ලිංගිකත්වය වෙනස් කල යුවල



නාන ඇඳුමින් සැරසී සිටින ඇරීන් ඇන්ඩෲස් සහ කැතී හිල් යනු යොවුන් වියේ පසුව තරුණ යුවලක් යැයි දකින ඕනෑම කෙනෙකුට විශ්වාස කරනු ඇත.නමුත් අවුරුදු කිහිපයකට පෙර ඇරීන් ඇන්ඩෲස් යනු ගැහැණු ළමයෙක් වන බවත් කැතී හිල් යනු පිරිමි ළමයෙක් බවත් ඔබ පවා විශ්වාස නොකරනු ඇත.දැනට වයස අවුරුදු 20 සහ 22හි පසුවන පිළිවෙලින් ඇරීන් සහ කැතී එක්සත් ජනපදයේ ඔක්ලහෝමා,තුල්සා හි ජීවත්වේ.ඔවුන් දෙදෙනාම ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මවලට බඳුන් වී තමන් පැතූ පුරුෂභාවය සහ ස්ත්‍රීභාවය ලබාගෙන සතුටින් සිටියි.


තුල්සා හි Oologah විල අසබඩ සිටින ඇරීන් සහ කැතී යුවල - 2013 වසරේදී



ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට යාමේදී මෙම යුවලට නින්දා අපහාසවලට මුහුණදීමට සිදුවිය.එසේම ඔවුන්ගේ යහළුවන්ද අහිමිවිය.


2012 වසරේදී කැතී ලිංගිකත්වය වෙනස් කරගන්නා ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ ඇය සම්බන්ධව පළවූ වාර්තාවක් ප්‍රදේශීය පුවත්පතකින් දැන ගත් නිර්නාමික පුද්ගලයෙක් ලබා දුන් ඇ.ඩො.35,000ක මුදලක පිහිටෙන්ය.ඒවන විට ඇය විශ්වවිද්‍යාල සිසුවියකි.

වම්පස:ඇරීන් ඇන්ඩෲ          දකුණු පස:කැතී  හිල්
ඒවන විට ඇරීන් පාසල් යමින් සිටි අතර ශල්‍යකර්මයක් ඔස්සේ සිය පියයුරු යුගල ඉවත් කරගෙන සිටියේය.දැන් ඔහුට සිය පපුව නිරාවරණය වන සේ ඇඳුම් ඇදීමට හැකියාව ලැබී තිබේ.ඔහු ආසා කල පුරුෂ ශරීරය ශල්‍යකර්මය ඔස්සේ යම් ප්‍රමාණයකට ලැබී තිබේ.

උපතින් ගැහැණු දරුවෙක් වූ ඇරීන් ඇන්ඩෲගේ වර්තමාන ස්වභාවය
"දැන් මට උඩුකය නිරාවරණය කල හැකිය.අනෙක් පිරිමි ළමුන් සේ පිහිනුම් ඇඳුම් ඇදිය හැක.දැන් මම අනෙක් පිරිමි ළමුන් හා සමානය,මම මගේ පියයුරුවලට වෛර කලා.මට දැනුනේ ඒවා මට අයිති නැතැයි යන හැඟීමක්.නමුත් දැන් අවසානයේදී මම පැතූ ශරීරය මට ලැබී තිබේ.දැන් මට පිහිණුම් තටාකවලට යන්නට පුලුවන්,බර ඔසවන්නට පුලුවන්,ඒ උඩුකය නිරාවරණය කරගෙන.කිසිවෙක් මා දෙස ඇස් ලොකු කරගෙන බලා සිටින්නේ නැහැ.ඔවුන් මා ගැන සිතන්නේ මාංශ පේශීන් වර්ධනය කරගන්නට කායවර්ධන මධ්‍යස්ථානයට එන කෙසඟ පිරිමි ලමයෙක් කියාය." ඇරීන් එලෙස ප්‍රකාශ කලේය.



කැතී තමන්ගේ අදහස් මෙලෙස ඉදිරිපත් කලාය.

"මගේ පවුලේ අය මා පුදුමයට පත් කලේ මගේ ශල්‍යකර්මයට ඔවුන් මුලුමනින්ම කැමැත්ත ලබාදීමෙන්ය.ඇත්තටම එවැනි පවුලක් ලැබීමට මම වාසනාවන්ත වුනා."


ඇරීන් සහ කැතී යුවල එකිනෙකා මුණ ගැසී තිබෙන්නේ Transgender යෞවන යෞවනියන්ට සහාය දෙන කණ්ඩායමක් විසින් සංවිධානය කල අත්දැකීම් බෙදාගැනීමේ හමුවකදීය.


අනාගතයේදී ඇරීන් ලිංගයක් ලබාගැනීම ශල්‍යකර්මයකට මුහුණදීමට සූදානම් බව සඳහන් කලේය.නමුත් එය ඉතා සංකීර්ණ ශල්‍යකර්මයකි.දැනට ඔහු තමන්ගේ පුරුෂ පෙනුමෙන් සෑහීමකට පත්ව තිබේ.මොවුන් දෙදෙනාගේම පවුල් තම දරුවන්ගේ කැමැත්තට ඉඩදී තිබේ.එසේම ඔවුන් දෙදෙනාද එකිනෙකාට උදව් කරගන්නා බව කීය.



එමරල්ඩ් ඇන්ඩෲ යනු ඇරීන්ගේ කලින් නමයි.වම් පස දැක්වෙන්නේ ඔහු වයස අවුරුදු 5දී ගත් ඡායාරූපයකි.දකුණු පස සිටින්නේ දැන් කැතී හිල් නමින් හඳුන්වන තරුණියයි.ඒ ඇය වයස අවුරුදු 7 දී ලබාගත් ඡායාරූපයකි.


මොවුන් දෙදෙනා ශල්‍යකර්මවලට භාජනය වූ පසුව දැඩි අපහසුතාවයන්ට මුහුණදුන්හ.කැතී පාසලේදී අපහාසයට ලක්විය.ඇරීන්ට සිය පාසල පවා වෙනස් කරන්නට සිදුවිය.ඒ ඔවුන් Transgenders විම නිසාය.දෙදෙනාටම ඔවුන්ගේ මිතුරන් අහිමි විය.


"මේ පරිවර්තනයේදී මට මගේ හොඳම මිතුරිය අහිමි විය(ඔහු ගැහැණු ළමයෙක් ව සිටි කාලයේ මිතුරිය ).අප දෙදෙනා නිවාඩුවට චාරිකා ගියේ එකට.ඇය මට සහෝදරියක් මෙන් සිටියාය." ඇරීන් සිය අතීතය මතක් කරමින් කීවාය.





කැතී සිය උපාධි පාඨමාලාව ඇරඹුවේ ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේදීය.නමුත් එහිදී මිතුරන් ඇතිකර ගැනීමට ඇය අසමත්වුයේ Transgenders සම්බන්ධව සමාජය තුල තිබෙන නොකැමැත්ත නිසාය.