උපත් පාලන කොපු - ප්‍රශ්න සහ පිළිතුරු



කොන්ඩම් හෙවත් උපත් පාලන කොපු සම්බන්ධව ඔබේ දැනුම කෙසේද?ඔබේ දැනුම උරගාබලන්න කැමතිද?එසේ නම් මේ සරල ප්‍රශ්න කිහිපයට ඔබේ පිළිතුරු ලබාදෙන්න.








පිළිතුරු සහ විග්‍රහය



1.ලැටෙක්ස් කොන්ඩම් අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමට හැකි යැයි නිර්දේශ කර තිබේ.

පිළිතුර: සත්‍යය

ලැටෙක්ස් කොන්ඩම් නිවැරදිව භාවිතා කරන්නේ නම් ඒවා ගැබ් ගැනීම්  සහ ලිංගික සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමේ සාර්ථක ක්‍රමයකි.ලැටෙක්ස් සඳහා ආසාද්මිකතාවයක් පෙන්වන අයට ඒ වෙනුවට පොලියුරෙත්න් කොන්ඩම් භාවිතා කල හැකිය.බැටළු බඩවැලෙන් සාදන Lambskin වැනි කොන්ඩම්වල තිබෙන ක්ෂුද්‍ර සිදුරු නිසා වෛරස්වලට ඒවා තුලින් ගමන් කල හැකිය.එම නිසා එවැනි කොන්ඩම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්විය හැකි යැයි නිර්දේශ නොකරයි.





2.ස්නේහ මූලික කරගත් ලිහිසිකාරක වන බේබි ඔයිල් සහ් වැස්ලීන් ලැටෙක්ස් කොන්ඩම් සමග භාවිතා කිරීම ආරක්ෂා සහිතය.

පිළිතුර:අසත්‍යය

ජල මූලික ලිහිසිකාරක වන ආදිය කොන්ඩම් සමග භාවිතා කරන්න.ස්නේහ මූලික ලිහිසිකාරක මගින් කොන්ඩම් දුර්වල කරන අතර එය කැඩී යාමට හේතුවේ.





3.කොන්ඩමයේ සංවෘත කෙළවර තිබෙන කුඩා ඉදිමුම වැනි කොටස මිරිකා එහි වාතය ඉවත් නොකල හොත් කොන්ඩමය කැඩී යා හැකිය.

පිළිතුර:සත්‍යය

සැමවිටම කොන්ඩමය භාවිතා කිරීමට පෙර එහි සංවෘත කෙළවරෙහි තිබෙන ඉදිමුමේ වාතය ඉවත් කල යුතුය.





4.ලිංගික එක්වීමක් අවසානයේදී පිරිමියා කොන්ඩමය සිය සහකරුවාගෙන්/සහකාරියගෙන් ඉවතට ගත යුතු අතර එහිදී කොන්ඩමයේ විවෘත කෙළවරින් අල්ලාගත යුතුය.

පිළිතුර:සත්‍යය

පිරිමියෙක් සුරතාන්තයට පත්වූ පසු ඔහුගේ ශිශ්නයේ දැඩි බව ක්‍රමයෙන් අඩුවේ.ශිශ්නය අප්‍රාණික වූ පසු කොන්ඩමය ලිහිල්වී ගැල්වී යා හැකිය.ඊට පෙර කොන්ඩමය සහකාරියගේ ලිංගයෙන් ඉවත් කරගැනීමෙන් ශුක්‍රාණු කාන්දුවීම වළක්වා ගත හැකිය.





5.පරිස්සමින් සෝදා ගැනීමෙන් පසුව කොන්ඩමයක් නැවත නැවතත් භාවිතා කල හැකිය.

පිළිතුර:අසත්‍යය

කොන්ඩමයක් භාවිතා කල හැක්කේ එක් වරක් පමණි.ඔබට තවත් වරක් ලිංගිකව එක්වීමට අවශ්‍ය නම් වෙනත් කොන්ඩමයක් භාවිතා කලයුතුය.





6.පෙර සූදානමක් ලෙස ඔබේ පසුම්බියේ කොන්ඩමයක් ගෙන යාම හොඳ අදහසකි

පිළිතුර:අසත්‍යය

පසුම්බියක වැනි ස්ථානයක් කොන්ඩමයක් තැබීමට සුදුසු නොවේ.ඒවාහි පවතින උණුසුම කොන්ඩමය දුර්වල කල හැකිය.කබායක පිටත සාක්කුවේ හෝ නිවසේ සිසිල්,වියළි ස්ථානයක් කොන්ඩමයක් තැබීමට සුදුසු ස්ථාන යැ‍යි සැලකිය හැකිය.





7.අනෙකුත් සිල්ලර භාණ්ඩ මෙන්ම කොන්ඩමයකටත් කල් ඉකුත්වීමේ දිනයක් තිබේ.

පිළිතුර:සත්‍යය

බොහෝමයක් කොන්ඩම් වසර 3-4 කාලයක් තබා ගත හැකිය.කොන්ඩම් පැමිණෙන පෙට්ටියේ හෝ කවරයේ කල් ඉකුත්වන දිනය සඳහන්ය.





8.සියලුම කොන්ඩම් එකම ප්‍රමාණයෙන් පැමිණේ.

පිළිතුර:අසත්‍යය

සමහර සමාගම් විශාල ප්‍රමාණයේ කොන්ඩම් නිපදවයි.සම්මත ප්‍රමාණයේ කොන්ඩමයක් මිනිස් හිස් කබලක් තරම් ඇඳීමට හැකිය.බොහෝ පිරිමින්ට මෙම සම්මත ප්‍රමාණයේ කොන්ඩම් ගැලපේ.