කාලයකට පසුව ශ්‍රී ලංකාවේ හරස්විලාසිනියක් සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවක් ඔබට වෙත සමීප කරන්නට අවස්ථාවක් උදාවිය.මෙවර අප සමග එක්වූයේ හංසි විලාසිනී නම් හරස්විලාසිනියයි.මේ ඉදිරිපත් කරන්නේ අසභ්‍ය අඩවිය ඔස්සේ කලක සිට හරස්විලාසිනියන් සම්බන්ධ කරගෙන සිදුකරන සම්මුඛ සාකච්ඡා පෙළේ තුන්වන දිග හැරුමයි.
1.ඔබ ගැන කෙටියෙන් සඳහන් කලොත්?
මගේ නම හංසි විලාසිනී.දැනට වයස අවුරුදු 23යි.මම හරස්විලාසිනියක්.
2.ඔබ ස්ත්‍රී ලිංග නාමයක් භාවිතා කරන්නට තීරණය කලේ ඇයි?
කාන්තාවක් ලෙසින් සැරසී සිටියදී මගේ මනසේ ඇඳෙන්නේ මම ස්ත්‍රියක් කියා.ඒ හැඟීම් සමග මට ගැළපෙන්නේ ස්ත්‍රී ලිංග නාමයක්.හරස්විලාසිනියක් ස්ත්‍රී ලිංග නාමයක් භාවිතා කිරීමේ වරද ඇතැයි මා සිතන්නේ නැත.
3.හරස්විලාසිතාකරණයට පිවිසුනේ කවදාද? එවිට ඔබේ වයස කීයද?
මට කාන්තාවන්ගේ ඇඳුම් ගැන හැඟීමක් ඇතිවුනේ මගේ ළමා කාලයේදී.නමුත් වයස අවුරුදු 15 වන තෙක් ඒ ඇඳුම් ඇඳ බැලීමට මා උත්සාහ නොකලෙමි.වයස අවුරුදු 15 දී පමණ මම පළමුවරට කාන්තාවකගේ යට ඇඳුම්(panty) ඇන්දෙමි.
4.ඔබ හරස්විලාසිතා කරන්නට පෙළඹෙන්නේ ඇයි?
මගේ ළමා කාලයේ පටන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ගැන හැඟීම් මගේ සිතේ පහළ විය.නමුත් මම ඒ ඇඳුම් ඇඳ බැලීමට තීරණය කලේ වයස අවුරුදු 15 දී පමණය.පළමුවරට ඇන්දේ කාන්තා යට ඇඳුමකි.නමුත් ඒ හරස්විලාසිනියක් ලෙස නොව මගේ ලිංගික හැඟීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.ඉන්පසුව යට සාය,ගවුම් ආදී ඇඳුම් ඇදීමට යොමුවිය.මුල් කාලයේදී ඇන්දේ කිසිවෙක් පාවිච්චි නොකල ඇඳුම් ඇඳීමට පුරුදුව සිටියෙමි.සම්පුර්ණයෙන්ම ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳීමට(fully dressed) යොමුවූයේ රූපවාහිනී වැඩසටහන්,පුවත්පත් සඟරා ආදීයේ කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා ආදිය දැකීමෙන් පසුවයි.දැන් මගේ වයස අවුරුදු 23කි.අවබෝධයෙන් යුතුව හරස්විලාසිතාකරණයට යොමුවූයේ මට වයස අවුරුදු 21දීය.
5.ඔබ හරස්විලාසිතා කරද්දී කිසිවෙක්ව අනුකරණය කරන්නේද?
මම විශේෂිත පුද්ගලයෙක් අනුකරණය කරන්නේ නැත.මගේ කැමැත්තට අනුව ගැලපෙන ඇඳුම් විලාසිතා කරමි.
6.හරස්විලාසිතා කරමින් සිටියදී පවුලේ අයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට හසුවී තිබේද?
7.ඔබගේ ලිංගික දිශානතිය කුමක්ද
මම ද්වීලිංගික පුද්ගලයෙක්.ද්වීලිංගික වුවද මා ස්ත්‍රීන් සහ හරස්විලාසිතා කරන පිරිමි කෙරෙහි පමණක් ලිංගිකව ආකර්ෂණය වේ. හරස්විලාසිතා කරන මුල් කාලයේදී මම ඉතරලිංගිකයෙක් වීමි.නමුත් එක් දිනකදී ඒ සියල්ල වෙනස් විය.දිනක් සංගීත සංදර්ශනයකදී හරස්විලාසිනියක් මගේ ශිශ්නය චූෂණය කලේය.පසුදිනක මා ඔහු සමග ලිංගිකව හැසිරුණෙමි.එය මගේ ජීවිතයේ පළමු සමලිංගික අත්දැකීමයි.එදින පටන් මා ස්ත්‍රීන් කෙරෙහි මෙන්ම හරස්විලාසිනියෝ කෙරෙහිද ලිංගිකව ආකර්ෂණය වේ.නමුත් සමලිංගික සේවනයේ යෙදෙන්නේ කලාතුරකිනි.
8.ඔබ අවිවාහකද විවාහකද ?නැත්නම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටියිද?ඔබේ සහකරුවා /සහකාරිය කවර ගති පැවතුම් ඇත්තෙක් වියයුතුද?
මා අවිවාහකයෙක්.නමුත් මට පෙම්වතියක් සිටිනවා.මම කැමතියි මටම කියලා හරස්විලාසිතා කරන මිතුරියක්/මිතුරෙක් සිටිනවා නම්.මගේ හරස්විලාසිතා ජීවිතය විවාහයෙන් පසුව දිගටම කරගෙන යන්නේද යන්න තීරණය වන්නේ මට ලැබෙන ජීවන සහකාරියගේ ස්වභාවය මතයි.මගේ හැඟීම් තේරුම් ගත හැකි බිරිඳක් ලැබුණ හොත් මම දිගටම හරස්විලාසිතා කරාවි.ගතානුගතික සිතන පතන අයෙක් ලැබුණ හොත් හරස්විලාසිතා ගැන අවසන් තීරණයක් ගන්නට මට සිදුවේවි.විවාහයෙන් පසුව නම් මගේ ලිංගික ජීවිතයට සීමා පණවා ගැනීම අනිවාර්යයෙන්ම වේවි.
9.පවුලේ සාමාජිකයින් ඔබේ හරස්විලාසිතා ජීවිතය ගැන දන්නේද?
10.හරස්විලාසිතා කර ඔබ වාසස්ථානයෙන් පිටතට ගොස් තිබේද?
නැත.නමුත් අවස්ථාවක් ලැබුණහොත් එවැනි අත්දැකීමක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිමි.
11.හරස්විලාසිතා සඳහා ඔබේ දෛනික ජීවිතයෙන් කොපමණ කාලයක් වෙන් කරන්නේද?
මම හරස්විලාසිතා කරන්නේ රහසිගතවයි.නිවසේ කිසිවෙක් නැති නිදහස් අවස්ථාවන් ඒ සඳහා යොදාගනිමි.
12.හරස්විලාසිතා කිරීම එපා වුනු අවස්ථාවක් උදා වී තිබේද?
නැහැ.තවම එවැනි හැඟීමක් ඇතිවී නොමැත.
13.හරස්විලාසිතා සඳහා ඔබ භාවිතා කරන ඇඳුම් සහ පැළඳුම් ගැන සඳහන් කලොත්?
ව්‍යාජ පියයුරු වැනි දෑ පාවිච්චි කර නොමැත.නමුත් wig එසේත් නැත්නම් ව්‍යාජ කොණ්ඩයක් භාවිතා කර ඇත්තෙමි.තවද නිය ආලේපන සහ අනෙකුත් රූපලාවන්‍ය කටයුතු සඳහා යොමුවීමක් සිදුකරමි.ඇඳුම් සම්බන්ධව කතා කල හොත් මගේම කියා ඇඳුම් මිලදී ගෙන පාවිච්චි කර තිබේ.නමුත් ඒවා ළඟ තබා ගන්නේ නැත.ඊට හේතුව ඒවා මගේ රහසිගත හරස්විලාසිතා ජීවිතය හෙළිකිරීමට සාක්ෂියක් විය හැකි නිසාය.ඊට අමතරව නිවස ආසන්නයේ සිටින ඥාතී කාන්තාවකගේ(නැන්දා) ඇඳුම් ඇඳීමට මා හුරුව සිටිමි.මගේ ප්‍රියතම ඇඳුම් අතර සාරිය,කොට සාය,ගවුම්,ඇඟට හිරවන ගවුම් ආදිය ප්‍රධාන වේ.කොටට වගේම දිගට අදින්නත් මම කැමතියි.
14.ඔබ වඩාත් ප්‍රියකරන කාන්තා හෝ CD/TG නිරූපිකාවක් සිටින්නේ නම් සඳහන් කරන්න.
විශේෂිත අයෙක් නොමැත.සමාජ ජාලවල පමණයි මෙරට වැඩිපුරම හරස්විලාසිනියන් පෙනී සිටින්නේ.නමුත් ඉන් බොහෝදෙනා වංචාකාරයන්ය.සමහරුන්ට ඔවුන්ගේම කියා හරස්විලාසිතා ඡායාරූපවත් නොමැති බව පැහැදිලිය.නමුත් දැන් මතකයට නො එන හරස්විලාසිනියන් කිහිපදෙනෙක් සමාජ ජාලවල සිටියි.ඔවුන්ගේ විලාසිතා අධ්‍යයනය කර ඒවායි මගේ හරස්විලාසිතා ජීවිතයට යම් යම් දේ උකහා ගනිමි.
15.ඔබ රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව දක්වන උනන්දුව කවරේද?
ඇත්තෙන්ම මට රූපලාවන්‍ය සම්බන්ධව විශේෂිත දැනුමක් නැත.නමුත් ස්වයංඅධ්‍යයනයෙන් ලබා ගත් දැනුම මා ගැළපෙන අයුරින් යොදාගන්නෙමි.
16.හරස්විලාසිනියක් යනු කවුද ඔබගේ වචන වලින් විස්තර කරන්නේ නම්?
මගේ අදහස නම් හරස්විලාසිනියක් කියන්නේ විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරන අයෙක්.හරස්විලාසිනියකගේ ලිංගික ආකර්ෂණය ඉතරලිංගික,සමලිංගික හෝ ද්විලිංගික විය හැකිය.ඒ අතර සමහර හරස්විලාසිනියන් සංක්‍රාන්ති ලිංගික තත්ත්වයට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවෙන්නත් පුලුවනි.
17.හරස්විලාසිනියක් ලෙස මෙතෙක් ආ ගමන් මගේදී ඔබ මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් මොනවාද?
මුලදි මට හරස්විලාසිතා කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් තිබුණේ නෑ.අවුරුදු දෙකකට පමණ උඩදී තමයි මම හරි ආකාරයෙන් හරස්විලාසිතා කිරීමට යොමුවුනේ.ඒ කියන්නේ ඇඳුම් ඇදීමට වගේම රූපලාවන්‍ය පැත්ත ගැනත් අවධානය යොමුකලේ මේ මෑත කාලයේදී.අමතක නොව අත්දැකීම් කිහිපයක්ම තියෙනවා.එකක් තමයි මම මුලින්ම සාරියක් ඇඳපු දවස.ඒක මට අළුත්ම අත්දැකීමක් වුනා.මීට පෙර සඳහන් කල සංගීත සංදර්ශනයේදී මට හමුවූ හරස්විලාසිනියක් සමග මම එකට හරස්විලාසිතා කලා.ඒ අවස්ථාවත් මට මගේ හරස්විලාසිතා ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.
18.හරස්විලාසිනියක් වීම ඔබේ ජීවිතයට සිදුකල බලපෑම කවරේද?
හරස්විලාසිතා කිරීමට යොමුවීමත් සමග තමයි මම ඉතරලිංගිකත්වයෙන් ද්විලිංගිකත්වයට පත්වුනේ.
19.හරස්විලාසිනියෝ සම්බන්ධ ශ්‍රී ලාංකීය සමාජය දරන මතය සම්බන්ධව ඔබේ අදහස?(* හරස්විලාසිනියෝ යනු සමාජයට පිලිලයකි.ඔවුන් නපුංසකයන්ය.හරස්විලාසිතා යනු මානසික රෝගයකි ආදි වශයෙන් සමාජය තුල මුල් බැසගෙන තිබෙන මතයන් ගැන)
නපුංසක යන වචනය පාවිච්චි කරන්නේ වෙනත් පිරිසකටයි.ඔවුන් ජීවවිද්‍යාත්මකව වර්ණදේහ විකෘතිකයන්ය.තවද ඔවුන් ප්‍රජනන කාර්යය අතින් වඳ පුද්ගලයන් වේ.හරස්විලාසිනියකට යම් අයෙක් නපුංසකයන් කියන්නේ නම් එය ඔහුගේ දැනුම සහ බුද්ධි මට්ටම සම්බන්ධව තිබෙන ගැටලුවක් මිස අපේ ප්‍රශ්නයක් නොවේ.කාන්තාවන්ගේ ඇඳුම් සොරකම් කරන සමාජයට කරදරයක් වූ යම් පිරිමින් පිරිසක් සිටින බව ඇත්ත.නමුත් මගේ අදහස ඔවුන් නියම හරස්විලාසිනියක් නොවන බවයි.සුළු පිරිසකගේ නොහොබිනා ක්‍රියා නිසා හරස්විලාසිනියන්ගේ ප්‍රජාව කෙරෙහි සමාජය බලන්නේ පිළිකුල් ඇසකිනි.තම සාමාන්‍ය ජීවිතය සහ හරස්විලාසිතා ජිවිතය සමබරව රැගෙන යන පිරිමින් නැත්තේමද නොවේ
20.මෙරට හරස්විලාසිනියන්ගේ ප්‍රජාවට ඔබට දීමට තිබෙන යම් පණිවුඩයක් තිබේ නම්?
මුලින්ම කියන්න ඕනේ කියන දේ නිවැරදිව තේරුම් අරන් කරන්න.කාන්තාවකගේ ඇඳුම් ඇන්දා කියා ඔබ කාන්තාවක් වන්නේ නැහැ වගේම හරස්විලාසිනියක් වෙන්නෙත් නෑ.ඒ හැඟීම එන්නේ ඕනේ ඔබේ සිතෙන්.හරස්විලාසිතා සමග ලිංගික ජීවිතය පටලා ගන්න එපා. හරස්විලාසිනියක් සහ සංක්‍රාන්තිලිංගිකයෙක් මේ වචන දෙකේ ලොකු වෙනසක් තිබෙනවා.ඔබ අප අයත්වන්නේ(හරස්විලාසිතා කරන අය ගැන කියන්නේ)හරස්විලාසිනියක් කියන ප්‍රවර්ගයට.හැකිතරම් පිරිසිදුව සිටින්න.ඔබේ හැඟීම් සංතෘප්ත කිරීමට කියා කාන්තාවන්ගේ ඇඳුම් සොරාගන්න එපා,තමන් හැකි ප්‍රමාණයෙන් පමණක් හරස්විලාසිතා කරන්න.
මෙම සම්මුඛ සාකච්ඡාව වෙනුවෙන් සිය වටිනා කාලය කැපකරමින් මෙම ලිපිය නිර්මාණය කල යුතු ආකාරය සම්බන්ධව පෞද්ගලිකවම මැදිහත්වී අදහස් සහ යෝජනා ලබා දුන් හංසී විලාසිනී හට අසභ්‍ය අඩවිය වෙනුවෙන් අපගේ ස්තුතිය!
හංසිගේ තවත් ඡායාරූප නරඹන්න හෝ ඇයව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.
Facebook:හංසි විලාසිනිි සි.ඩී
0 Comments