Transgender Drama Movies - 43


Me, Myself and Mum යනු ප්‍රංශ සිනමා නිර්මාණයකි.2013 වසරේ තිරගත වීම ඇරඹූ මෙය අධ්‍යක්ෂණය කිරීම,තිරපිටපත නිර්මාණය කිරීම එහි ප්‍රධාන චරිතයකට පණපෙවූ Guillaume Gallienne විසින් සිදුකරන ලදි.Gallienne මෙම චිත්‍රපටයේ පිරිමි ළමයෙකුගෙ චරිතය නිරූපණය කරන අතර තමන්ගේම අන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සහ තම මව සමග තිබෙන බන්ධුතාවය දියුණු කරගැනීමට ඔහු උත්සාහ දරයි.2013 වසරේ මෙහි මංගල දර්ශනය Cannes  චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කල අතර එය 2014 වසරේදී César සම්මාන 10කට නිර්දේශ වී සම්මාන 5කට හිමිකම් කීවේය.


Me, Myself and Mum(2013) Movie Poster


අධ්‍යක්ෂණය:Guillaume Gallienne
නිෂ්පාදනය:Cyril Colbeau-Justin
Jean-Baptiste Dupont
Edouard Weil
තිරරචනය:Guillaume Gallienne
රංඟනය:Guillaume Gallienne
André Marcon
Françoise Fabian
Nanou Garcia
Diane Kruger
Reda Kateb
Götz Otto
Françoise Lépine
Brigitte Catillon
Carol Brenner
Charlie Anson 

කැමරාකරණය:Glynn Speeckaert
සංස්කරණය:Valérie Deseine
නිකුත් කල දිනය:20 November 2013 (France)
ධාවන කාලය:85 minutes
රට:France
භාෂාව:French
වියදම:යුරෝ මිලියන 7.9
ආදායම:යුරෝ මිලියන 24






කතා සාරාංශය

Gallienne යනු නිතර වෙනස් වන සුළු මනසකින් හෙබි ඉහළ මධ්‍යම පන්තියේ කාන්තාවකි.ඇයට දරුවන් තිදෙනෙක් සිටියි.ඉන් දෙදෙනෙක් ඇගේ පුත්‍රයන් ලෙස සලකන අතර අනෙකා Guillaume නම් වේ.නමුත් ඔහු තමන් පිරිමි ළමයෙක් ලෙස දකිනවාට වඩා ගැහැණු ළමයෙක් හෝ සමලිංගිකයෙක් ලෙස දකියි.ඔහුගේ හැසිරීම ගැන නොසතුටට පත් පියා ඔහුව බාලක පාසලකට යවයි.එහිදී ඔහු Jeremy නම් පිරිමි ළමයෙකුට ආකර්ෂණය වුවද Jeremy, ගැහැණු ළමයෙක් සමග ලිංගිකව හැසිරී තිබෙන බව හෙළිවීමත් සමග එම සම්බන්ධය අවසන් වේ.මනෝරෝග ප්‍රතිකාර මාලාවකින් පසුව තම අන්‍යතාවය සහ ලිංගිකත්වය හරි හැටි සොයාගැනීමට ඔහු ක්‍රමක්‍රමයෙන් උත්සාහ දරන්නේ වේදනාකාරී අත්දැකීම් වලට මුහුණදෙමින්ය.



Me, Myself and Mum -2013 චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය




සම්පුර්ණ චිත්‍රපටය නරඹන්න මෙතනින් යන්න