ගැහැණුන් ලෙස සැරසුණු පිරිමි-3



මෙම ලිපියෙන් කතා කරන්නට සූදානම් වන්නේ drag queen කෙනෙක් වන Courtney Act සම්බන්ධවයි.1982 පෙබරවාරි මස 18 දා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි උපන් Courtney Act ගේ නියම නම Shane Jenekය.ඔහු drag queen කෙනෙක් හෙවත් විනෝදාස්වාදය සැපයීම සඳහා කාන්තාවක් ලෙස සැරසෙන අයෙකි.ඊට අමතරව ඔහු පොප් ගායකයෙක්,රූපවාහිනී රියැලිටි වැඩසටහන් සඳහා සම්බන්ධවන අයෙක්ද වේ.2003 Australian Idol තරඟාවලියේදී තුන්වන හොඳම ගායකයා බවට පත් වීමට සමත් විය.RuPaul's Drag Race වැඩසටහනේ 6 වන අධිරයේදී දෙවන ස්ථානය ලබා ගැනීමටද ඔහු සමත් විය.දැනට මොහු එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පදිංචිව සිටියි.


Shane Jenek ගේ පුරුෂ රූපාකාරය




වම්පසShane Jenekගේ සැබෑ පෙනුම      දකුණුපස : ඔහු Courtney Act නම් drag queen ලෙස

















Courtney Act යනු විවිධාකාර දක්ෂතා සහිත අයෙකි.පිරිමියෙක් ලෙස උපන්නද ඔහු සතුව ස්ත්‍රී රූපාකාරයක් තිබේ.එය යම් අයෙක් වසඟ කරන සුළු බව ඔබත් ඉහත ඡායාරූපවලින් දකින්නට ඇති. Courtney Act චිත්‍රපට,රූපවාහිනී වැඩසටහන් සහ වීඩියෝපටවල පෙනී සිට තිබේ.තමන්ගේ වීඩියෝ ගීත කිහිපයක්ද ඔහු විසින් නිර්මාණය කරන ලදි.පහත දැක්වෙන්නේ ඒවායින් එකක් වන "Ugly"නම් මියුසික් වීඩියෝවයි.