මේවන තෙක් ඒ ප්‍රජාව ගැන කිසිම හැදෑරීමක් කරලා නෑ.




41.ඒ ප්‍රජාවට නායකත්වය දෙන්න කතා කලොත්?

සුදුස්සාට සුදුසු තැන කවදාහරි කොහෙදි හරි ලැබෙයි




42.ඔයා කැමති නැද්ද ඔයාගේ අඩි පාරේ එන අයට මාර්ගය කියලා දෙන්න?

මම ගොඩක් අයට උදව් කරනවා.ඒක මට ප්‍රසිද්ධියේ කියන්න කිසිම අවශ්‍යතාවයක් නෑ








43.මේ වෙනකොට ඔයා ලබාගෙන තිබෙන ජයග්‍රහණ මොනවද?

2010 අවුරුද්දෙදී මම ගියා මිස් ඉන්ටර්නැශනල් ක්වීන් කියන තරඟාවලියට.ලංකාවෙන් සහභාගී වුන පළවෙනිම කෙනා මම.ඒවන කොට ලංකාවේ කට්ටිය ඔය ගැන දැනගෙන වත් හිටියේ නෑ.ඊට පස්සේ මම 2011 අවුරුද්දෙත් ඒ තරඟාවලියටම සහභාගී වුනා.ඊට පස්සේ 2011 වර්ෂයේදී ලෝකයේ ලස්සනම නිරූපිකාවන්(Transwoman) දසදෙනාගේ අතරින් 7 වෙනියා විදියට මම හිටියා.



44.තමන්ට කරන්න පුලුවන් සමාජ මෙහෙවර විදියට දකින්නේ මොකක්ද?

තවත් කෙනෙකුට උදව් කිරීම




45.සත්ව අවිහිංසාව ගැන ඔබ දන්නේ මොනවගේ අදහසක්ද?

මම සත්ව හිංසනය හෙළා දකිනවා.