ශ්‍රී ලංකාවේ Male-Crossdressers - වත්සලා සේපාලි


මේවන තෙක් අසභ්‍ය අඩවිය ඔස්සේ මෙරට Male-Crossdressers සමග සම්මුඛ සාකච්ඡා පහක් සිදුකර තිබේ.නමුත් ඉන් එකක් හැර අනෙක් ලිපි හතරම මෙම බ්ලොග් අඩවියේ පළ කර තිබේ.පස්වන ලිපිය අදාල Crossdresser ගේ ඉල්ලීම මත ඉවත් කරගැනීමට සිදුවිය.පියුමි හංසිකා නම් ඒ crossdresser සම්බන්ධව පළවූ ලිපිය බ්ලොග් අඩවියෙන් ඉවත් කිරීම සම්බන්ධව කිහිපදෙනෙක්ම විමසා තිබිණි.එවැනි සිද්ධී අතරේ පවා තමන් සම්බන්ධව ලිපියක් මෙම් බ්ලොග් අඩවියේ පළකරවා ගැනීමට තිබෙන උනන්දුව පහව ගොස් නොමැති බව පෙනෙන්නට තිබේ.එවැනි ඉල්ලීමක් මත යළිත් මෙරට crossdresser කෙනෙක් සම්බන්ධව තොරතුරු ඔබ වෙත සමීප කරන්නට හැකියාව ලැබී තිබේ.මෙම ලිපිය ලියවෙන්නේ වත්සලා සේපාලි නම් සම්බන්ධවයි.





1.ඔබ තමන්ව හඳුන්වාදෙන්නේ කෙසේද?


මගේ සත්‍යය නාමය නිපුන.නමුත් මම ෆේස්බුක් වෙබ් අඩවියේ වත්සලා සේපාලි යන අනුවර්ත නාමයෙන් පෙනී සිටිමි.



2.ස්ත්‍රී ලිංගික නාමයක් භාවිතා කිරීමට විශේෂ හේතුවක් තිබේද?

මම ගැහැණියක් යන හැඟීම,ස්ත්‍රී නාමයක් භාවිතා කිරීමේ තවත් වැඩිවෙන නිසාය




3.ඔබ Crossdressing කිරීමට සඳහා යොමුවූයේ ජීවිතයේ කිනම් අවධියකද?

මුල් වරට කාන්තාවක් සේ ඇන්දේ පළමු ශ්‍රේණියේදීය.නමුත් ඒ කැමැත්තකින් නම් නොවේ.මගේම කැමැත්තෙන් crossdressing කලේ 8 ශ්‍රේණියේදීය.






4.ඔබ Crossdressing කිරීමට යොමුවූ හේතුව කුමක්ද?

මා දකින බොහෝදෙනා කීවේ මම ගැහැණු ළමයෙක් වැනිය කියාය.වැඩිදෙනෙකුට මා ගැහැණියක් සේ පෙනුන නිසා මගේ සිත තුලත් මා ගැහැණියක් යන සිතුවිල්ල ඇතිවිය.පසුව මා කාන්තාවක් සේ අදින්නට යොමුවිය.




5.ඔබ සාමාන්‍යයෙන් අඳින ඇඳුම් මොනවාද? ඊට අමතරව වෙනත් දෑ පැළඳීමක් කරන්නේද?

නිවසේ සිටින විට බොහෝ අවස්ථාවල දිග සාය සහ උදරය පෙනෙන ලෙස හැට්ටය අදිමි.සමහර දිනවලට තනපට සහිතව සිටිමි.




6.ඔබේ ප්‍රියතම ඇඳුම් කට්ටලය කුමක්ද?

මගේ ප්‍රියතම ඇඳුම් වන්නේ සාරිය සහ ඔසරියයි.






7.crossdressing සඳහා භාවිතා කරන ඇඳුම් ඔබේම ඒවාද ? වෙනත් අයෙක්ගේ ඒවාද?

උඩුකය සහ යටිකය යට ඇඳුම් මගේ ඒවාය.අනෙක් ඇඳුම් මගේ මවගේය.




8.පළමුවරට කාන්තාවකගේ ඇඳුමකින් සැරසුණු දිනය මතකද? ඒ දිනය ගැන කෙටියෙන් යමක් සඳහන් කලොත්?

8 ශ්‍රේණියේදී මා කැමැත්තෙන් කාන්තාවක් මෙන් සැරසුනා.එදින නිවසේ කිසිවෙක් නොසිටියේය.ඒ නිසා මම මගේ මවගේ ඇඳුම් අදින්නට තීරණය කලා.මවගේ යට ඇඳුමක්  සහ තනපටක් ඇඳ ඊට උඩින් දිග සායක් ඇන්දෙමි.ඉන්පසු මම ඒ සතුටට ටිකක් නැටුවෙමි.එදා මට මම ගැහැණු ළමයෙක් යැ‍යි හැඟීමක් ඇතිවුනා.




9.ඔබ රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව දක්වන උනන්දුව ගැන සඳහන් කල හොත්?

මගේ ශරීරයේ රෝම වැඩීම අඩුයි.නමුත් සතියකට වරක් රෝම ඉවත් කරනවා.තොල් සහ නිය ආලේපන වලට ගොඩක් ආසයි.






10.ඔබට තවමත් අවස්ථාවක් නොලැබුණු සිහින ඇඳුමක් තිබේද ?

බිකිනියක් අදින්නට ලොකු ආසාවක් තිබෙනවා.




11.Crossdresser කෙනෙක් ලෙස ඔබ මුහුණ දෙන ගැටළු මොනවාද?

කාන්තාවක් මෙන් සැරසී නිදහසේ සැරිසරන්නට විශේෂයෙන්ම මාර්ගයේ ගමන් කරන්නට ඇති නොහැකියාවයි.




12.Crossdressing කරද්දී ඔබ විසින් අනුකරණය කරන පුද්ගලයෙක්/චරිතයක් සිටියිද?

නැත.






13.කාන්තා ඇඳුම් සැරසී සිටියදී ඔබ යම් අයෙක්ගේ නෙත ගැටී තිබේද?එසේ වුනේ නම් ඒ කාටද? එහි ප්‍රතිඵලය කුමක්වීද?

එවැනි සිද්ධියක් සිදුවුනා.මම මගේ මවගේ ඇඳුමින් සැරසී සිටියදී ඇගේ අතටම අසුවුනා.මම හිතුවේ ඇය කලබල වේවි යැයි සිතාය.නමුත් ඇය මා එසේ සිටිනවාට කැමති වුනා.ඉන්පසුව මම නිවසේ සිටින විට වගේම මවගේ මිතුරියන්ගේ නිවෙස්වලට යද්දී පවා කාන්තා ඇඳුමින් සැරසී සිටීමට අවස්ථාව හිමිවිය.මගේ ජීවිතය තුල මා ලැබූ හොඳමය දෙය එයයි.




14.ඔබ කාන්තා ඇඳුමින් සැරසී නිවසෙන් පිටතට ගොස් තිබේද?

ඔව්.මවගේ මිතුරියන්ගේ නිවෙස්වලට යද්දී මා සැරසී යන්නේ සාරියකින් හෝ ඔසරියකිනි.




15.ඔබේ සැඟවුණු crossdressing ජීවිතය ගැන කිසිවෙක් දන්නේද?

මගේ මව ඒ සම්බන්ධව දනියි.නමුත් මගේ පියා විදේශගතව සිටින නිසා ඒ කිසිවක් සම්බන්ධව නොදනියි.මගේ මව සේවය කරන හෝටලයේ ඇගේ මිතුරියන් මගේ ජීවිතය ගැන දනියි.ඊට අමතරව පිරිමි තිදෙනෙක් මා crossdresser කෙනෙක් බව දන්නවා.






16.ඔබේ ලිංගිකතාවය( sexuality)කුමක්ද?

Bisexual




17.ඔබ අවිවාහකද විවාහකද ?නැත්නම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටියිද?විවාහය ගැන ඔබේ අදහස කුමක්ද?ඔබේ සහකරුවා /සහකාරිය කවර ගති පැවතුම් ඇත්තෙක් වියයුතුද?

අවිවාහකය.පෙම්වතෙක් සිටියි.කලින් සඳහන් කල පිරිමින් තිදෙනාගෙන් එක් අයෙක් මගේ පෙම්වතාය.අප දෙදෙනා ළඟදීම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.ඔහුගේ අදහස නම් crossdresser බිරිඳක් යනු සැමියාගේ වහලියකි.මමත් ඒ අදහස එකඟය.




18.ඔබ Crossdresser සඳහා කාලය වෙන් කරගන්නේ කෙසේද?

නිවසේ ගතකරන බොහෝ අවස්ථාවලදී මෙන්ම මවගේ යාළුවන්ගේ නිවෙස්වලදී මම කෙනෙක්මි.






19.ඔබ ව්‍යාජ කොණ්ඩ,පියයුරු ආදිය භාවිතා කරන්නේද?

නැත.




20.ඔබ වඩාත් ප්‍රියකරන කාන්තා හෝ CD/TG නිරූපිකාවක් සිටින්නේ නම් සඳහන් කරන්න.

විශේෂ කෙනෙක් නැත.




21.ඔබේ විනෝදාංශ මොනවාද?

නර්ථනයේ යෙදීම






22.ඔබේ ලිංගික ජීවිතය කෙබඳු එකක්ද? 

මා  මගේ පෙම්වතා සමග ඔහුගේ කැමැත්ත මත ඔහුගේ යහළුවන් දෙදෙනෙක් හා ලිංගිකව එක්වී තිබෙනවා.මම සම්පුර්ණ bottom සහකරුවෙක්මි.




23.crossdresser කෙනෙක් යනු කවුද ඔබගේ වචන වලින් විස්තර කරන්නේ නම්?

අනිවාර්යෙන්ම ගැහැණියක්.




24.crossdresser කෙනෙක් ලෙස මෙතෙක් ආ ගමන් මගේදී ඔබ මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් මොනවාද?

දිනක් මගේ මව මා සාරියකින් සරසා ඡායාරූප ගෙන ඒවා ඇගේ මිතුරියන්ට පෙන්වා තිබෙනවා.ඒවා දැකීමෙන් පසුව ඔවුන්ට මා දකින්නට අවශ්‍ය යැයි පවසා තිබේ.දිනක් මගේ මව ඔවුන් සියලුදෙනාවම අපේ නිවසට රැගෙන විත් මාව පෙන්වීය.එදින මා සැරසී සිටියේ ඔසරියකිනි.මම ඔවුන් ඉදිරියට ගියේ ලැජ්ජාවෙනි.ඉන්පසු ඔවුන් මගේ හැඩ වැඩ බලමින් ඡායාරූප ගත්තා.






25.crossdresser කෙනෙක් වීම ඔබේ ජීවිතයට සිදුකල බලපෑම කවරේද?

මගේ දැන් සිතන්නේ පතන්නේ කාන්තාවක් ලෙසයි.එසේම මගේ සිත ඇඳී යන්නේ කඩවසම් තරුණයන් වෙතටයි.




26.crossdressers සම්බන්ධ ශ්‍රී ලාංකීය සමාජය දරන මතය සම්බන්ධව ඔබේ අදහස?

ඔවුන් අපව හඳුන්වන්නේ නපුංසකයන් නමින්ය.නමුත් අපට කාන්තාවන් හා සමානව සැලකිය යුතුය.එසේ කරන්නේ නම් එය අප වැන්නවුන්ට කරන ලොකුම උපකාරයකි.




27.Crossdressing සඳහා යොමුවීමට බලාපොරොත්තුවන පිරිසට වැදගත් යැයි ඔබ සිතන සම්පත්දායකයින්,මුලාශ්‍ර මොනවාද?

Facebook වෙබ් අඩවියේ Crossdressing කරන අයට උදව් කරන පිරිසක් සිටිනවා.CD Salon ගැන නම් මට දැනීමක් නැහැ.ඒ වගේම Crossdressing  කරන අයට උදව් ලබාගත හැකි වෙබ් අඩවි පවා දැන් තිබෙනවා.






28.Crossdresser කෙනෙක් ලෙස ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

සැමියාට හොඳ බිරිදක් වීම.මගේ පෙම්වතාට අනුව crossdresser බිරිදක් යනු සැමියාගේ වහලියකි.crossdressers කැමති පිරිමින්ද සිටිනවා.ඔවුන්ට සතුට ලබාදෙන අයෙක් වීම මගේ එක් බලාපොරොත්තුවක්.




29.මෙරට crossdressers ප්‍රජාවට ඔබට දීමට තිබෙන යම් පණිවුඩයක් තිබේ නම්?

ඔබ crossdressing කරද්දී පිරිමියෙක් නොව ගැහැණියකි.ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.





Facebook: Wathsala Sepali


මෙම ලිපිය සම්පාදනය කිරීමේදී සිය වටිනා කාලය ඒ වෙනුවෙන් කැප කල වත්සලා සේපාලි හරස්විලාසිනියද අපගේ ස්තුතිය.