ශ්‍රී ලංකාවේ Male-Crossdressers - පියුමි හංසිකා


මෙරට වෙසෙන Male-Crossdressers ගැන අසභ්‍ය අඩවිය ඔස්සේ කතා කරන්නේ කාලයක පටන් බව පාඨක පිරිස හොඳින් දනියි.මේවන විට මෙම බ්ලොග් අඩවිය ඔස්සේ මෙරට Crossdressers සිව්දෙනෙක් හා සම්මුඛ සාකච්ඡා පවත්වා ඒවා ලිපි ලෙස ඔබ සැම වෙත ඉදිරිපත් කර තිබේ.අද ලිපිය වෙන්වන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් ගැන කතා කරන්නට නොවේ.ඇය නමින් පියුමි හංසිකාය.මේවන විට අපට ඇය Crossdresser කෙනෙක් ලෙස හැඳින්විය නොහැකිය.මන්ද ඇය Transsexual(Male to Female Transgender) තත්ත්වයට පත්වන්නට මුල පුරා තිබෙන නිසාය.පියුමි හංසිකා Transgendered කෙනෙක් ලෙස හඳුන්වා දෙන්නේ නම් වඩා නිවැරදිය.මේ ලියවෙන්නේ ඇගේ කතාවයි.





1.ඔබේ නම කුමක්ද?

පියුමි හංසිකා



2.ඔබ ස්ත්‍රී ලිංග නාමයක් භාවිතා කරන්නට තීරණය කලේ ඇයි?

ස්ත්‍රියක් වීමට ළමා කාලයේ සිටම මට ලොකු ආසාවක් තිබිණි.ස්ත්‍රියක් වීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම මම ස්ත්‍රී ලිංග නාමයක් භාවිතා කලයුතුය.ඒ නිසා මගේ නම ලෙස මෙය තෝරාගත්තෙමි.




3.ඔබ තමුන්ව හඳුන්වා ගන්නේ කෙසේද? crossdresser හෝ transgender?

Crossdresser කෙනෙක් ලෙස හඳුන්වනවාට වඩා මම Transgendered පුද්ගලයෙක් ලෙස හැඳින්වීම වඩා හොඳය.මන්ද මේවන විට මම ස්ත්‍රී ලිංගික ලක්ෂණ වර්ධනය කරගැනීම සඳහා හෝමෝන ප්‍රතිකාරය ලබාගනිමින් සිටිනවා.මේ හරහා මගේ පියයුරු වර්ධනය වීම සිදුවෙනවා.මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ විදේශ රටකදී ලිංගය වෙනස් කිරීම ශල්‍යකර්මයකට භාජනය වීමයි.ඒ හරහා මගේ අරමුණ වන සම්පුර්ණයෙන්ම කාන්තාවක් බවට පත්වීම ඉටුකර ගත හැකිය.



4.crossdressing ඇරඹුවේ කවදාද? එවිට ඔබේ වයස කීයද?

මම Crossdressing සඳහා යොමුවී මේවන විට වසර 5ක් පමණ කාලයක් වෙනවා.නමුත් එය මගේ ජීවිතය බවට පත් කරගත්තේ වසරකට පමණ පෙරදීය.මගේ මතකයේ හැටියට පළමු Crossdressing අත්දැකීම ලැබුවේ වයස අවුරුදු 16-17 කාලයේදීය.




5.ඔබ crossdressing කිරීමට යොමුවූයේ ඇයි?

කලින් සඳහන් කල පරිදි ළමා කාලයේදී තමයි මට කාන්තාවක් ලෙස ජීවත්වීමට ඕනෑ යැයි හැඟීම් ඇතිවූයේ.ගැහැණියක් මෙන්  ඇවිදින්න,හැසිරෙන්න,වැඩ කරන්න ,අඳින්න,පළඳින්න මම ඒ කාලයේ සිට ආසා කලා.කාන්තාවක් බවට පත්වුවහොත් මම සම්පුර්ණ වෙයි යන හැඟීම මා තුල ඇතිව තිබුණා.



6.ඔබ crossdressing කරද්දී කිසිවෙක්ව අනුකරණය කරන්නේද?

නැහැ.මා කිසිවෙක් අනුකරණය කරන්නේ නැහැ.මට මගේම කියා මාර්ගයක් තිබෙනවා.මට අවශ්‍ය පරිදි මම ඇඳීම පැළඳීම සිදුකරනවා.




7.crossdressing කර සිටියදී පවුලේ අයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට හසුවී තිබේද?

ඔව්.පවුලේ අයට හසුවී තිබෙනවා.නමුත් ඔවුන් මට ලොකු බලපෑමක් කලේ නැහැ.වරක් මම මගේ සහෝදරියට හසුවුනා.නමුත් දැන් ඇය මට crossdressing කිරීමට සහාය වෙනවා.මම කාන්තාවක් වෙනවා දැකීමට ඇය තුල විශාල උනන්දුවක් තිබෙන බව පෙනෙනවා.



8.ඔබේ ලිංගිකතාවය(sexuality)කුමක්ද?

මම ඉතරලිංගික.




9.ඔබ අවිවාහකද විවාහකද ?නැත්නම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටියිද?ඔබේ සහකරුවා /සහකාරිය කවර ගති පැවතුම් ඇත්තෙක් වියයුතුද?

මම අවිවාහකයි.මගේ ලිංගය වෙනස් කිරීමේ ශල්‍යකර්මයෙන් පසුව මගේ බලාපොරොත්තුව පුරුෂයෙක් සොයාගැනීමයි.ඔහු මාව තේරුම්ගන්නට හැකි අයෙක් වියයුතුය.



10.පවුලේ සාමාජිකයින් ඔබේ crossdressing ජීවිතය ගැන දන්නේද?

මගේ සහෝදරිය මගේ රහස් Crossdressing ජීවිතය ගැන දැනගත් පළමුවැන්නාය.ඇය මගේ crossdressing සඳහා දැන් සහාය වෙනවා.




11.crossdressing කර ඔබ වාසස්ථානයෙන් පිටතට ගොස් තිබේද?

ඔව්,නිවසින් පිටතට ගොස් තිබෙනවා.



12.crossdressing සඳහා ඔබේ දෛනික ජීවිතයෙන් කොපමණ කාලයක් වෙන් කරන්නේද?

වැඩි කාලයක් වෙන්කරන්නේ Crossdressing සඳහාය.




13.crossdressing කිරීම එපා වුනු අවස්ථාවක් උදා වී තිබේද?

කවදාවත්ම නෑ.දිනෙන් දින ඒ සඳහා තිබෙන ආසාව වැඩිවෙනවා මිස අඩු විමක් හෝ එපාවීමක් නැහැ.



14.crossdressing සඳහා ඔබ භාවිතා කරන ඇඳුම් සහ පැළඳුම් ගැන සඳහන් කලොත්?

දැනට මම ව්‍යාජ කොණ්ඩයක් භාවිතා කරනවා.දැන් හෝමෝන ප්‍රතිකාරය සඳහා යොමුවී සිටින නිසා මගේ පියයුරු යම් ප්‍රමාණයට වර්ධනය වීමක් පෙන්වනවා.මම සාමාන්‍යයෙන් අදින්න කැමති නවතම විලාසිතාය.




15.ඔබ වඩාත් ප්‍රියකරන කාන්තා හෝ CD/TGනිරූපිකාවක් සිටින්නේ නම් සඳහන් කරන්න.

එහෙම විශේෂ පුද්ගලයෙක් නැහැ.



16.ඔබ රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව දක්වන උනන්දුව කවරේද?

ඔව් , ඒගැන මම හුඟක් උනන්දුයි.මම නිතරම රූපලාවන්‍ය උපකරණ භාවිතා කරනවා.තොල් වර්ණ ගැන්වීම්,මුහුණේ ස්වභාවය සහ ඇස් පිහාටු,ඇහි බැමි සම්බන්ධව විශේෂ අවදානයක් දක්වනවා.




17.crossdresser කෙනෙක් යනු කවුද ඔබගේ වචන වලින් විස්තර කරන්නේ නම්?

Crossdressers යනු සමාජයේ විශේෂ තැනක් හිමිවිය යුතු පිරිසක්.ඔවුන් විශේෂ හැකියාවක් තිබෙන පිරිසක් ලෙසයි මා දකින්නේ.මගේ අදහස නම් Crossdressers යනු ලෝකයට සම්පතක්.



18.crossdresser කෙනෙක් ලෙස මෙතෙක් ආ ගමන් මගේදී ඔබ මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් මොනවාද?

Crossdressing කරලා මුලින්ම පාරේ ඇවිදගිය දිනය.අසල්වැසියන් මා දෙස බැලුවේ පිළිකුල් ස්වභාවයකින්.කාලයත් සමග ඔවුන් මට නංගි,අක්කා ආදී වශයෙන් අමතන්නට විය.




19.crossdresser කෙනෙක් වීම ඔබේ ජීවිතයට සිදුකල බලපෑම කවරේද?

මගේ ආසාව කාන්තාවක් වීමයි.Crossdressing සඳහා යොමුවීම ඔස්සේ මට ලොකු සතුටක් ලැබෙනවා.



20.crossdressers සම්බන්ධ ශ්‍රී ලාංකීය සමාජය දරන මතය සම්බන්ධව ඔබේ අදහස?

ඒවා සමහරුන්ගේ බොළඳ අදහස්ය.අපි විශේෂ පිරිසක්,Crossdressersට ලෝකය සුන්දර කරන්නට හැකිය.ඔවුන් නපුංසකයන් නොවේ.




21.මෙරට crossdressers ප්‍රජාවට ඔබට දීමට තිබෙන යම් පණිවුඩයක් තිබේ නම්?

මම දිගටම Crossdressing කරගෙන යනවා.එසේම ශල්‍යකර්ම සහ හෝමෝන ප්‍රතිකාර ඔස්සේ Transsexual(Transwoman)කෙනෙක් වීම මගේ බලාපොරොත්තුව.යම් අයෙකුට crossdressing සම්බන්ධව හෝ Transsexual කෙනෙක් වීම සම්බන්ධව උපදෙස් අවශ්‍ය නම් මට පුළුවන් ඔවුන්ට උදව් කරන්න.අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ ඔබ ඔබේ විදියට කාන්තාවක් වන්නට කියාය.


සාර්ථක ලිපියක් පාඨක ඔබ සැමවෙත මෙලෙස ඉදිරිපත් කරන්නට සිය කාලය කැපකරමින් මා හට සහාය වූ පියුමි හංසිකා හට මගේ ස්තුතිය.ඔබගේ ඉදිරි කටයුතු,බලාපොරොත්තු සාර්ථක වේවා!


Facebook: Piumi Hansika

n