Transgender Drama Movies - 44



Transgender Drama Movies ලිපි පෙළ එතරම් අවධානයක් හිමිකර නොගත් නිසා යාවත්කාලීන කිරීම නවතා දමා තිබිණි.නමුත් Crossdresser කෙනෙක්ගේ ඉල්ලීම මත එම ලිපි පෙළ අද පටන් යළි මෙම බ්ලොග් අඩවියේ පළ කරන්නට තීරණය කලෙමි.අද ලිපිය ඔස්සේ ඔබ වෙත සමීප කරන්නේ Bright Sparks & Darkness නම් චිත්‍රපටයයි.ටොම් ස්ටොක් නම් අධ්‍යක්ෂකවරයාගේ කෙටි චිත්‍රපටයක් වන මෙහි තිබෙන විශේෂත්වය වන්නේ කිසිදු දෙබසක් ඇතුලත් නොවීමයි.2013 වසරේදී නිකුත් කල Bright Sparks & Darkness චිත්‍රපටය මිනිත්තු 6පමණ සීමාවේ.




අධ්‍යක්ෂණය:Tom Stock
නිෂ්පාදනය:Tom Stock
තිරරචනය:Tom Stock
චිත්‍රපට වර්ගය:Drama, Gay and Lesbian
නිකුත් කල වසර:2013
ධාවන කාලය:6 minutes
නිෂ්පාදන සමාගම:A Mean Reds Production
රූගත කිරීම:ලන්ඩන් සහ එක්සත් ජනපදය
රංඟනය:Peter Dillon
කැමරාකරණය:Simone Scott



කතාව


Drag Queen කෙනෙක්(කාන්තාවක් ලෙස සැරසී විනෝදාස්වාදය සපයන පිරිමියෙක්) සහ හුදකලාව සහ ව්‍යාකූලත්වය නිරූපණය කරන සවස් යාමයක් මේ ඔස්සේ නිරූපණය කර තිබේ.




2014 අප්‍රේල් 11-13 දින වල ජර්මනියේ කීල් හි පැවැත්වූ වාර්ෂික Transgender සිනමා උළෙලට මෙම චිත්‍රපටය ඉදිරිපත් කල අතර එහිදී විනිශ්චය මණ්ඩලය විසින් මෙම චිත්‍රපටයේ රඟ පෑ පීටර් ඩිලෝන් හොඳම Transgender(MTF) රංඟන ශිල්පියා ලෙස යෝජනා කර තිබේ.


 Bright Sparks & Darkness සම්පුර්ණ චිත්‍රපටය