භගමණිය ගැන ඔබ නොදත් දෑ


ගැහැනුන්ගේ භගමණියේ තිබෙන එක ප්‍රයෝජනය වන්නේ සතුට ලබාදීමයි.එය ගැහැණියකගේ ශරීරයේ තිබෙන අති සංවේදීම ස්ථාන වලින් එකක් වන්නේ භගමණියයි.ඔබ වඩා හොඳ ආදරවන්තයෙක් වීමට සිතා සිටින පිරිමියෙක් නම් මෙම අපූරු අවයවය ගැන අනිවාර්යෙන්ම දැන ගත යුතුය.එය ඔබේ ශිශ්නය හා සමාන අවයවයක් වන අතර භගමණිය ගැන ඔබ දැනුවත් නම් ඒ ඔස්සේ ලිංගික කාර්යයේදී ඔබේ සහකාරිය පුදුමයට පත් කල හැකිය.පහත දක්වා තිබෙන්නේ භගමණිය සම්බන්ධව මූලික කරුණු කිහිපයකි.



භගමණිය යනු කුමක්ද?

මෙය කුඩා,අතිශය සංවේදී අවයවයකි.එය යෝනියේ ඉහළ කෙළවර අභ්‍යන්තර තොල් හමුවන ස්ථානයේ යෝනි මුඛයෙන් වටවී පිහිටා ඇත.මෙය සොයාගැනීම පහසුවන්නේ යෝනි මුඛය මෘදුව සහ ස්පෙන්ජ් ස්වභාවයෙන් යුක්තවන විටයි,එය දැඩිය.යම් ආකාරයකට එය පුරුෂයන්ගේ ශිශ්නය හා සමානය.ගැහැණිය ලිංගිකව උත්තේජනය වූ විට මෙය තුලට රුධිරය අධිකව ගලා ගොස් විශාල වෙයි.නමුත් ශිශ්නයක් තරම් නොවේ.බොහෝ කාන්තාවන්ට භගමණිය උත්තේජනය ඔස්සේ සුරතාන්තයට පත්වීමේ අත්දැකීම තිබේ.





එය අතිශය සංවේදීය

ශිශ්නයක තිබේ ‍යැයි කියන ස්නායු අන්ත ගණන වන්නේ 4000කි.නමුත් භගමණියක ස්නායු අන්ත 8000ක් පමණ තිබෙන බව සොයාගෙන තිබේ.එම ස්නායු අන්ත සම්බන්ධ වන්නේ ශ්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශයටයි.





භගමණියේ විවිධත්වය

භගමණිය පැමිණෙන්නේ එකිනෙකට වෙනස් හැඩයන් සහ ප්‍රමාණයන්ගෙන්ය.නමුත් සමහර විට එය අසාමාන්‍යය විශාලත්වයක් සහිතව පැමිණේ.සාමාන්‍යයෙන් භගමණියක් මි.මී4ක් දිගක් සහ මි.මී.3-4 පළලකින් යුක්ත වේ.එය ගැහැණියකගේ ජීවිත කාලය තුල වර්ධනය වේ.වයස අවුරුදු 30 වන විට එහි විශාලත්වය ගැහැණියක් මල්වර වන විට තිබූ ප්‍රමාණය මෙන් 4 ගුණයක් වන බව කියවේ.වැඩිමහල් කාන්තාවන් ප්‍රබල සුරතාන්තයකට හිමිකම් කියන්නේ මේ නිසාය.

අසාමාන්‍ය ලෙස වර්ධනය වූ භගමණියක්
නමුත් සමහර කාන්තාවන් Clitoromegaly (භගමණියේ අසාමාන්‍ය විශාලත්වයක් )නම් තත්ත්වයෙන් පෙළේ.වාර්තා වී තිබෙන දිගම භගමණිය අඟල් 8ක දිගකින් යුක්ත බව පැවසේ.සංවෘත්ති ස්ටෙරොයිඩ්(ටෙස්ටොස්ටෙරොන්)ලබා ගන්නා කාන්තා කායවර්ධන ශිල්පීන් සහ සමහර ක්‍රීඩිකාවන්ගේ භගමණිය මෙවැනි වර්ධනයක් දැකිය හැක.

අසාමාන්‍ය ලෙස වර්ධනය වූ භගමණි




එය ශිශ්නයට සමානය

ශිශ්නය සහ භගමණිය අතර සමානකම් තිබේ.සැබවින්ම ඒවා පෙනුමෙන් සමානය.ගැබ තුල සිටින භ්‍රෑණයේ ශිශ්නය හෝ යෝනිය නිර්මාණය වන්නේ 12 වන සතියෙන් පසුවයි.එසේ වුවද ඒවා ව්‍යුහයෙන් සමානය.භගමණියේ හිස ශිශ්නයේ පෙරසමට සමානය.එය සතුව හිසක් තිබේ.ලිංගික උත්තේජන හමුවේ උත්සර්ජනය විය හැකිය.

ශිශ්නය සහ භගමණිය




එය අයිස් කුට්ටියක කෙළවරක් වැනිය

භගමණියේ 1/4ක් පමණක් පිටතට පෙනේ.අනෙක් කොටස ශරීරය තුල පිහිටා ඇත.එහි කොටස් වන්නේ භගමණි ශීර්ෂය,වැස්ම,urethral sponge,vestibular bulbs,සෘජු බව ලබාදෙන පටකය,ග්‍රන්ථි,crura (clitoral legs) ආදියයි.ශීර්ෂය සහ වැස්ම පමණක් ශරීරයෙන් පිටත පිහිටා ඇත.

භගමණියේ පෙනුම




එය ලිංගික සතුට වෙනුවෙන් පමණක් වේ

ලිංගික ආස්වාදය උදෙසා වෙන්වූ අවයව ගණනාවක් අපි දනියි.නමුත් යනු එම කාර්ය උදෙසාම වෙන්වූ එකකි.ශිශ්නය සහ යෝනියේ අනෙකුත් කාර්යයන් වන්නේ මුත්‍රා සහ දරුවන් බිහිකිරීමයි.පියයුරු දරු උපතකින් පසුව මව්කිරි ලබාදීමට සැකසේ.නමුත් භගමණියට අමතර කාර්යයක් සඳහා නිර්මාණය වී නැත.




භගමණිය විශාලනයේ ශල්‍යකර්ම

ශිශ්න විශාලනය කිරීමේ ශල්‍යකර්ම මෙන්ම භගමණිය විශාල කිරීමටද ශල්‍යකර්ම දැන් සිදුකෙරේ.මේ ඔස්සේ ලිංගික ආශ්වාදය වැඩි කරගැනීම අරමුණ වේ. clitoral unhooding නම් ක්‍රියාවලිය ඔස්සේ  අතිරේක පටක ඉවත් කිරීම සිදු කෙරේ.එක්සත් ජනපදයේ ජනප්‍රිය ශල්‍යකර්මයක් වන්නේ ‘vagina rejuvenation'.එමගින් යෝනි මාර්ගයේ ඇතුලු සහ බාහිර මාංශ පේශීන් තද කිරීම සිදුකෙරේ.

vagina rejuvenation ශල්‍යකර්මයක් කිරීමට පෙර සහ පසු