පුරුෂයන්ට ස්ත්‍රී පෙනුමක් දෙන ශල්‍යකර්ම


පිරිමියෙක් ලෙස උපන් අයෙකුට සිය ජීවිතය ගැහැණියක් ලෙස ගත කරන්නට සිතෙනවා නම් පුදුම විය යුතුනොවේ.එය අසාමාන්‍ය දෙයක් ලෙස බටහිර ලෝකය නොසලකයි.නමුත් පෙරදිග රටවල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ එවැනි හැඟීමකින් යුක්ත පිරිමින් දැඩි ලෙස මානසිකව පීඩාවට පත් කෙරෙන බව අමුතුවෙන් කියයුතු නොවේ.එම පිරිස් හැඳින්වීමට සමාජය විශේෂ වචන මාලාවක්ද භාවිතා කරයි.ඒ මගින් සමාජය විසින් මෙම පිරිසව කොතරම් පිළිකුල් කරන්නේද නොසලකා හරින්නේද යන්න පැහැදිලිය.පිරිමියෙක් ලෙස ඉපිද ස්ත්‍රියක් ලෙස ජීවත්වෙන පිරිස් Trans woman නමින් හඳුන්වයි.මොවුන් බොහෝවිට තම පුරුෂ පෙනුමෙන් ඈත්වීමට උත්සාහ දරයි.ඒ සඳහා ඔවුන්ට නූතන බටහිර වෛද්‍ය විද්‍යාව අතිශය වැදගත් කාර්යයක් ඉටු කරයි.මෙම ලිපි පෙල ඔස්සේ ගෙන එන්නේ Transgenders සඳහා සිදුකරන ශල්‍යකර්ම කිහිපයක් සම්බන්ධවයි.



පළමු ලිපිය ඔස්සේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ පියයුරු වර්ධනය කිරීමේ ශල්‍යකර්මය සම්බන්ධවයි.මෙහි අඩංගු තොරතුරු සියල්ල ඇමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය ඇලෙක්සැන්ඩර් සින්ක්ලෙයාර්ගේ වෙබ් අඩවියෙන් උපුටාගෙන තිබේ.


පියයුරු යනු සංස්කෘතිකමය සහ ඓතිහාසිකව වශයෙන් ස්ත්‍රීගේ ලිංගික ආකර්ෂණ පෙන්වන සංකේතයක් බඳුය.පියයුරු වර්ධනය කිරීමේදී ඒවාහි ප්‍රමාණය විශාල කිරීම සහ ඒවාට ස්ත්‍රීන්ගේ බඳු හැඩයක් ලබාදීම සිදුකෙරේ.


ඕනෑම ශල්‍යකර්මයකදී සිදුවන වැරදීම් මෙන්ම මෙහිදීද ශල්‍යකර්මවලට පෙර,අතරතුර සහ පසුව වැරදීම් සිදුවිය හැකිය,බහුලවම වැරදීම් සිදුවන්නේ ශල්‍යකර්මයට පෙරය.ඒ රෝගියාගේ තෝරාගැනීම සම්බන්ධව වෛද්‍යවරුන් සහ රෝගියා අතර සංවාදය ප්‍රමාණවත් නොවූ අවස්ථාවලදීය.රෝගින් විසින් සිදුකරන නරකම වරදක් වන්නේ "මට ප්‍රමාණයේ පියයුරු රෝපණයක් අවශ්‍යයි මොකද මගේ යාළුවෙක් එවැනි රෝපණයක් සිදුකරගෙන තිබෙනවා,මටත් ඇයට සමාන පියයුරු යුගලක් අවශ්‍යයි" යන්නයි.

වෛද්‍යවරයා රෝගියා සමග කරන උපදේශන සාකච්ඡාවෙන් පසුව ආදිය සම්බන්ධව ඔහුට දැනුමක් ලැබේ.



ප්‍රශ්න සහ පිළිතුරු



යොදාගන්න රෝපණ මාධ්‍ය මොනවාද?

Allergan, Mentor ,Sientra යන රෝපණයන් භාවිතා කරයි.



රෝපණ මාධ්‍ය තෝරාගන්නේ කෙසේද?

වෛද්‍යවරයා සමග කරන සාකච්ඡාවෙන් පසුව රෝගියාට රෝපණ මාධ්‍ය තෝරාගැනීමට ඉඩ ලැබේ.මෙම උපදේශන සාකච්ඡාවේදී ඔහුට තම උරස් ප්‍රදේශය සම්බන්ධව වෛද්‍ය විද්‍යාත්මක හැඳින්විමක්,ඊට පෙර කරන ලද පියයුරු රෝපණ ශල්‍යකර්මවල පෙර සහ පසු ඡායාරූප ඔස්සේ පැහැදිලිකිරීමක් කරයි.රෝපණ තෝරාගැනීම වන්නේ,

*shell (textured or smooth),
*fill material (saline, cohesive gel, form stable “gummy bear”), shape (round or anatomical),
*profile (low, moderate, high, full, oval, full height)
*volume.



භාවිතා කරන කැපුම් මොනවාද?

කිහිල්ල-Underarm (axillary),crease (inframammary),තනපුඩුව-areolar (nipple)  සහ නාභිය-belly button (periumbilical).රෝගියාගේ තෝරාගැනීම රඳාපවතින්නේ ඔහුගේ ශරිර ව්‍යුහය,රෝපණ තෝරාගැනීම මතය.



රෝපණය කිරීම් සිදුවන්නේ මාංශ පේශීන් උඩින්ද යටින්ද?

රෝපණය කිරීම් සිදුවන්නේ ළය ප්‍රදේශයේ ප්‍රධාන පේශියට යටින්ය.රෝගියාගේ කැමත්ත මත ඊට ඉහළින්ට රෝපණය සිදුකල හැකිය.



භාවිතා කරන නිර්වින්දනයන් මොනවාද?

සුලභව භාවිතා කරන නිර්වින්දන එන්නත් යොදාගනියි.ඒ මගින් මාංශ පේශි ඉහිල් කෙරේ.



ශල්‍යකර්මයෙන් පසුව ?

ඔබේ නිවසට හෝ වාසස්ථානය වෙත යා හැකිය.



සුවවීමට කොතරම් කල් ගත වේද?

බොහෝදෙනාට දින 5ක් පමණ ගතවේ.සති 6 පසුව ඔබට පෙර මෙන් සාමාන්‍ය ජිවිතයේ කටයුතු කල හැකිය.



ශල්‍යකර්මයෙන් පසුව කුමක් කලයුතුද?

කැලැල් මැකී යාමට ප්‍රතිකාර කල යුතුය(Surgical tape සහ topical creams භාවිතා කරයි).මාස 3කින් පසුව ඔබට තන පට භාවිතා කල හැකිය.



පියයුරු රෝපණයට පෙර සහ පසු විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප