Transgender Drama Movies - 49


Just Like a Woman යනු 1992 වසරේදී නිකුත් කල Christopher Monger විසින් අධ්‍යක්ෂණය කල  Julie Walters, Adrian Pasdar, Paul Freeman ආදීන් විසින් රංඟනයේ යෙදෙන බ්‍රිතාන්‍ය හාස්‍යමය සිනමා නිර්මාණයකි.මෙම චිත්‍රපටය Monica Jay විසින් ලියූ Geraldine, For the Love of a Transvestite නම් නවකතාව පාදක කරගෙන නිමවා තිබේ.




අධ්‍යක්ෂණය:Christopher Monger
නිෂ්පාදනය:Nick Evans
තිරරචනය:Nick Evans
රංඟනය:Julie Walters
Adrian Pasdar
Paul Freeman
Susan Wooldridge
Gordon Kennedy 
Ian Redford 
සංගීතය:Michael Storey
කැමරාකරණය:Alan Hume
සංස්කරණය:Nicolas Gaster
නිකුත් කල දිනය:1992.09.25
ධාවන කාලය:105 minutes
රට:United Kingdom
භාෂාව:English
ආදායම:$78,808







කතාව


Gerald යනු වයස අවුරුදු තිස් ගණන්වල පසුවන transvestite කෙනෙක්ය.දිනක් ඔහුගේ බිරිඳ වෙනදාට කලින් නිවසට පැමිණෙද්දී කාන්තා ඇඳුම් ආයිත්තම් නිවස පුරා විසුරුවා දමා තිබිණි.තම සැමියාගේ පුරුද්ද ගැන අවබෝධයක් නැති ඇය ඔහුව නිවසින් එළවා දමා විවාහයද අවසන් කරයි.ඔහු Monica නම් දික්කසාද වූ වයස අවුරුදු පනස් ගණන්වල සිටි කාන්තාවකගේ නිවසේ කාමරයක් කුලියට ගනියි.මේ දෙදෙනාගේ සම්බන්ධය නිවාස හිමියා-කුලී වැසියාගේ සිට මිතුරන් දක්වාද අවසානයේ ආදරවන්තයන් දක්වාද වෙනස් වේ.මොනිකා ක්‍රමයෙන් ගැන සොයා බලා ඔහුව අවබෝධ කරගෙන ඔහුගේ සහායට ඉදිරිපත් වේ.


Just Like a Woman (1992) චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය




Just Like a Woman (1992) සම්පුර්ණ චිත්‍රපටය