Transgender Drama Movies - 48


Transpapa යනු ජර්මන් අධ්‍යක්ෂකවරයෙක් වන Sarah-Judith Mettkeගේ සිනමා නිර්මාණයකි.මෙය 2012 දී ප්‍රදර්ශනය ඇරඹීය.Transpapa චිත්‍රපට උළෙල ගණනාවක ප්‍රදර්ශනය කර තිබේ.වැඩිවියට පත් දැරියක් post-op transsexual පුද්ගලයෙක් වන සිය පියා සොයායෑම මෙහි දිවෙන කතාවයි.




අධ්‍යක්ෂණය:Sarah-Judith Mettke
නිෂ්පාදනය:Jochen Laube
තිරරචනය:Sarah-Judith Mettke
රංඟනය:Luisa Sappelt
Devid Striesow
Sandra Borgmann
Horst Sachtleben
Florence Kasumba
Fritzi Haberlandt

කැමරාකරණය:Philipp Haberlandt
සංස්කරණය:Kaya Inan
ධාවන කාලය:90 min
නිකුත් කල දිනය:2012.11,22
රට:Germany
භාෂාව:German




කතාව

බර්ලින් හි ජීවත්වන නව යොවුන් දැරියක් වන Maren සිය පියා සොයා යයි.ඔහු post-op transsexual කාන්තාවක් ලෙස ජීවත් වන අයෙක් වන අතර සිය නම Sophie ලෙස වෙනස් කරගෙන තිබේ.Maren,සිය මව හා නොසතුටින් පසුවේ.එසේම ඇයට සිය වාහන බලපත්‍රය ලබා ගැනීමට මුදල්වල අවශ්‍යතාවයක්ද තිබේ.ඇගේ පියා සොයා යන Maren ඔහු සමග සතියක් පමණ ගත කරයි.


Transpapa(2012)චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය