පුරුෂයන්ට ස්ත්‍රී පෙනුමක් දෙන ශල්‍යකර්ම-2


තට්ටම යනු කාන්තාවක් පුරුෂයෙක්ගෙන් වෙනස් වන ශරීරයේ තවත් ස්ථානයකි.තට්ටම් නිසා ලෝකයේම ආකර්ෂණය දිනාගත් කාන්තාවක් ලෙස Kim Kardashian හඳුන්වා දිය හැකිය.ස්ත්‍රීන්ගේ තට්ටම් පිරිමින්ට වඩා රවුම් සහ පිරුණු ස්වභාවයක් සහිතය.ඊස්ට්‍රජන් හෝමෝනය කලවා සහ තට්ටම්වල මේද ප්‍රමාණය ඉහළ යෑම උත්තේජනය කරයි.නමුත් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මගින් මෙම ප්‍රදේශවල මේදය ප්‍රමාණය අඩුකරයි.හෝමෝන ප්‍රතිකාරය යනු කෙනෙකුට ස්ත්‍රියකගේ ස්වරූපයේ හැඩකාර තට්ටම් ලබාදීමට භාවිතා කරන මුල් පියවරයි.


Kim Kardashian

පිරවුම් ද්‍රව්‍ය එන්නත් කිරීම යනු තට්ටම් වර්ධනයේදී මතභේදකාරී ක්‍රියාවකි.තට්ටම් විශාල කිරීමට සිලිකන් යොදාගැනීම එක්සත් ජනපදයේ තහනම් කර තිබේ.ඊට හේතුව සිලිකන් ශරීර ගත කිරීම ඔස්සේ සිදුවන තිබෙන අවාසනාවන්ත සිදුවීම්ය.සිලිකන් එන්නත් කිරීම නිසා එරට තුල මරණ පවා සිදුවී තිබේ.දීර්ඝ කාලීනව මෙහි බලපෑම් වන්නේ වේදනාව,වර්ණය වෙනස් වීම සහ ගෙඩි ගැසීම් ඇතිවීම ආදියයි.එන්නත් කිරීම් සිදුකරන්නේ පොම්ප මගින්ය.

තට්ටම් විශාල කිරීමට පෙර සහ පසු

එක්සත් ජනපදය තුල නම් සිලිකන් වෙනුවට hyaluronic acid හෝ siliconized collagen යොදාගෙන තට්ටම් ප්‍රමාණයෙන් විශාල කිරීම සිදුකල හැකි මුත් යන වියදම නිසා එය එතරම් ප්‍රායෝගික නොවන බව සඳහන් වේ.මහතින් වැඩි අයට නම් ඔවුන්ගේ මේදය තට්ටම් විශාල කිරීමට යෙදවිය හැකිය.මෙම ක්‍රියාවලිය සාමාන්‍යය ව්‍යවහාරයේදී  “Brazilian butt lift” නමින් හඳුන්වයි.මෙහිදී තට්ටම්වල ප්‍රමාණය වර්ධනය කෙරෙන අතර ප්‍රමාණවත් හැඩයක්ද ලබාදෙයි.තවද ඉගටියේ ප්‍රමාණය අඩු කරයි.මෙම ක්‍රියාවලියේදී මෘදු සිලිකන් රෝපණය කෙරෙන්නේ ස්ත්‍රීමය ස්වරූපයක් ලබාදීම සඳහාය.එය ආරක්ෂා සහිත මෙන්ම ස්ථීර ක්‍රමවේදයකි.

Transgenders කිහිපදෙනෙක්ගේ තට්ටම් විශාල කිරීමට පෙර විශාල කිරීමෙන් පසු  තත්ත්වය පෙන්වන ඡායාරූප.පසු අවස්ථාවේ ඒ  ඒ පුද්ගලයාගේ ශරීරයෙන් පැහැපත් බවක් මෘදු බවක් පෙන්වන්නේ ඔවුන් හෝමෝන ප්‍රතිකාරය ලබාගෙන තිබෙන නිසාය.