ශ්‍රී ලංකාවේ Male-Crossdressers - Shoba Yuwani


අසභ්‍ය අඩවියේ පළවූ "ශ්‍රී ලංකාවේ Male Crossdresser දෙදෙනෙක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා දෙක දැකීමෙන් පසුව මෙරට සිටින තවත් Male Crossdresser දෙදෙනෙක් ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය.ඒ ඔවුන්ට තම අදහස් ප්‍රකාශ කරන්නට ඉඩක් සලසා දෙන මෙන්ය.ඒ අනුව පසුගියදා ඉන් එක් Crossdresser කෙනෙක්(හංසි විලාසිනී) සම්බන්ධව ලිපියක් මෙම බ්ලොග් අඩවියේ පළකරන්නට යෙදිණි.අද ඉදිරිපත් කරන්නේ මෙරට Crossdresser කෙනෙක් සමග පැවැත්වූ සිව්වන සම්මුඛ සාකච්ඡාවයි.ඇය නමින් ශෝභා යුවනිය.







1.ඔබ සම්බන්ධව කෙටියෙන් හඳුන්වාදීමක් කල හොත්?

මම ශෝභා යුවනි (Shoba Yuwani).මගේ වයස අවුරුදු 24කි.දැනට කොළඹ නගරයේ පදිංචිව සිටිමි.






2.ඔබ ස්ත්‍රී ලිංග නාමයක් භාවිතා කරන්නට තීරණය කලේ ඇයි?

මට මාව දැනෙන්නෙ ගෑනු ළමයෙක් වගේ.ඉතිං මගේ නම ගෑනු ළමයෙකුගෙ වගේ වෙන එක, වෙන කෙනෙක් ස්ත්‍රී නමකින් මට කතා කරනකොට මං ඇතුළෙ ඉන්න කාන්තාව අවදි වෙනවා.ඒ වගේම මට ඕන අනන්‍යතාව හුඟක්ම තීරණය වෙන්නෙ මගෙ නම මතයි.මේ හේතු නිසයි මං කාන්තා නමක් තෝරාගත්තෙ.






3.ඔබ තමුන්ව හඳුන්වා ගන්නේ කෙසේද? crossdresser හෝ transgender?

මං crossdresser කෙනෙක්. නමුත් මං ආසයි transgender කෙනෙක් වෙන්න.මගේ හීනය තමයි ඒක.ඒත් ඒ තත්ත්වයට එන්න සිද්ධි වෙන කැපවීම කරන්න තරම් මං තාම සූදානම් නෑ.අනික මට ගැළපෙන සහකරුවෙක් තවම ලැබිලත් නෑ.ඒ නිසා ඒ පෙර සූදානම ඇතිවුණාම අනිවාර්යයෙන්ම මං transgender කෙනෙක් වෙනවා.






4.crossdressing ඇරඹුවේ කවදාද? එවිට ඔබේ වයස කීයද?

මට මතක විදියට අවුරුදු 12 දි.මං මුලින්ම ඇන්දෙ මගෙ අම්මගෙ ඇඳුම්.විශේෂයෙන් අම්මට හොරෙන් එයාගෙ යට ඇඳුම් ඇඳගෙන ඉන්න මං පුරුදු වුණා.සමහර අවස්ථාවල ඒවා ඇඳගෙන ඉස්කෝලෙ ගිය දවසුත් තිබුණා.






5.ඔබ crossdressing කිරීමට යොමුවූයේ ඇයි?

ඒක එහෙම වුණ නිශ්චිත හේතුවක් මට මතක නෑ.නමුත් පොඩි කාලෙ ඉඳන් මං කෙල්ලෙක් වෙන්න ආසයි. ඒ නිසයි මං මේකට යොමුවුණේ.මුලින්ම මං හිතුවෙ මෙහෙම හිතෙන්නෙ මට විතරයි කියලා.නමුත් ලොකු වෙනකොට තමයි දැනගත්තෙ මේක සාමාන්‍ය තත්ත්වයක් බව.ඇත්තටම මට හිතෙනවා අපරාදෙ මං කොල්ලෙක් වුණේ කියලා.මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න පුළුවන් නම් මං කෙල්ලෙක් බව..ඒත් අවාසනාවට මේ සමාජය අපිව කෙල්ලො විදියට පිළිගන්න සූදානම් නැහැ.






6.ඔබ crossdressing කරද්දී කිසිවෙක්ව අනුකරණය කරන්නේද?

නැහැ.මං එහෙම කිසි කෙනෙක් අනුකරණය හෝ අනුගමනය කරන්නෙ නෑ.මටම කියල අනන්‍ය විදියකට මං ජීවත් වෙන්නෙ.අනික එහෙම කරන්න තරම් ගැඹූරට මං මේ ගැන හදාරලා නෑ.ඒකට මට සම්පත් ලැබිල නෑ සහ ඒවා ඉගෙනගන්න පුළුවන් තරමේ දැනුමක් තියෙන කෙනෙක් මුණගැහිලා නෑ.ඉතිං ඒ නිසා මගේම ක්‍රමයකට මං ඒක කරනවා.විශේෂයෙන් මතක් කරන්න ඕන යට ඇඳුම් (පෑන්ට්) නම් කාන්තා ඒවා විතරමයි මං අඳින්නෙ.මං ගාව පිරිමි යට ඇඳුම් එකම එකයි තියෙන්නෙ.ඒක අඳින්නෙ ගමේ යනකොට විතරයි.






7.crossdressing කරමින් සිටියදී පවුලේ අයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට හසුවී තිබේද?

අපොයි ඔව්.මුලින්ම අම්මට.එතකොට මට වයස 13 ක් විතර ඇති.එදා නම් බැනුම් ඇහුවා විතරයි.වරක් අපේ තාත්තට අහුවෙලා ගුටිත් කෑවා.අන්තිමට අහුවුණේ අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුට.එදා මං එයා අතින් දූෂණය වුණා.ඒක තමයි මගෙ පළමු ලිංගික අත්දැකීමත්.ඒ ගැන කියනවා නම් එතකොට මං 10 වසරේ සුදු කලිසම අඳින කාලෙ.මං ඇඳගෙන හිටියෙ අපේ අක්ක කෙනෙකුගෙන් හොරෙන් ගත්තු රතුම රතු පාට පෑන්ටියක්.කලිසම සුදු නිසා ඒක කලිසම අස්සෙන් රතු පාටට පෙනිලා.සර් මාව ක්‍රීඩා කාමරයට එක්කන් ගියා (එයා ක්‍රීඩාවක් භාර සර් කෙනෙක්) ගෙනිහින් ඇහුවා "මොකක්ද ඇඳන් ඉන්නෙ" කියලා. එයා කිව්වා මං දන්නවා ඔක්කොම බොරු නැතිව කියන්න කියලා.මට බයටම කියවුණා.අන්තිමට මට කලිසම ගලවලා පෙන්නන්න වුණා.ඊටපස්සෙ සිද්ධ වුන දේවල් කියන්න ඕන නෑනේ.එදා මගෙ කුමරි බඹසර බිඳුණා.එතන ඉඳන් 13 වසරේ උසස් පෙළ ලියල පාසලෙන් ඉවත්වන තෙක් එයාගෙ අනියම් බිරිඳ වුණේ මම.ඒත් අපරාදෙ කියන්න බෑ එයා මට ලොකු ලොකු දේවල් නම් මුකුත් කළේ නෑ.ඒ කියන්නෙ බරපතළ අපයෝජන කළේ නෑ.






8.ඔබේ ලිංගිකතාවය (sexuality)කුමක්ද?

මම Bisex පුද්ගලයෙක්.නමුත් සමලිංගික(Gay) පැත්තට ගොඩක් නැඹූරුයි.ඒක හරියට 75% ක් Gay 25% ක් Bisex වගේ.හැබැයි තාම ගෑනු කෙනෙක් එක්ක ලිංගිකව එක්වී තිබෙන්නේ එක්වරක් පමණයි.ඒක හරි අමුතු අත්දැකීමක්.






9.ඔබ අවිවාහකද විවාහකද ?නැත්නම් පෙම්වතෙක් හෝ පෙම්වතියක් සිටියිද?ඔබේ සහකරුවා /සහකාරිය කවර ගති පැවතුම් ඇත්තෙක් වියයුතුද?

අවිවාහකයි. පෙම්වතෙක් නැති තනිකඩ කෙල්ලෙක්.අනිවාර්යයෙන්ම මගේ සහකරුවා පිරිමියෙකු වියයුතුයි. මට ආදරේ,මං ගැන හොයන්න පුළුවන්,මගේ උවමනා එපාකම් හොයාබලන කෙනෙක් වෙන්න ඕන. විශේෂයෙන් මගේ අනන්‍යතාව ගැන ගැටලුවත් නැති,ඒක තේරුම් ගත්තු කෙනෙක් වෙන්න ඕන.එයාට වයස, කුලය හෝ වෙන දෙයක් අදාළ නෑ.වයස අවුරුදු 18 ක් වුණත්,75 ක් වුණත් ඒක මට ගැටලුවක් නෙවෙයි.ඒ වගේමයි එයා නියම පිරිමි ගති තියෙන කෙනෙක් වෙන්න ඕන.






10.පවුලේ සාමාජිකයින් ඔබේ crossdressing ජීවිතය ගැන දන්නේද? 

ඇත්තටම ඒ අය අබමල් රේණුවක දෙයක් දන්නෙ නෑ මේ ගැන.එයාලට මේවා තේරුම් ගන්න අමාරුයි.මං කොළඹ බෝඩිම් ජීවිතයක් ගෙවන නිසා පුළු පුළුවන් විදියට මේක කරගෙන ඉන්නවා.නැතිව ගමේ ගියාම හරි අමාරුයි.එහෙ ගිහින් කොල්ලෙක් වෙලා ඉන්නවා කියන එක මරණවා වගේ වැඩක්.






11.crossdressing කර ඔබ වාසස්ථානයෙන් පිටතට ගොස් තිබේද? 

එකම එක දවසක් පාටියකට ගියා.එදා නම් දැනුනේ පුදුම නිදහස් හැඟීමක්.මුළු ලෝකෙම දිනුවා වගේ හැඟීමක් ඇති වුණේ.ඒත් ඉන්පස්සෙ එහෙම අවස්ථාවක් ලැබුණෙ නෑ.ආසයි හැමදාම එහෙම ඉන්න.ඒත් තාම ඒකට ඉඩක් නෑ වගේම මං සූදානම් නෑ.






12.crossdressing සඳහා ඔබේ දෛනික ජීවිතයෙන් කොපමණ කාලයක් වෙන් කරන්නේද?

එහෙම විශේෂ වෙලාවක් නෑ.මට ඉඩ ලැබුණම හොරෙන් තමයි crossdressing කරන්නෙ.ඒකටම කිය වෙනම වෙලාවක් නෑ.බොහෝ වෙලාවට සති අන්තවල crossdressing කරනවා.






13.crossdressing කිරීම එපා වුනු අවස්ථාවක් උදා වී තිබේද?

ඔව්.එක්තරා අවස්ථාවක මගේ crossdressing වර්ණනා කරලා,මාව රවට්ටලා අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරපු කෙනෙක් නිසා මේක එපා වුණා.ඒත් මට මේක අතාරින්න බැරි මේක දැන් මගේ ජීවිතේ කොටසක් නිසා.ඒ නිසා කවදාවත් මං මේක අතාරින්නෙත් නෑ.






14.crossdressing සඳහා ඔබ භාවිතා කරන ඇඳුම් සහ පැළඳුම් ගැන සඳහන් කලොත්?

මූලිකව මේකප් කරන දේවල්, බොරු කොණ්ඩා, කාන්තා පාවහන් ආදිය නිතර භාවිත කරනවා. Bra Cup භාවිතා කරනවා.ව්‍යාජ පියයුරු සහ ව්‍යාජ යෝනියක් භාවිතා කරන්න ආසාව තිබුණත් මුදල් නැති නිසා ඒ ආසාව හිතේ හිර කරගෙන ඉන්නවා.






15.ඔබ වඩාත් ප්‍රියකරන කාන්තා හෝ CD/TGනිරූපිකාවක් සිටින්නේ නම් සඳහන් කරන්න.

එහෙම නම් වශයෙන් කියන්න මතක නෑ.කිහිප දෙනෙක් ඉන්නවා. Ashemaletube වෙබ් අඩවියේ ඉන්න අය කීප දෙනෙකුට මං කැමති.






16.ඔබ රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව දක්වන උනන්දුව කවරේද?

අනිවාර්යයෙන්ම ඒක වඩා වැදගත්.මං නිරන්තරයෙන් මුළු ඇඟම Shave  කරනවා.ඊට අමතරව crossdressing කරන වෙලාවට මේකප්, ඇඳුම් පිළිවෙළට ඇඳීම, කොණ්ඩය ගැන සැලකිලිමත් වෙනවා.ඊට අමතරව කාන්තාවන්ට විශේෂිත ක්‍රීම් වර්ග සහ සුවඳ විලවුන් භාවිත කරනවා.






17.crossdresser කෙනෙක් යනු කවුද ඔබගේ වචන වලින් විස්තර කරන්නේ නම්?

මං හිතන විදියට නම් ගෑනු ඇඳුම් ඇතුළෙ හිරවුණු පිරිමියෙක්.මං ආස එතනින් එහාට ගිහින් පිරිමි ශරීරයක් ඇතුළෙ හිරවුණු ගෑනියෙක් විදියට crossdresser කෙනෙක් හඳුන්වලා දෙන්න.






18.crossdresser කෙනෙක් ලෙස මෙතෙක් ආ ගමන් මගේදී ඔබ මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් මොනවාද?

මගේ පළමු ලිංගික අත්දැකීම තමයි අමතක කරන්න බැරි සිදුවීම.ඒක වෙලාවකට සතුටත්, වෙලාවකට දුක මුසු කලකිරීමකුත් ඇති කරනවා ඊළඟට crossdresser කෙනෙක් විදියට එළියට ගියපු දවස.






18.crossdresser කෙනෙක් වීම ඔබේ ජීවිතයට සිදුකල බලපෑම කවරේද?

ඇත්තටම ඒක මට මානසික සහනයක්.මං ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවට crossdressing කළාම ඒ ප්‍රශ්න අමතක වෙලා පුදුම සනීපයක් දැනෙනවා.වෙන ලෝකෙකට ආවා වගේ දැනෙනනා.පුදුම සැහැල්ලුවක් ඒක.අනික තමයි දැන් මට අධීෂ්ඨානයක් තියෙනවා කවදහරි දවසක ගෑනියෙක් විදියට ජීවත් වෙන්න.පිරිමියෙක් කසාද බැඳලා සාර්ථක කාන්තාවක් විදියට පවුල් ජීවිතය ගත කරන්න.නරක ප්‍රතිඵල විදියට නම් කියන්න තියෙන්නෙ සමාජය තුළ පිළිගැනීමක් නැති එක තමයි.ඒක හරි දුකක්.ලිංගික ජීවිතය ගැන ගත්තොත් මට ලොකු ලිංගික අත්දැකීමක් නෑ.ඉස්කෝලෙ කාලෙ සර් කෙනක් එක්ක තිබුණු සම්බන්ධය (සම්බන්ධයක් කිව්වට එයා මාව පාවිච්චි කලා විතරයි) හැරෙන්න වෙන ලොකු සම්බන්ධකම් තිබිල නෑ.තාමත් මං කන්‍යාවක්.






19.crossdressers සම්බන්ධ ශ්‍රී ලාංකීය සමාජය දරන මතය සම්බන්ධව ඔබේ අදහස?

''crossdressers යනු සමාජයට පිලිලයකි.ඔවුන් නපුංසකයන්ය.crossdressing යනු මානසික රෝගයකි ආදි වශයෙන් සමාජය තුල මුල් බැසගෙන තිබෙන මතයන් ගැන ඔබේ අදහස"

අපොයි ඒක නම් හරිම දුක් සහගතයි.පිරිමි එයාලගෙ සෙල්ලම් බඩු,සෙක්ස් ටෝයිස් විදියටයි අපි ගැන හිතාගෙන ඉන්නෙ.මනුස්සකමට 'Hi' කිව්වම එයාලා සෙක්ස් කරන්න කතා කරනවා.ඒ වගේමයි 'පොන්නයා' කියන පොදු වචනෙන් අපි හැමෝටම කතා කරන්නෙ.එයාලට හරිහමන් අවබෝධයක් නෑ මේ ගැන.ඒ වගේමයි මේක ලෙඩක්, විකෘතියක් විදයට අර්ථ දක්වන එක.මේ වෙලාවෙ මං පවා පෞද්ගලිකව මුහුණදීලා ඉන්න අර්බුදය මේක.මේ ගැන ගෙදරට කිව්වොත් එක්කො දොස්තර කෙනෙක් ළඟට එක්කන් යනවා, නැත්නම් ගෙදරින් එළවනවා.මගේ අදහස නම් සමාජය මීට වඩා යාවත්කාලීන වෙන්න ඕනේ.අපට හිමි තැන අපට ලැබෙන්න ඕන.






20.මෙරට crossdressers ප්‍රජාවට ඔබට දීමට තිබෙන යම් පණිවුඩයක් තිබේ නම්?

මට කියන්න තියෙන දේ තමයි,තමන් ඇතුළෙ ඉන්න කාන්තාවට අවදි වෙන්න ඉඩ දෙන්න. එයා කැමති දේ කරන්න. එළියෙ ඉන්න පිරිමයව පරද්දලා ඇතුළෙ ඉන්න කාන්තාව එළියට ගන්න.මං මේ දවස්වල කරන්නෙ ඒක.ලබන අවුරුදු දෙක ඇතුළත මං සම්පූර්ණයෙන් කෙල්ලෙක් වෙලා ඉඳීවි.ඔයාලත් ඔයාලගේ සිහිනයට යන්න.අමතක කරන්න එපා.කිසිම පිරිමියෙක් ඕනවට වඩා විශ්වාස කරන්න එපා.හොඳ අවබෝධයෙන්, සිහිබුද්ධියෙන් එයාලව ඇසුරු කරන්න.






මෙම ලිපිය මෙතරම් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට සිය ලිවීමේ හැකියාවෙන් ශෝභා යුවනි ලබාදුන් සහාය බෙහෙවින් අගය කරමු.එසේම මේ සඳහා සිය කාලය කැප කල ඇයට අසභ්‍ය අඩවිය වෙනුවෙන් ස්තුතිවන්න වෙමු.