තායිලන්තයේ ජීවත්වූ අන්තර්ජාලය තුල ප්‍රසිද්ධියට පත් චරිතයක් වූ transvestite කෙනෙක් පසුගිය දා අවසන් ගමන් ගියේ ශිශ්නයේ ඇතිවූ පිළිකාවක් නිසාය.මොහු අන්තර්ජාලයේ පෙනී සිටියේ Sexy Pancake නම් නාමයෙන්ය.තම ශිශ්නය නිතර පහළට කර නමාගෙන සිටීම නිසා හටගත් රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් පසුව ශල්‍යකර්මයක් ඔස්සේ ශිශ්නය ඉවත් කර තිබුණේ වසරකට පමණ පෙර බවයි වාර්තා වන්නේ.
27 හැවිරිදි මෙම තායිගේ නියම නම Niwat Sangmorය.2016 මැයි 14 සෙනසුරාදා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.රෝගී තත්ත්වය ඇතිව තිබෙන්නේ ඔහුගේ ශිශ්නය ආශ්‍රිතවයි.මෙම පිළිකාව පැතිර යාම වැලැක්වීමට වෛද්‍යවරු ඔහුගේ ලිංගය ඉවත් කර තිබේ.නමුත් පිළිකා සෛල රුධිරය ඔස්සේ ඒ වන විටත් පැතිර ගොස් හමාරය.
රෝහල් ගත කිරීමෙන් පසුව සිය ෆේස්බුක් පිටුවේ ඔහු සඳහන් කර තිබුණේ තමන් ඡායාරූපවලට පෙනී සිටීමේදී පුරුෂ ලිංගය කැපී පෙනීම වැළැක්වීමට එය පහළට කර නමාගෙන සිට තිබේ.එසේම එම ආකාරයෙන්ම ශිශ්නය රාත්‍රීන් පුරාවට තබා ගත් බවයි.පිළිකා තත්ත්වයට එය හේතුවූ බවටයි ඔහුගේ අදහස.
සිය ජීවිතයේ අවසන් දින කිහිපය රෝහලක ගෙවා දැමූ Sexy Pancake
ඔහු transvestite කෙනෙක් ලෙස ලොව පුරා ලක්ෂ ගණනක ප්‍රේක්ෂක පිරිසක් දිනාගෙන තිබුනේ පිටිසර ප්‍රදේශවල කාන්තාවක් සේ සැරසී සිටීමෙන් ගත් ඡායාරූප ඔස්සේය.ඇගේ සමාජ ජාල වෙබ් අඩවි පිටුවට ආසන්න වශයෙන් 500,000 පිරිසක් එක්ව සිටියෝය.එහි ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ පට ඇතුලත්ව තිබේ.
Transvestite යනු
ලිංගික සතුට හෝ ලිංගික හැඟීම් ඇවිස්සීමට විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම්වලින් සැරසෙන පිරිමින් transvestite නමින් හඳුන්වයි.නමුත් මොවුන් Crossdressers හෝ Transgenders සමග පටලවා ගත යුතු නොවේ.මන්ද transvestite පුද්ගලයින්ට තමන් උපතෙන් ලද ස්ත්‍රී හෝ පුරුෂ ස්වභාවය සම්බන්ධව ගැටීමක් නොමැත.එසේම ඔවුන්ට තම ලිංගිකත්වය වෙනස් කිරීමේ ආශාවක්ද නොමැත.