ස්වයංවින්දනය සම්බන්ධ මිත්‍යා මත


ස්වයංවින්දනය සම්බන්ධව මීට පෙර ලිපියකදී ආරම්භයක් ගත් බව ඔබට මතක ඇතැයි සිතමි.එහි දෙවන ලිපිය ඔස්සේ කතා කරන්නේ ස්වයංවින්දනය සම්බන්ධව නිර්මාණය වී තිබෙන මිත්‍යා මත කිහිපයක් ගැනයි.


ස්වයංවින්දනයේ යෙදීම අකුසලයකි.එය දෙවියන්ට විරුද්ධ වීමකි.

සාම්ප්‍රදායික සමාජය තුල ස්වයංවින්දනයට මෙන්ම විවාහයට පෙර ලිංගිකව හැසිරීම සහ සමලිංගිකත්වයට තහනම් පනවා තිබේ.විශේෂයෙන් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමේ මෙවැනි තහනම් දක්නට ලැබේ.ඉස්ලාමයේ නම් ගැහැණුන්ගේ භගමණිය කුඩා කාලයේදීම ඉවත් කරන්නේ ඔවුන් ස්වයංවින්දනයෙන් සතුටු වීම වැළැක්වීමටය.ස්වයංවින්දනය පවක් නම් දෙදෙනෙක් ලිංගිකව එක්වීම ඊටත් වඩා සිය දහස් ගුණයකින් විශාල පවක් විය යුතුය.ඒ නිසා මෙවැනි මතයන්හි කිසිදු පදනමක් නොමැත.





ස්වයංවින්දනයේ යෙදීම ඔබව අන්ධභාවයට පත් කරයි.

මෙම මතයේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැත.





සමලිංගික පිරිමින් පමණක් ස්වයංවින්දනයේ යෙදෙයි

ඕනෑම පිරිමියෙක් ස්වයංවින්දනයේ යෙදෙයි.එය ඔහු ඉතරලිංගිකයෙක්ද සමලිංගිකයෙක්ද යන්න මත පදනම් නොවේ.





ඉන් ඔබට රෝගාබාධ වැළඳීමට ඉඩ තිබේ

තනිව කරන ස්වයංවින්දනය බොහෝ ආරක්ෂාකාරී බව මුලින්ම කිය යුතුය.ඒ ඔස්සේ ඔබව අනතුරකට ලක් නොවේ.නමුත් ඔබ අනාරක්ෂිතව ලිංගාශ්‍රිත රෝග සහිත අයෙක් හා එවැන්නක් කරන්නේ නම් ඔබටද රෝග වැළඳීමේ හැකියාවක් තිබේ.





ඔබ ස්වයංවින්දනයේ යෙදන බව වෙනත් අයෙකුට හඳුනාගත හැකිය.

එසේ නම් අනිවාර්යෙන්ම එම තැනැත්තාට දුර තිබෙන දේ දැකීමේ හැකියාවක් තිබිය යුතුය,නැතිනම් ඔබේ සිත කියවීමට හැකිවිය යුතුය.එසේත් නැතිනම් ඔබ ස්වයංවින්දනයේ යෙදෙන අවස්ථාවකදී ඔහුට ඔබව අසුවිය යුතුය.සැබැවින්ම කෙනෙක්ගේ බාහිර ස්වරූපයෙන් ඔහු ස්වයංවින්දයේ යෙදෙනවාද නැද්ද යන්න හඳුනාගත නොහැකිය.





ස්වයංවින්දනයේ යෙදෙන්නේ ලිංගික හැඟීම් බහුල පිරිස්ය.

මෙය පිළිතුරු දීම අසීරු ප්‍රශ්නයකි.එය එක් එක් පුද්ගලයා මත රඳා පවතින දෙයකි.





ස්වයංවින්දනය නිසා ඔබේ ලිංගයට හානි විය හැකිය.

ස්වයංවින්දනයට ඇබ්බැහි වූවන් දිනකට කිහිපවරක් එම ක්‍රියාවේ යෙදෙයි.එය අනුමත කල නොහැකිය.නිරන්තරයෙන් ශිශ්නයේ සම ඇඳීමට ලක්වීම නිසා පටකවලට හානි වීම හැකිය.එම නිසා ලිහිසිකාරක භාවිතා කරන්නේ නම් හොඳය.





ස්වයංවින්දනය ඔස්සේ ඔබේ කන්‍යාභාවය අහිමි විය හැකිය

පිරිමින්ගේ කන්‍යාභාවය විවිධ පුද්ගලයන්ගේ දර්ශනය මත වෙනස් වේ.සමහරුන්ට අනුව කන්‍යාභාවය යනු පෙර සම ශිශ්නයේ ශීර්ෂය හා තිබෙන සම්බන්ධය බිදී යෑම හෙවත් නූල කැඩීමයි.තවත් සමහරුන්ට අනුව ඔබ වෙනත් අයෙක් ලවා ස්වයංවින්දනය සිදුකරවා ගැනීමයි.ඔබ වෙනත් අයෙක් ලවා ගුද සංසර්ගය සිදුකරවා ගත්තේ නම් එය කන්‍යාභාවය අහිමි කර ගැනීම බව තවත් පිරිසකගේ මතයයි.