දැවැන්ත භගමණි


Clitoromegaly යනු සාමාන්‍යය ප්‍රමාණයට වඩා විශාල භගමණියක් දැරීමයි.භගමණිය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.භගමණිය යනු පුරුෂයන්ගේ ශිශ්නයට සමානව ස්ත්‍රීන්ගේ පිහිටා ඇති අවයවයකි.මෙලෙස අසාමාන්‍ය විශාලත්වයකින් යුක්තව භගමණියක් පිහිටිය විට එය කුඩා ශිශ්නයක් මෙන් දිස්වේ.මේ අසාමාන්‍යතාවය උපතේදී ඇතිවීමට හේතුව ලෙස දැක්වෙන්නේ adrenal hyperplasia නම් තත්ත්වයයි(hyperplasia යනු පටකයක හෝ ඉන්ද්‍රියක පිහිටන සෛල ප්‍රමාණය ඉහළ යෑමයි ).අනෙකුත් හේතූන් වන්නේ Fraser syndrome(දුර්ලභ ජානමය ආබාධයකි ), endocrine disorders(අන්තරාසර්ග පද්ධතියේ ආබාධ .උදා: polycystic ovarian syndrome ), සහ ස්ටෙරොයිඩ් භාවිතයයි.



සහජයෙන් එන adrenal hyperplasia නම් තත්ත්වය අසාමාන්‍ය විශාලත්වයක් සහිත භගමණි නිර්මාණය වීමට බලපාන ප්‍රධානතම හේතුවයි.මෙම තත්ත්වයට පුද්ගලයෙක් මුහුණ දෙන්නේ ශරීරයේ නිපදවෙන සමහර හෝමෝන නිර්මාණය වීමට බලපාන විශේෂිත එන්සයිමයක් නොමැතිව උපත සිදුවීමයි.එවිට සිදුවන්නේ එම ස්ත්‍රීන්ගේ භගමණිය අසාමාන්‍ය ලෙස වර්ධනයක් පෙන්වීමයි.



එවැනි කාන්තාවන්ගේ යෝනි මුඛය දෙපස තිබෙන නැමි  හෙවත් labia පුරුෂයන්ගේ වෘෂණ කෝෂ ආකාරයෙන් පෙනෙන සමහර අවස්ථා වාර්තා වී තිබේ.මේ තත්ත්වය සඳහා සාමාන්‍යයෙන් කරන ප්‍රතිකාරය වන්නේ හෝමෝන චිකිත්සාවයි.නමුත් එහිදී කරන ස්ටෙරොයිඩ චිකිත්සාව අවදානම් සහගතය.


Fraser syndrome යනු clitoromegaly නම් අසාමාන්‍යතාවයට බලපාන තවත් වෛද්‍යමය තත්ත්වයකි.Fraser syndrome නම් සහලක්ෂණය නිලීන ජාන නිසා ඇතිවේ.මව සහ පියා යන දෙදෙනාගෙන්ම එම ජානය දරුවෙකුට ලැබුණ හොත් පමණ මෙම සහලක්ෂණය සහිත රෝගී දරුවෙක් ඉපදයි.රෝගීන් ඇස් මෙහිදී ආසාදන පෙන්වයි.


clitoromegaly සඳහා හේතුවන තවත් තත්ත්වයක් වන්නේ polycystic ovarian syndrome වැනි අන්තරාසර්ගමය ආබාධයි.polycystic ovarian syndromeහිදී සිදුවන්නේ කාන්තාවන්ගේ හෝමෝන මට්ටමේ අසමතුලිතාවයක් ඇතිවීමයි.ඊට අමතරව භගමණියේ විශාලත්වය ,දිග වැඩිවීම සිදුවේ.


සංවෘත්තීය ස්ටෙරොයිඩ භාවිතයද සඳහා සමහර අවස්ථාවලදී clitoromegaly හේතුවක් වේ.මෙය සිදුවන්නේ ස්ත්‍රියකගේ සිට පිරිමියෙකුට පරිවර්තනය වන transsexuals පුද්ගලයන්ටය.නමුත් එය Female to male transsexuals පරිවර්තන ක්‍රියාවලියේ හෝමෝන චිකිත්සාවේ ප්‍රතිඵලයකි.

අසාමාන්‍ය විශාලත්වයකින් යුක්ත භගමණි රැසක දුර්ලභ ඡායාරූප එකතුවක් මෙතනින් නරඹන්න.