සීමා ඉක්මවා ගිය සම්බන්ධතා


අතීතයේ නම් බහු භාර්යා සහ බහු පුරුෂ සම්බන්ධතා සුලභ වුවද වර්තමානයේ එය එසේ නොවේ.බොහෝ රජවරුන් අතීතයේ අන්ත:පුර හෙවත් තම කම්සැප වෙනුවෙන් කාන්තාවන් විශාල පිරිසකගෙන් සමන්විත ස්ථාන පවත්වාගෙන ගොස් තිබේ.මෙරට නුවර යුගයේදී උරුමය බෙඳී යාම වැළැක්වීමට පවුලේ සහෝදරයන් එක් කාන්තාවක් පමණක් විවාහ කරගෙන තිබේ.නමුත් අද වන විට ලෝකයේ බොහෝ රටවල බහු පුරුෂ,බහු භාර්යා විවාහ නීතියෙන් තහනම්ය.නමුත් මුස්ලිම් නීතියට අනුව පුරුෂයෙකුට එක් ස්ත්‍රියකට වඩා විවාහ කර ගත හැකිය.

සමලිංගික පිරිමින් තිදෙනෙක්

ජෝක්,බෙල් සහ ආර්ට් යනු තායිලන්තයේ ජිවත්වන පිරිමින් තිදෙනෙකි.මොවුන්ගේ තිබෙන විශේෂත්වය තිදෙනාම සමලිංගිකයන් වීමයි.ජෝක් සහ ආර්ට් හට තෙවැන්නා වන බෙල් හමුවන්නේ සාදයකදීය.ඉන්පසු තිදෙනාම ආදරයෙන් බැදුණු බව කියවේ.තායිලන්තයේ සමලිංගික විවාහ සඳහා ඉඩක් නැත.නමුත් බෞද්ධාගමික උත්සවයක් විලාසයෙන් මොවුන් විවාහ වූ බව සඳහන් වේ.





නිවුන් ගැහැණුන්ට මැදිවූ පිරිමියා

මෙහි සිටින්නේ ඇනා සහ ලකී යන නිවුන් සොහොයුරියන් දෙදෙනාය.ඔවුන් සියලු දේම බෙදාගෙන බුක්ති විදියි.රක්ෂාව,කාරය මෙන්ම ඔවුන්ගේ පුරුෂයාද බෙදාගෙන පාවිච්චි කරයි.ඔවුන් දෙදෙනාට එකිනෙකා හැකි තරම් සමාන වීමේ උවමනාවක් තිබිණි.මේ නිසා ඇ.ඩො. 240,000ක් වියදම් කර තොල් සහ පියයුරුවලට ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකර තිබේ.මොවුන් තිදෙනා ජීවත්වන්නේ නිවුන් සොහෙයුරියන්ගේ මවගේ නිවසේ උඩුමහලේය.රාත්‍රීයේදී උඩුමහලින් ඇසෙන ශබ්දය වැඩි බවයි වාර්තා වන්නේ.





ගෑණු දෙන්නයි එක පිරිමියයි දරුවන් දෙදෙනයි.

මෙලින්ඩා සහ ඩැනි ෆීනිස්ක් යනු කැලිෆෝනියාහි ජීවත්වන ස්ත්‍රී සමලිංගිකයන් දෙදෙනෙකි.ඔවුන් දෙදෙනාට පිරිමියෙක් සම ජීවත්වීමේ ආශාවක් උපන්නේය.මාස කිහිපයකට පසුව ඔවුන් දෙදෙනාට ජොනතන් ස්ටෙයින් හමුවූ අතර ගැහැණු දෙදෙනාට ඔහුට ආදරයෙන් බැදුණි(දැන් මුන්ට සමලිංගික කියන්න පුලුවන්ද ).ඉන්පසු මෙම ගැහැණුන් දෙදෙනා ඔහුගෙන් විමසා සිටියේ තමන් සමග ජීවත්වන්නට කැමතිද කියාය.ඊට පස්සේ වුනදේ තමයි මේ ෆෝටෝ එකේ තියෙන්නේ.ජොනතන් ඔවුන් සමග එක්වීමත් සමග කෙටි කලක් තුලදී කාන්තාවන් දෙදෙනා ගැබ් ගැන්වීමට සමත්විය.මාස කිහිපයක් තුල ඔවුන්ට දරුවන් දෙදෙනෙක් බිහි කරන්නට හැකිවිය.





හතරවෙනියෙක් සොයන තුන්කට්ටුව

මේ සිටින්නේ ඇඩම් ලියොන්ස්ය.ඔහුගේ බිරිදෑවරුන් වන්නේ බෲකි ෂෙඩ් සහ ජේන් ෂලාකොව්ය.ඔහුට බෲකිගෙන් එක් පුත්‍රයෙක්ද කලින් විවාහයකදී තවත් පුත්‍රයෙක්ද සිටියි.මෙම පස්දෙනා එකම වහලයක් යට ජීවත් වේ.නමුත් ඔවුන්ගේ නිවහනට තවත් කාන්තාවකට ඉඩ තිබෙන බව ඔවුන් පවසයි.





දරුවෙක් සිටින ස්ත්‍රී සමලිංගිකයන් තිදෙනා

කිට්න්,බ්‍රයින් සහ ඩෝල් යනු ගැහැණුන් තිදෙනෙකි.ඔවුන්ට එකිනෙකා හා විවාහ වීමට නීතිමය අවසරයක් නොතිබූ නිසා නීතිඥයෙක් යොදාගෙන ගිවිසුමක් අත්සන් කර තිබේ.කිට්න් නම් කාන්තාව පිටතින් ලබාගත් ශුක්‍රාණු ඔස්සේ ගැබ් ගෙන තිබෙන බව වාර්තා වේ.





පුද්ගලයන් හතරදෙනායි සම්බන්ධ හතරයි

චාර්ලි(කාන්තාවක්) සහ ටොම් යනු විවාහක යුවලකි,ඔවුන්ගේ විවාහයෙන් වසරකට පසුව ටොම් සාරා නම් කාන්තාවක් හා සම්බන්ධයක් පටන් ගෙන තිබේ.නමුත් සාරා හට ක්‍රිස් නම් අයෙක් සමග සම්බන්ධයක් තිබේ.නමුත් මුලදී තම බිරිඳ සාරා ටොම් නැමැත්තා සමග සම්බන්ධයක් පවත්වන බව දැන ගත් විට ක්‍රිස් අපහසුතාවයට පත්විය.පසුව ටොම් සහ ක්‍රිස් මිතුරන් බවට පත්විය,ඉන්පසු ක්‍රිස් ටොම්ගේ බිරිඳ වූ චාර්ලි සමග සම්බන්ධයක් ඇති කරගත්තේය.ඊටත් පසුව චාර්ලි සහ සාරා යන බිරින්දෑවරුන් එකිනෙකාට ආදරයෙන් බැදී තිබේ.මොවුන් දැනට එංගලන්තයේ ජීවත් වේ.