ශ්‍රී ලංකාවේ Male-Crossdressers - කෞෂි ලෝචනා


මෙරට Male-Crossdressers සම්බන්ධව ලියවෙන හත්වන ලිපියත් පළකරන්නට අද දින මා හට හැකියාව ලැබුණි.ඇත්ත වශයෙන්ම මෙම ලිපි පෙළ බොහෝදෙනාගේ අවධානයට ලක් වූ බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ.මෙවර ලිපියෙන් ඉදිරිපත් කරන්නේ කෞෂි ලෝචනා නම් හරස්විලාසිනිය පිළිබඳවයි.




1.ඔබේ නම කුමක්ද?

මගේ නම කෞෂි ලෝචනා.




2.කාන්තා නාමයක් භාවිතා කිරීමට හේතුවක් තිබේ නම් සඳහන් කරන්න.

එවිට මම ස්ත්‍රියක් යන හැඟීම තවත් උද්දීපනය වන නිසා.




3.සැබවින්ම හරස්විලාසිනියක්(crossdresser) යනු කවුද?

කාන්තාවක් ලෙස ජීවත් වෙන්න කැමති,කාන්තාවක් මෙන් කතා කරන්න කැමති,කාන්තාවක් ලෙස සැරසී සිටීමට කැමති මෙන්ම කාන්තාවක් සේ සැලකුම් ලැබීමට ආශා කරන අයෙක්




4.ඔබ ස්ත්‍රියක් ලෙස අඳින්න පළඳින්නට යොමුවූ හේතුව කුමක්ද?

මා ඉන් මානසික තෘප්තියක් ලබනවා.එසේම එලෙස ඇඳීමෙන් මා කාන්තාවක් යන හැඟීමක් ඇතිවේ.







5.Crossdresser කෙනෙක් ලෙස සැරසුණු මුල්ම දිනය මතකද?

ඔව්.එවිට මගේ වයස අවුරුදු 12 පමණ විය.දිනක් සෙල්ලමට මෙන් මගේ සහෝදරයන් මට මවගේ ඇඳුම් අන්දවන ලදි.එය මගේ පළමු crossdressing අත්දැකීමයි.එදින පටන් මා ස්ත්‍රියක් යන හැඟීම සිතේ මෝදුවන්නට විය.




6.crossdresser,crossdressing යනාදී වචන ඔබ පළමුවරට ඇසුවේ හෝ හඳුනාගත්තේ කවදාද?

වයස අවුරුදු 16 දී පමණ




7.මෙරට crossdressers සම්බන්ධව සමාජය දරන ආකල්ප ගැන ඔබේ වචනවලින් විස්තර කරන්න.

ඇත්තටම ඒ ගැන සිතද්දී පවා ඇතිවන්නේ කලකිරීමකි.සමාජය අප දෙස බලන්නේ පිළිකුලෙන් යුතුවයි,විශේෂයෙන් මෙරට ජනයා.ඔවුන් එසේ අපහට සැලකීමට හේතුවක් මට නම් සිතා ගන්නට නොහැකිය,මන්ද අප සියල්ලන්ම මනුෂ්‍යයන් වන නිසා.




8.ඔබ එදිනෙදා ජීවිතයේදී හරස්විලාසිනියක් ලෙස අඳින පළඳින ඇඳුම් සහ පැළඳුම් මොනවාද?

පාදවලට ඇලුණු ඇඳුම්(Leggings),උඩුකයේ සිට යටි පතුල් ආවරණය වන සේ නිර්මාණය කල ඇඳුම්(Maxi dresses) ,කාන්තා උඩුකය ඇඳුම්(Tops) සහ අනෙකුත් කාන්තා ඇඳුම්.







9.ඔබ භාවිතා කරන කාන්තා ඇඳුම් ආයිත්තම් ඔබේම ඒවාද? ඉන් ඔබ වඩාත් ප්‍රිය කරන ඇඳුම් කට්ටලයක් තිබේ නම් සඳහන් කරන්න.

ඔව්.ඒවා මා විසින්ම මිලදී ගත් ඒවාය.leggings,tops,maxi dresses ආදී ඇඳුම් වර්ගවලට වැඩි කැමැත්තක් දක්වමි.




10.කෘත්‍රිම කොණ්ඩා,පියයුරු සහ හරස්විලාසිනියන් භාවිතා කරන අනෙකුත් දෑ ඔබ සතුව තිබේද?

ව්‍යාජ කොණ්ඩයක් භාවිතා කරමි.




11.ඔබ රූපලාවන්‍ය සම්බන්ධව දක්වන අවධානය කෙබඳුද?

රෝම ඉවත් කිරීම සහ සම පැහැපත් කිරීම ආදිය සිදුකරනු ලබනවා.




12.ඔබ crossdresser කෙනෙක් ලෙස ගෙවන ජීවිතයත් සඳහා කාලය කළමනාකරය කරගන්නේ කෙසේද?

මා දෛනිකව crossdressing සිදුකරනු ලබන මුත් ඒ සඳහා විශේෂිත ස්ථානයක් නොමැත.බොහෝවිට මේ සඳහා උදෑසන කාලය සහ රාත්‍රී කාලය තෝරාගනිමි.







13.ඔබේ crossdressing ජීවිතය ගැන පවුලේ උදවිය හෝ වෙනත් අයෙක් පෞද්ගලිකව දන්නේද?

මගේ මව සහ යහළුවෙක් මගේ crossdressing ජීවිතය ගැන දනියි.යහළුවා ඉදිරියේ මා කැමැත්තෙන් ස්ත්‍රීයක් ලෙස සැරසී සිටින මුත් තවමත් කිසිවෙකුට හෝ හසුවී නොමැත.




14.හරස්විලාසිනියක් ලෙස ඔබ මුහුණදෙන අභියෝග/ගැටළු මොනවාද?

නිවස තුල වැඩි කාලයක් හරස්විලාසිනියක් සේ සැරසී සිටීමට ඇති නොහැකියාව එක් අපහසුතාවයකි.කොපමණ ඇඳුම් මිලදී ගත්තද මාගේ සිත සෑහිමකට පත් නොවීම තවත් ප්‍රශ්නයකි.




15.ඔබේ crossdressing ජීවිතය තුල ලැබුණු අමතක නොවන අත්දැකීම් ඇත්නම් සඳහන් කරන්න

දිනක් මගේ මව පන්සල් යාමට නිවසින් බැහැරව ගියාය.ඒ ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මම කාන්තා ඇඳුමින් සැරසුනෙමි.නමුත් හිටි හැටියේම මව ඥාති සොහොයුරියක් සමග නිවසට පැමිණි අතර ඔවුන් දෙදෙනා මා සිටි කාමරයට ඇතුල්වන බව දැක මා සයනයට යට සැඟවුණෙමි.ඒ බව මගේ මව නොදුටු අතර ඇය කාමරයෙන් පිටව ගිය වහාම ඥාතී සොහොයුරිය සයනයට යටට හිස හොවා මා දෙස බැලීය.ඉන්පසු මා ඇයට එතනින් පිටව යන ලෙස හස්ථ සංඥාවෙන් අණ කලෙමි.ඉන්පසු ඇය කාමරයෙන් පිටව ගිය මුත් එම අවස්ථාවේ කාමරයේ තිබූ අඳුර නිසා මා කාන්තා ඇඳුමින් සිටි බව ඇය නොදකින්න ඇති බවයි මගේ හැඟීම.




16.Crossdressing කරද්දී ඔබ විසින් අනුකරණය කරන පුද්ගලයෙක්/චරිතයක් සිටියිද?


විශේෂ අයෙක් නොමැත.







17.ඔබ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?

නැත.




18.ඔබේ පෞද්ගලික ජීවිතය ගැන යමක් සඳහන් කලහොත් ?

මගේ වයස අවුරුදු 21කි.අවිවාහකය.නමුත් විවාහ වීමේ ආශාවක්ද නොමැත.



19.ඔබේ විනෝදාංශ මොනවාද?

Crossdresser/TG/TS නිල් චිත්‍රපට බැලීමට ආශාවක් දක්වමි.




20.ඔබ වඩාත් ප්‍රියකරන කාන්තා හෝ CD/TG නිරූපිකාවක් සිටින්නේ නම් සඳහන් කරන්න.

Bailey Jay







21.ඔබේ ලිංගික ජීවිතය කෙබඳු එකක්ද?

මාගේ ජීවිතය ගැන දන්නා පෙර සඳහන් කල මිතුරා සමග මා කිහිප වරක් ලිංගිකව එක්වී තිබේ.නමුත් ලිංගික ජීවිතයට වඩා මා කාන්තාවක් සේ සැරසී සිටිමට ආශා කරමින්.ඉන් මා හට ඉහළ තෘප්තියක් ලැබෙනවා.ඒ නිසාම මම දැන් ලිංගිකව සක්‍රීය අයෙක් නොවේ.



22.crossdresser කෙනෙක් වීම ඔබේ ජීවිතයට සිදුකල බලපෑම කවරේද?

Crossdresser කෙනෙක් වීමෙන් මගේ ස්ත්‍රී ස්වරූපය උලුප්පා ලීමට පහසුවක් විය.




23.Crossdressing සඳහා යොමුවීමට බලාපොරොත්තුවන පිරිසට වැදගත් යැයි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?

මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් මෙම බ්ලොග් අඩවියේම පළවූ 'හරස් විලාසිනියන්ගේ උදව්කරුවෝ' ලිපියෙන් ලබා ගත හැකි යැයි මා සිතමි.




24.Crossdresser කෙනෙක් ලෙස ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

තවදුරටත් crossdressing කරගෙන යෑම සහ කාන්තාවක් සේ සැරසී මා පිරිමියෙක් යැයි සැක නොසිතෙන සේ නිවසෙන් පිටත ස්ථානවල සැරිසැරීමයි.







25.මෙරට crossdressers ප්‍රජාවට ඔබට දීමට තිබෙන යම් පණිවුඩයක් තිබේ නම්?

කාන්තාවක් යන හැඟීම විඳින්නට නම් ලිංගිකව එකතු වීමටම උවමනා නැත.ඉන් අදහස් කලේ ලිංගිකව හැසිරීම සුදුසු නැතැයි යන කරුණ නොවේ.නමුත් බොහෝදෙනා විශේෂයෙන් පිරිමින් අපව දකින්නේ ඔවුන්ගේ ලිංගික වහලුන් ලෙසයි.මා එයට කිසිසේත් එකඟ නොවේ.ඔබ crossdresser කෙනෙක් ලෙස එවැනි පුද්ගලයෙන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.එසේම තමන් කාන්තාවක් යන හැඟීම සිත තුල සිරගත නොකරන්න,ඔබේ සිත තුල සිටින කාන්තාවට එළියට එන්න ඉඩ දෙන්න.



හරස්විලාසිනී කෞෂි ලෝචනා - Facebook Profile