Transgender Drama Movies - 50


Paulista යනු බ්‍රසීලයේ නිර්මාණය කල චිත්‍රපටයකි.මෙය අධ්‍යක්ෂණය කලේ Roberto Moreiraය.සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වන මොහුගේ මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ බ්‍රසීලයේ සා.පාවුලො නගරයේ නවතැනක් බෙදාගෙන පාවිච්චි කරන තරුණ තරුණියන් තිදෙනෙකු ආදරය සොයා යන ගමන් සම්බන්ධවයි.




අධ්‍යක්ෂණය:Roberto Moreira
නිෂ්පාදනය:Geórgia Costa Araújo
තිරරචනය:Roberto Moreira, Anna Muylaert
සංස්කරණය:Mirella Martinelli
රංඟනය:Maria Clara Spinelli
Sílvia Lourenço
Danni Carlos
Paulo Vilhena
Gustavo Machado
Fábio Herford
කැමරාකරණය:Marcelo Trotta
සංගීතය:Livio Trachtenberg
නිකුත් කල දිනය:2009.10.02
රට: Brazil
භාෂාව:Portuguese
ධාවන කාලය:1h 23min 





කතාව

Marina යනු සා.පාවුලො හි වෙසෙන තරුණ කාන්තාවකි.ඇගේ ආශාව විශිෂ්ඨ නිළියක් වීමයි.ඇගේ අලුත් නිවහන වන්නේ Jaqueline Apartment නම් නවාතැනයි.මෙම විශාල නගරයේ සාර්ථකත්වය ලබා ගැනීමට සටනක යෙදී සිටින ඇය අසල්වැසි පවුලක් හා ශක්තිමත් බැඳීමක් ඇතිකර ගනියි.ඇය සිය නවාතැන නීතිඥයෙක් වන Suzana නම් තැනැත්තා සමග බෙදාගෙන පාවිච්චි කරයි.මෙහි Suzana ගේ චරිතයට රංඟනයෙන් එක්වන්නේ Maria Clara Spinelli නම් transgender නිළියයි.ඔවුන්ට තට්ටු කිහිපයක් පහළින් සිටින්නේ Jay නම් ලේඛකයාය.ඔහු ගණිකාවක් හා බැඳී සිටියි.දිනක් රාත්‍රී සමාජ ශාලාවකදී Marina හට Justine නම් රොක් ගායකයා හමුවේ.ඇය ඔහු හා පෙමින් වෙළෙයි.ඒ අතර Suzana,Gil නම් අයෙක් හා සම්බන්ධයක් ඇතිකර ගනියි.ඒ Suzana ගේ අතීතය ගැන නොදැනුවත්වයි.


Paulista චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය