18+ සිනමාව - 6


Second Wife යනු ඉතාලි චිත්‍රපටයකි.ඉතාලි බසින් La seconda moglie නමින් හඳුන්වන මෙම චිත්‍රපටයේ අර්ථය වන්නේ දෙවන බිරිද හෙවත් Second Wife යන්නයි.1998 වසරේදී නිකුත් කල මෙය Ugo Chiti නම් අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයකි.චිත්‍රපටයට පසුබිම් වන්නේ තම කුඩම්මා සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නා පුත්‍රයෙක්ය.




අධ්‍යක්ෂණය:Ugo Chiti
නිෂ්පාදනය:Vittorio Cecchi Gori,Rita Rusic
තිරරචනය:Ugo Chiti,Nicola Zavagli
සංස්කරණය:
රංඟනය:Maria Grazia Cucinotta
Lazar Ristovski
Giorgio Noè
Jessica Auriemma
Patrizia Corti
Sergio Pierattini
Stefano Abbati

කැමරාකරණය:Raffaele Mertes
සංගීතය:Aldo De Scalzi,Pivio
රට: Italy
භාෂාව:Italian
ධාවන කාලය:122 min
නිකුත් කල දිනය:1998.11.06





කතාව


1960 දශකය නිරූපණය කරන පසුබිමක මෙය නිර්මාණය වී තිබේ.එකල ඉතාලියේ ජීවත්වූ වැන්දඹු ට්‍රක් රථ රියදුරෙක් සිය දෙවන බිරිඳ ලෙස සිසිලියානු කාන්තාවක් විවාහ කර ගනියි.නමුත් ඔහු ඇයට වඩා බොහෝ වැඩිමල්ය.වරක් ඔහුගේ පෞරාණික භාණ්ඩ ජාවාරමක් නිසා අත් අඩංගුවට පත්වේ.එහි ප්‍රතිඵලය වන්නේ ඔහුගේ කලින් විවාහයේ පුත්‍රයා සමග දෙවන බිරිය පෙමින් වෙළීමයි.


Second Wife(1998) චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය